සම්පූර්ණයෙන් නිමවූ අලංකාර මහල් නිවාස එක්රෝමා රියල්ටර්ස් හා සොෆ්ට්ලොජික් ලයිෆ්ස්ටයිල්ස් හවුල්කාරීත්වයෙන්

Ekroma-Realtors.jpg

කොළඹ නගරයට අද්විතීය හා නව ජීවන රටාවක් ලබා දීමේ අරමුණින් ආයෝජන මණ්ඩලයේ අනුග්‍රාහකත්වය ලබා ගෙන ඇති  එක්රෝමා රියල්ටර්ස් (Ekroma Realtors) ඔවුන්ගේ Elegant 16 ව්‍යාපෘතිය එළිදැක්වීමට සැලසුම් කර ඇත. Elegant 16 යනු ශ්‍රී ලාංකීය නිවාස හිමියන් හට නවතම මහල් නිවාස සංකල්පයක් හඳුන්වාදෙන ව්‍යාපෘතියකි. මෙම සුඛෝපබෝගී මහල් නිවාසයක කාමර වර්ග අඩි 870 සිට 1900 පරාසයක ඇතුලත් වන අතර එකම වහලක් යට සියලුම දේ සපයමින් පවුලේ සැමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් කර ඇත.

එක්රෝමා රියල්ටර්ස් (Ekroma Realtors) සොෆ්ට්ලොජික් ලයිෆ්ස්ටයිල්ස් (Softlogic LifeStyles) හා හවුල්කාරිත්වයෙන් මෙම අත්දැකීමට නව සංකල්පයක් එකතු කිරීම සිදු වේ. සොෆ්ට්ලොජික් ලයිෆ්ස්ටයිල්ස් යනු සියලුම අභ්‍යන්තර අලංකරණ හා ගෘහ භාණ්ඩ සඳහා එකම වහලක් යටින් ඔබේ කර්තව්‍යන් ඉටු කරගත හැකි තැනක් වන අතර තවද අතිවිශාල සුඛෝපබෝගී ගෘහ භාණ්ඩ නිෂ්පාදකයා සහ ලොව සුපතල සම් භාණ්ඩ නිෂ්පාදකයා වන Natuzzi Italia  හි එකම බෙදා හරින්නා ද වේ.

සොෆ්ට්ලොජික් වෙළඳ සමාගම් හි අධ්‍යක්‍ෂ හේමන්ත ගුණවර්ධන, සොෆ්ට්ලොජික් ආයතනික සේවා කළමනාකාර දිනුෂ එදිරිසිංහ, සහ එක්රෝමා රියල්ටර් හි කළමනාකාර අධ්‍යක්‍ෂ ඔනේෂ් සුබසිංහ යන මහත්වරුන් අතින් මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුවිය.

සොෆ්ට්ලොජික් ලයිෆ්ස්ටයිල්ස් (Softlogic LifeStyles) මගින් සම්පූර්ණයෙන් නිම වන ලද ගෘහ භාණ්ඩ ද ඇතුලත් මහල් නිවාස එක්රෝමා රියල්ටර්ස් (Ekroma Realtors) ඉදිරිපත් කරන අතර 2017 ඔක්තෝම්බර් 30 දක්වා පමණක් වන මෙය ඉතා සීමිත කාලයකට වලංගු වේ. කාර්යබහුල ජීවන රටාවක් සඳහා හුරු වූ අය සඳහා ගෘහ භාණ්ඩ, අලංකාර කිරීම් සහ අනෙකුත් අභ්‍යන්තර ආයිත්තම් වෙනුවෙන් වෙහෙස නොවී සම්පූර්ණ නිවසක් වෙත ගමන් කිරීමට මෙය අවස්ථාවක් වනු අතර ගෙවන මිලට වඩා වටිනාකමක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට එක්රෝමා රියල්ටර්ස් සෑම විටම උත්සහ ගනී.

තරුණ වෘත්තිකයින්, පවුල් හෝ නගරාසන්න පහසුකම් සොයන ඕනෑම කෙනෙකුට Elegant 16 හි සම්පූර්ණ පැකේජය ලබා ගැනීමට හැක. කොළඹ 5 ඇල්විටිගල මාවතේ  කේන්ද්‍රස්ථානයේ පිහිටා ඇති මෙම මහල් නිවාස සංකීර්ණය හට නෙලුම් කුලුන සහ නෙලුම් පොකුණ යන ස්ථාන දෙකෙහිම ඉතා පැහැදිලි ලෙස දර්ශනය වේ.

scroll to top