සමහරු මේ ආණ්ඩුව කඩන්නේ කොහොමද කියලා කල්පනා කරනවා – ඇමතිනි තලතා අතුකෝරළ

Thalatha.jpg

සමහරු මේ ආණ්ඩුව කඩන්නේ කොහොමද කියලා කල්පනා කරන බවත් පසුගිය කාලයේ ඇත්ත කතා කිරීමට හෝ උද්ඝෝෂණ කිරීම අයිතියක් නොදුන් බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අකෝරළ මහත්මිය සදහන් කරයි.අමාත්‍යතුමිය මේ අදහස් ප්‍රකාශ කළේ, අමාත්‍යතුමිය මේ බව ස`දහන් කළේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ම`ගින් කි්‍රයාත්මක කරන ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහනේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති වැඩසටහනට 2017-10-01 වන දින එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, අවුරුදු 2ක් වෙනවා ආණ්ඩුව ඇවිල්ලා අපිට මොනවද කරලා තියෙන්නේ කියලා අහනවා. පහුගිය කාලේ වගේ අපි බෝඩ් ගහන්නේ නැහැ. ඉස්සර වැඩේ කොහොම වුනත් පෝස්ටර් ගහනවා. හෙට දවසේ අරලියගහ මන්දිරයේ සියලූම පාසල් දරුවන්්ට රක්ෂණාවරණය ලබාදෙන උත්සවය ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. අධ්‍යාපන ඇමතිතුමාගේ සංවිධානයෙන් පාසල් දරුවන් ලක්ෂ 40 කට මේ රක්ෂණාවරණය ලබා දෙනවා. රටේ සෑම පාසල් දරුවෙකුටම මේ රක්ෂණාවරණය අවුරුද්දකට සැරයක් ලක්ෂ 2 ගානේ ලැඛෙනවා.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අමාත්‍යංශය යටතේ උදාගම් දෙකක් මේ ප්‍රදේශයේ හැදෙනවා. ඉඹලූපේ සහ බලංගොඩ. පුංචි පුංචි අඩුපාඩුකමුත් තියනවා. නවීන් දිසානායක ඇමතිතුමා මේ දිස්ති්‍රක්කයේ පහුගිය දිනවල ආපදාවට ලක්වුනු කුඩා තේවතු හිමියන්ට වන්දි ලබාදෙන්න.මිලියන 1000ක් පමණ මුදලක් වෙන් කරලා තියනවා මේ වැඩේට.නමුත් මේවා කෙරුනට කාගේවත් බෝඩ් එකක් වදින්නේ නැහැ.මේ රටේ ඉතිහාසයේ ආපදා කළමණාකරණය තුලින් ආපදාවක් සිදුවුනු අවස්ථාවක වැඩිම වන්දි මුදලක් ලබාදුන්න ආණ්ඩුව මෛතී්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේත් ආණ්ඩුව.
මේවා අපි මේ අවුරුදු 2 කරලා තියනවා. සමහර තැන් වල පුද්ගලික ප්‍රතිලාභ අඩු වෙලා තියනවා. අපි පියවරෙන් පියවර උවමනාවෙන් මේ තැලෙන පෑගෙන මනුශ්‍යාගේ ප්‍රශ්න වලට උපරිම විස`දුම දෙන්න පුලූවන් වැඩපිළිවෙල කි්‍රයාත්මක කරන්න. සල්ලිකාරයාගේ ප්‍රශ්න විස`දන කොටසකුත් ඉන්නවා. මේ හැම එකක්ම කෙරෙන්නේ මේ ආණ්ඩුවෙන්. අවසානයේ සමහරු දේශපාලනය මුවාවෙන් නොයෙකුත් විදියේ වැඩසටහන් කරගෙන යනවා. කොහොමද මේ ආණ්ඩුව කඩන්නේ කියලා කල්පනා කරනවා. දැන් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ ඥාති ප්‍රත්‍රයා තමයි රටේ අගමැති. රටේ නිදහස් පක්ෂයේ මහ ලේකම්තුමාව ජයග්‍රහනය කරලා ජනාධිපති කළා.රටේ ආර්ථීකය මෙහෙයවන්න අගමැතිතුමා ඉන්නවා. මේක කඩන එක ලේසි නැහැ කියලා සමහරු දන්නවා.

ඇත්ත කතා කරන්න අවස්ථාව තිබුණේ නැහැ. උද්ඝෝසනයක් කරන්න අයිතියක් තිබුණේ නැහැ.හැමදාම සයිටම් එපා කියනවා. ලංකා බැංකුවේ බිලියන 3ක් දුන්නේ ඔය වෛද්‍යවරුද.මේ වෛද්‍යවරු හැම කෙනෙක්ම නිදහස් අධ්‍යාපනයේ උරුමකරුවො.පස්සේ පිටරට ගිහින් ඉගෙන ගත්ත අය. ආණ්ඩුවේ සල්ලි යොදවලා කළ මේ වැඩේ කොහොමද දැන් කරගෙන යන්නේ කියලා රජය තීරණයක් ගන්න හදනකොට විරුද්ධ වෙනවා.

ජන්දය බලාගෙන අල ටික, සිල්රෙදි ටික, වැසිකිළි පෝ්ච්චි ටික ඛෙදුව කාලයක් තිබුණා. බඩු ඛෙදලා ජනතාව හිිගන්නො බවට පත් කරලා දේශපාලනඥයා පස්සෙ යන යුගයක් හදන රජයක් නෙමෙයි. හැමකෙනෙකුටම දෙපයින් හිටගන්න පුලූවන් ආර්ථීකයක් හදන සැලැස්මක් ඇතුව වැඩ කරන ආණ්ඩුවක් මේක. නිදහසේ දේශපලනය කරන්න අයිතිය තියනවා යනුවෙන් අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කළාය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය භානු මනුපි්‍රය මහතා, රත්නපුර දිස්ති්‍රක් ලේකම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් බුලත්සිංහල මහතා ඇතුලූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිළධාරීන් පිරිසක් දහභාගි විය.

scroll to top