සයිබර් අපරාධ පිළිබඳව ව්‍යාපාරිකයන් දැනගතයුතු දෑ

hacking.jpg

(මහේෂ් තුෂාර විසිනි)

සයිබර් අපරාධ වලින් ඇතිවන බලපෑම දිනෙන් දිනම වැඩිවෙමින් පවතිනවා. Washinton Post වාර්ථාවකට අනුව, වාර්ශිකව ඩොලර් බිලියන 445ක් සයිබර් අපරාධ හා ඔත්තු බැලීම නිසා පාඩු ලබනවා. මේ මුදල් සමාගම් වලින් පමණක්ම නොව, මූල්‍ය ආයතන, විශාල වියාපාර සහ ඊ වානිජ වේදිකාවන් වලින් සොරාගන්නා ඒවායි. සාමාන්‍ය ජනතාවගෙන් සොරාගන්නා ඒවාද මෙයට ඇතුලත් වෙනවා.

සයිබර් අපරාධ යනු මොනවාද?
ඕනෑම ස්ථානයක සයිබර් ආරක්ෂාවට හානි වන දෙයක් සයිබර් අපරාධයක් වේ. මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ පරිගණකයක් සහ ජාලයක් එක්වූ විටයි. මේවැනි අවස්ථාවක පරිගණකයක් එම ක්‍රියාවලිය සඳහා යොදාගැනීම හෝ එහි ඉලක්කය බවට පරිගණකය පත්වීම සිදුවිය හැකිය. කෙනෙකුගේ කීර්ති නාමයට හානි කිරීම, ශාරීරික හෝ මානසික හිරිහැර කිරීම සහ පාඩු සිදුකිරීම වැනි දේට සයිබර් අපරාධ සිදුකරනු ලබයි.

මේ අතරින් වඩාත් ජනප්‍රිය සයිබර් අපරාධ වනුයේ අනන්‍යතාවය සොරාගැනීම, වංචාවන්, තර්ජනය කිරීම්, ෆිශිං, හැකිං සහ කොපිරයිට් අයිතීන් උල්ලංගනය කිරීම් වැනි දෑයි. සයිබර් අපරාධ ගැන කථා කරන විට බොහෝ දෙනා නොදන්නා කරුණු රාශියක් තිබෙනවා, බොහෝ අන්තර්ජාල වෙළදපොලවල් සයිබර් අපරාධ වල ඉලක්කයක් විය හැකිය. ඒ පිලිබදව තවත් කරුණු දැනගැනීමට දැනගැනීමට දිගටම මේ ලිපිය කියවන්න!

අපරාධකරුවන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට නම් දරා සිටිනවා
සයිබර් අපරාධකරුවන් එකිනෙකා සමගත් කණ්ඩායම් සමගත් සහයෝගයෙන් අපරාධ සිදුකරන ක්රම ගොඩනගාගන්නවා. ඔවුන් ඔවුන්ගේ සොදිසි කිරීම් තුලින් අලුත් අපරාධ අවස්ථා මතුකරගන්නවා. පසුව ඔවුන් එක්වී වැඩිම හානියක් සිදුවන අයුරින් ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා.

අන්තර්ජාල ව්‍යාපාර සයිබර් අපරාධවලට ලක්වීමේ වැඩි ඉඩක්
ශී‍්‍ර ලංකාව තුල අන්තර්ජාල ව්‍යාපාරවල පිබිදීමක් දකින්න පුළුවන්. මේ තුලින් නිවසෙන් පිටවී ගොස් භාණ්ඩ මිලදීගැනීමේදී ඇතිවන පීඩාකාරී අත්දැකීම් වලට හොඳ පිළියමක් සපයනවා. අනෙක් අතට එය හැකර්වරුන්ටත් හොද අවස්ථාවක් සලසනවා. Wow, Kaymu සහ laabai පාරිභෝගිකයින් සහ වෙළදුන් ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් වශයෙන් සම්බන්ධ කරන අන්තර්ජාල වෙළඳපොල සදහා උදාහරණ කිහිපයක්. මෙහිදී විකුණුම්කරු ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ඔබේ තොරතුරු ලබාගන්නවා විය හැකියි නැතිනම් ගැනුම්කරු ව්‍යාජ අයෙක් විය හැකියි.

සයිබර් අපරාධකරුවන් සොයන්නේ පෞද්ගලික තොරතුරුයි
සයිබර් අපරාධකරුවන් ගේ හොඳම උත්ප්‍රේරකය වන්නේ යම් මූල්‍යමය ප්‍රතිලාභයකුයි. මෙය ඔවුන්ට සෘජුව හෝ වක්රව ලගා කරගත හැකියි. අන්තර්ජාල වෙළදපොලවල් ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී බොහෝ දෙනෙක් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලබාදෙන නිසා මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. දත්ත සොරාගැනීමේදී ප්‍රධාන ඉලක්කයන් වන්නේ බුද්ධිමය දේපළ, පාරිභොගිකයින්ගේ, සේවකයින්ගේ,  ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ පෞද්ගලික තොරතුරුයි.

සමාජ ජාල වෙබ් අඩවි තුල සයිබර් අපරාධ වඩාත් සුලබයි
The Economist වාර්ථාවකට අනුව, ලොකයේ හයවන තැනට වට්නාම පොදු සමාගම ෆෙස්බුක් වේ, එහි වෙළදපොල වටිනාකම ඩොලර් බිලියන 325 පමණ වනවා. මසකට ෆේස්බුක් වෙත පිවිසෙන භාවිත කරන්නන් ප්‍රමාණය බිලියන 1.6 පමණ වන බව ඔවුන් කියා සිටිනවා. සමාජ ජාල වෙබ් අඩවි වර්තමානයේදී ඉතා ජනප්‍රිය වී ඇත්තේ තම අත්දැකීම් බෙදා ගැනීමට සහ අනෙක් අය සමග සම්බන්ධ වීමේ හැකියාව නිසායි. බොහොමයක් ව්‍යාපාර ද සමාජ ජාල අඩව් වල ඔවුන්ගේ සහභාගීත්වය දක්වනවා. මේ තොරතුරු හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුවූ විට ඔවුන් ව්‍යාජ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සහ තර්ජනය කිරීම් වැනි දේ සදහා භාව්තා කිරීමට ඉඩ තිබෙනවා.

scroll to top