සයිටම් ගැටළුව විසඳීමේදී සිසුන් නොව දෙමව්පියන් පෙරට පැමිණිය යුතුයි

අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පල කළේ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලැබූ හමුවකට එක් වෙමිනි. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගෙන රජයේ 9 වන වෛද්‍ය විද්‍යාලය ලෙස ස්ථාපිත කරන මෙන් ඉල්ලා සිටිමින් මෙම හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද ඉතාම දක්ෂ දරුවෝ ගොඩ දෙනෙක් ගමන් කරන්නේ මේ වෛද්‍ය හා ඉංජිනේරු විශයන් වලටග ඒක නිදහස් අධ්‍යාපනයෙන් අපට ලැබුණු දෙයක්ග අපි භුක්ති විඳින මේ නිදහස් අධ්‍යාපනය ලෝකයේ එහෙම ලෙහෙසියෙන් ක‍්‍රියාත්මක වෙලා නැහැග නිදහස් අධ්‍යාපනය ක‍්‍රියාත්මක කරන්න ගිය රටවල ඒ හැම තැනකම අහපු ප‍්‍රශ්ණයක් තිබෙනවාග උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් අධ්‍යාපනය ක‍්‍රියාත්මක කරන්න ගියහොත් අසන ප‍්‍රශ්ණයක් තිබෙනවා. ඒ තමයි ‘මගේ බදු මුදල්වලින් ඇයි මම අනුන්ගේ ළමයින්ට උගන්වන්නේ’ කියන ප‍්‍රශ්ණයග ඒ අනුව බැලූවම අපේ රට ඉතාම වාසනාවන්ත රටක්. මට නම් කිසිම කෙනෙක් මුණ ගැසිලා නැහැ ඒ ප‍්‍රශ්ණය අසනග නමුත් ඒ ප‍්‍රවණතාවය යටින් පැණනැගෙමින් තිබෙනවා.

මේ රටේ සිදුවුණු විශාලම සමාජ වෙනසක් එහෙමත් නැත්නම් විප්ලවයක් තමයි මේ නිදහස් අධ්‍යාපනය ලැබීම. එසේ නොවෙන්න අපේ රට ඉතාම මුග්දල අවලස්සන රටක් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපට ලැබුණු මේ ක‍්‍රියාවලිය ආරක්ෂා කරගැනීම අපි හැමදෙනාගේම යුතුකමක් හා වගකීමක් වෙනවා.

අපිත් දැන් දෙමාපියොල අපේ දරුවොත් විශ්ව විද්‍යාලයේ ඉන්නේල ඒ ළමයි දැන් හරි කණගාටුවෙන් ඉන්නේ. මගේ දුවත් මට නිතරම කියනවා එයාගේ ඉස්කෝලේ වෛද්‍ය පීඨයට ගිය මිතුරු දරුවන් කවුරුවත් අධ්‍යන කටයුතු කරන්නේ නැහැයි කියලා. මගේ දරුවා නම් පළමුවන වසරේ විභාගයත් කළා මේ බොහොම මෑතකදී. නමුත් එයාගේ වෛද්‍ය පීඨයට ගිය යාළුවන් පළමු වන වසරේ විභාගය තියා තාම විශ්ව විද්‍යාලයට ගිහිල්ලාවත් නැහැ. ඒ නිසා ඔවුන් කම්පනයෙන් සිටින්නේ.

සයිටම් ප‍්‍රශ්ණයේ මුල්තැන ගත යුත්තේ දෙමව්පියන්ග මේ දරුවන් පාරවල්වල ගල් ගහගන්නල කඳුලූ ගෑස් ගහගන්න යැවීමෙන් සහ එතන පාලනය කළ නොහැකි දේශපාලන ව්‍යාපාරයක් මතුවීමෙන් අනෙක් දේවල් වගේම අපේ දරුවන්ගේ ජීවිතත් අනතුරේ හෙලෙනවා. ඒ නිසා මේ ප‍්‍රශ්ණයේදී දෙමාපියන්ගේ ඉදිරිපත්වීම අත්‍යාවශ්‍යයි. අපිත් දැන් දෙමව්පියෝ ඒ නිසා අපේ දරුවන්ගේ අනාගතය සඳහා අපගේ ඉදිරිපත්වීම ඉතාම අත්‍යාවශ්‍යයි මේ අවස්ථාවේදී.

අපේ වෛද්‍ය පීඨවලට ගොස් තිබෙන්නේ සාමාන්‍ය පෙළ ඉතාම හොඳින් සමත් වුණු පිරිසක්. ඒ පිරිස මේ රටේ අනාගතයයි. ඒ අය ඉහළට ගෙනයන්න අප කටයුතු කළ යුතුයිග විශේෂයෙන්ම දේශපාලන වශයෙනුත්, සමාජමය වශයෙනුත්, මේ තත්ත්වය රැකගන්න කටයුතු කළ යුතුයි.

දැන් බලන්න එංගලන්තයේ අගමැතිතුමියට වුණු දේග එතුමිය ඡුන්දයට යනවිට එතුමිය සහ ලේබර් පක්ෂය අතර සියයට විස්සක වෙනසක් තිබුණා. එතුමිය වරදක් කළා. ඒ මොකක්දල පාසල් දරුවන්ට දෙන දිවා ආහාරය කප්පාදු කරන්න උත්සහ කළාග ඒ නිසා තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දස ලක්ෂයක් ලියාපදිංචි වෙලා එතුමිය මැතිවරණයෙන් පරාජයට පත් කළාග විශ්ව විද්‍යාල නගර සියල්ලේම කොන්සවේටිව් පක්ෂය පරාජයට පත් වුණා. එංගලන්තය වගේ ආත්මාර්තය ඉහළින් තිබෙන රටක වුණත් ඇයට අත් වුණු ඉරණම එයයි. ඒ නිසා දෙමව්පියන්ට පුළුවන් හැම පැත්තකින්ම ඒ බලපෑම ගෙන එන්න.

පාර්ලිමේන්තුවෙත් එහෙම කීප දෙනෙක් ඉන්නවා සද්ද දාලා කතා කරන ඒවායෙන් කලබල වෙන්න එපා. අති බහුතරයක් ඉන්නේ මේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයෝයි දෙමාපියනුයි සමග. මේ තුළ තව ගැඹුරු ගැටළු ගණනාවක් තිබෙනවා. විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ගැනල ප‍්‍රවේශ විභාගයෙන් විශ්ව විද්‍යාලයට ලබාගන්නා ඒ කුසලතාවය ගැනල දිස්ත‍්‍රික් පදනම ගැන ආදී වශයෙන් ප‍්‍රශ්ණ ගොඩාක් තිබෙනවා.

පළමුව ගත්තාම අද විශ්ව විද්‍යාලයට සමත් කියන්නේ මේ වැඩතුන සමත් වීමග ඒක තමයි මේ ඇතැමුන් කියන්නේ විශ්ව විද්‍යාලය සමත් වෙලා වරම් ලැබිලා නැහැයි කියලා. ඔය විෂයයන් ක‍්‍රමයෙන් 1970 දශකයේ පටන් ක‍්‍රමයෙන් වැඩි කරගෙන ආවාග ඒක එක්තරා තැනකදී නැවතුනාග ඇත්තෙන්ම අපේ සමයේ නම් හතළිහක් වත් ගත යුතුයි. දැන් තිස් පහයිග අඩුවීමක් වෙලාග 1991 වසරේ උසස් පෙල ඒ සාමාර්ථ 4 ලබාගත් අය සිටියේ අනූ එක් දෙනයි. නමුත් ගිය වසරේ හිටියා හත් දහසක්ග ඒ අනුව ගත්තාම ඇත්තෙන්ම ළමයින්ගේ හැකියාවන් ඉහළ ගිහින්ග දැන් අධ්‍යාපනය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඒ කාලෙත් විශ්ව විද්‍යාලයට යන්න හතළිහ ගත යුතු එක දැන් 35 කරලාග මේක 50 කළහොත් ඔය විශ්ව විද්‍යාල ප‍්‍රවේශය කියන දේ තරඟකාරී තත්ත්වයකට පත් වෙනවාග ඊලඟ කාරණයල දෙවනි කාරණය දිස්ත‍්‍රික් පදනමග අපේ කාලයේ දුෂ්කර දිස්ත‍්‍රික් පදනම කියා එකකුත් තිබුණා. ඒ කාලයේ හම්බන්තොට කියන්නේ දුෂ්කර දිස්ත‍්‍රික්කයක්. අද තත්ත්වය මොකක්දල ඉසෙඞ් ස්කොර් එක වැඩියි හම්බන්තොට වෛද්‍ය පීඨයට ගම්පහට වඩා. ඉතින් තවදුරටත් අපි මේවා පවත්වාගෙන යා යුතුද? අනුක‍්‍රමයෙන් අපි මේවා වෙනස් කරගත යුතුයිග දැන් දිස්ත‍්‍රික් පදනම තිබෙන්නේ සියයට හැටේ අපි ඒක පණහා කළ යුතුයි. එතකොට තවත් දක්ෂ දරුවෝ පිරිසකට වෛද්‍ය පීඨයට යන්නට පුළුවන්. ඒ නිසා මේ හැම දේකම වෙනසක් එක්කයි අපි මේ වෙනස කළ යුත්තේ.

පාර්ලිමේන්තුවේ ඉන්න විශාල දැන උගත් පිරිසක් මේ ගැටළුව පිළිබඳව කටයුතු කරනවා. ඒ වගේම මේ වැරදි මිත්‍යාවන් ඇති වෙලා තිබෙනවා. පෞද්ගලික අධ්‍යාපනය හොඳ නැද්දල එහෙම නැත්නම් මේ විදේශ අධ්‍යාපනය ගැන වැරදි මිත්‍යාවන් ගණනාවක් ඇතිවෙලා තිබෙනවා.

අධ්‍යාපනයේදී ඔය වෘත්තීයවේදීත්වය කියන දේ, වෛද්‍යල ඉංජිනේරු සහ ඔය වෙනත් සමහර වෘත්තීන් සම්බන්ධව පෞද්ගලික ආයතනවලට කරගෙන යන්න බැහැ. ලෝකයේ සාර්ථක වෙලා තිබෙන්නේ ලාභ නොලබන පෞද්ගලික විශ්ව විද්‍යාල පමණයිග දැන් මියුසියස් විද්‍යාලය පවත්වාගෙන යනවා, ශාන්ත තෝමස් විද්‍යාලය පවත්වාගෙන යනවා, මේවා ලාභ උපයන්නේ නැහැ. නමුත් මේ මාලඹේ පිහිටුවා තිබෙන්නේ මහා ලාභ උපයන ආයතනයක්. ඒ ගැන මම ඉතිහාසය කියන්න යන්නේ නැහැ. මම ඔය ගැන මහින්ද රාජපක්ෂ මහත්මයා සමගත් ගැටුම් හදාගත්තා ඒ කාලයේ ඔය ප‍්‍රශ්ණය සම්බන්ධයෙන්. මේ හැමෝගේම යටිහිතේ අදහසක් තිබෙනවා ඔබ දැනගන්න, ඒ තමයි අපේ ළමයා යවාගන්න තැනක් ඕනේ කියන දේග මොකද මේ ගැන පෙනී ඉන්න ගොඩාක් පිරිස්වලට තරඟකාරීව උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්ව විද්‍යාලයට යන්න බැහැ. එහෙම යන්න පුලූවන්කම තිබෙනවා නම් බොහොමයක් දුරට ඕවාට යන්නේ නැහැනේ කවුරුන්වත්. ඒ නිසා මේ ගොඩාක් අයගේ හිතේ තියෙන දෙයක් තමයි අපේ ළමයාට යන්න පුළුවන් තැනක් තිබෙනවා ද යන්න. මම දන්න හොඳ වැදගත් මේ විශ්ව විද්‍යාල ආචාර්යල මහාචාර්ය ඇතැමුන්ගේ යටි හිතේ පවා ඕක තිබෙනවා.

ඒ නිසා අපි ඔය මිත්‍යාවන් වෙනස් කරලා ඉදිරියට යා යුතුයි. ඒ නිසා පුළුවන් තරම් අපි හැමෝම සාමූහිකව කටයුතු කරලා මේක වෙනස් කරගන්න, මේ නිදහස් අධ්‍යාපනයේ දොරකවුලූව විවරව තබාගෙන, නොවසා ඉදිරියට ගෙන යන්න, ඒ වගේම එය පුළුල් කරගන්න කටයුතු කරමු යැයි පැවසීය.

scroll to top