සයිටම් වසා දැමීමට වරාය වරාය අධිකාරියෙන් ආණ්ඩුවට මහජන පෙත්සමක්

“නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය ක‍්‍රමයෙන් අහෝසිකර දැමීමේ ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයක් වන සයිටම් හොර උපාධි කඩය සම්බන්ධව, මේ වන විට රට තුල විශාල විරෝධයක් ගොඩනැගී තිබේ.”

“මාලඹේ සයිටම් උපාධි කඩය වෛද්‍ය විද්‍යා උපාධියක් පිරිනැමීම සඳහා කිසිසේත් ප‍්‍රමිතියක් සහිත සුදුසු ආයතනයක් නොවේ. ලංකාවේ වෛද්‍ය සේවය සඳහා ප‍්‍රමිතිය සකසමින් පවත්වාගෙන යන වෛද්‍ය සභාවේද විරෝධය පවා නොතකා ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් සයිටම් හොර උපාධිය සඳහා නිත්‍යානූකුල භාවයක් ලබා දීමට අධිකරණය ලවා කටයුතු කර තිබේ.”

“මෙවැනි තත්වයක් යටතේ සයිටම් හොර උපාධි කඩය වසා දැමීමේ අරගලයට ශිෂ්‍යයන් වෛද්‍යවරුන් සහ වෘත්තීය සමිති ව්‍යාපාරය ඒකාබද්ධ අරගලයක් දියත්කර තිබේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ නියුතු සේවක සේවිකාවන්ගේ දරුවන් ප‍්‍රමාණයක්ද රජයේ වෛද්‍ය විද්‍යාල ඇතුලූ රජයේ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන්නේ නිදහස් අධ්‍යාපනය යම් තරමකට හෝ ආරක්ෂා කරමින් පවතින නිසාවෙනි. එම නිසා ශි‍්‍ර ලංකා වරාය අධිකාරියේ සේවයේ නියුතු අපද එම අරගලය සමග අත්වැල් බැද ගනිමින් සයිටම් වසා දමන තුරු ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කලේ යැයි” චන්ද්‍රසිරි මහගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව සයිටම් වසා දැමීමට බලකරමින් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සේවකයින්ගේද සහභාගිත්වයෙන් මහජන පෙත්සමක් අත්සන් කිරීම අද (07) දවල් 12.00ට කොටුව ඛාන් ඔරලොසු කණුව අසලදී (වරාය අංක 03 – අපනයන දොරටුව අසල සිදු කිරීමට නියමිතය.)

scroll to top