සරසවි සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙලා දකිමු – වෛද්‍ය නිළධාරීන් ගේ සංගමය

Protest.jpg

මෛත‍්‍රී රනිල් ආණ්ඩුව සරසවි සිසුන්ට එල්ල කළ තිරිසන් ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙලා දකිමු.

මාලඹේ සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය අහෝසි කරන ලෙසට බල කරමින් මාර්තු 13 දින කොළඹදී සරසවි සිසුන් විසින් පැවැත් වූ පා ගමනට රනිල් මෛත‍්‍රී ආණ්ඩුව එල්ල කළ ප‍්‍රහාරය සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන් ගේ සංගමය දැඩි පිළිකුළෙන් හෙලා දකී.

සයිටම් ගැටලූවට නිසි විසදුම් නොදී මීට පෙර අවස්ථා ගණනාවකදී මෙලෙසම ශිෂ්‍යන්ට පහරදී ඔලූ පලා අත්තඩංගුවට ගත් ආණ්ඩුව නැවත නැවතත් පෙන්වන්නේ යහ පාලනයේ සැබෑ නිරුවත මිස අන් යමක් නොවේ.වෙඩි තැබීමේ රංගනයන් ඉදිරිපත් කළ සමීර සේනාරත්න ඇතුලූ පිරිස අත්තඩංගුවට නොගන්නා ආණ්ඩුව සරසවි ශිෂ්‍යයන් පසු පස එලවා අත්තඩංගුවට ගැනීමෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ නීතිය යනු වර්තමාන පාලකයන්ගේ අවශ්‍යතාවය මත ඉටු වන්නක් බවයි.

ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය රැුක ගැනීමටත් වැඩි දියුණු කිරීමටත් උපරිම ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක වැඩ කරන ජනතාවගේ සටන්කාමී බලය හා ජවය ඒ සම`ග මුසු කළ යුතු අවස්ථාව පැමිණ ඇති බව අපි අවධාරණය කර සිටිමු.

– වෛද්‍ය ජයන්ත බණ්ඩාර – ප‍්‍රධාන ලේකම්, සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

scroll to top