සමහරු පුලූවන්නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හොරෙක් කරන්න උත්සාහ කරනවා…

Thalatha-6.jpg

සමහරු පුලුවන්නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හොරෙක් කරන්න උත්සාහ කරන බවත් අගමැතිතුමාට අනිත් දේශපාලකයින්ට වගේ හොරකම් කරන්න උවමනාවක් නැති බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අකෝරළ මහත්මිය ස`දහන් කරයි. අමාත්‍යතුමිය මේ බව ස`දහන් කළේ පිබිදෙන නිවිතිගල වැඩසටහන යටතේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් වෙන්කරන ලද රුපියල් මිලියන 13 (ලක්ෂ130) ආසන්න මුල්‍ය ප්‍රතිපාදන මත සංවර්ධනය කෙරෙන කරවිට කුරුදුකොළනිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම සදහා ප්‍රථම අදියර වැඩ ආරම්භ කිරීමේ උත්සවයට ඊයේ (2017-10-23) එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, මේ අවුරුදු දෙක තුළ පමණක් නෙවෙයි කැළණිය රජමහා විහාරයේ තමන්ගේ මිත්තනියගේ කාලේ ඉදලා පරම්පරාවෙන් උරුම වෙච්ච දෙයක් තියාගෙන ඇවිල්ල හොරකම් කරන්න අවශ්‍යතාවයක් නැහැයි කියන එක රටට පෙන්වලා තියෙනවා. කවුරු මොනවා කිවුවත් අපි නාස්තිය අඩු කරල තියෙනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට යනකොට එක ගුවන්යානයේ 250,300 අරගෙන ගිහිල්ල වියදම් කලේ මේ රටේ පාරවල් හදන්න තිබුණ සල්ලි. රටට තියෙන මුදල් නෙවෙයි ණය හැටියට ගත්තු මුදල් තමයි එයා වියදම් කලේ. එයාගේ නෝනා 2014 වෙසක් උත්සවය සමරන්න පැරිස් නුවරට ගිය වෙලාවේ හිටපු කාමරය එක රැයකට ලක්ෂ 250යි. එයාගෙ පුතාලට රේස් පදින්න, රගර් ගහන්න රගර් කී්‍රඩකයෝ මරන්න මේ රටේ පුදුමාකාර විදියට මුදල් නාස්ති කරා. ඒ නාස්තිය දැන් සිදුවෙන්නෙ නෑ.

අද දකින්න තියෙනවා ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට පිටරට යන විදිය දකින්න තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා පිටරට යන විදිය දැකලා තියෙනවා. සමහර වෙලාවට සමහර අය මොනතරම් දේවල් හදන්න හැදුවත් අපි කනගාටු වෙනවා. අද මාධ්‍ය නිදහස නිසා සමහර දේවල් මේ ගම්වල අය දන්නෙ නෑ. ඇත්ත කථාව ගමට එන්නෙ නෑ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්ණේ. ගමට එන්නෙ නැත්තේ වෙන මොකුත් හින්ද නෙවෙයි බොරැව ඇවිල්ලා දේශපාලනීකරණය වෙච්ච සමාජය තුල නොායකුත් කොටස් තවමත් ඉන්නවා නොයෙකුත් විදියෙ බොරු ප්‍රචාර කරන අය. අපි මේවට කියන්නෙ අද මාධ්‍ය නිදහස ඇතිකරලා තියෙනව, එදා රිවිර පත්තරේ කීර්තිලා, එහෙම නැත්නම් උපාලි තෙන්නකෝන් යන මහත්වරුන්ට, එහෙම නැත්නම් අර මාධ්‍යවේදීන් 34 අතුරුදහන් කරලා හරි ගහලා හරි පත්කරපු විදියට ලසන්ත වික්‍රමතුංග මහත්මයව මරපු විදියට මරන්ඩ ගහන්ඩ අපි අද සූදානම් නැහැ. අධිකරණය ස්වාදීනත්වය ආරක්ෂා කරල තියෙනවා නඩුකාරයින්ට කතා කරලා මේ තීන්දුව දීපන් කියලා අද මේ රටේ නායකයින් කියන්නෙ නෑ.
තමුන්වහන්සේලා දන්නවා අද මේ රටේ නඩු ගණනාවක් තියෙනව. සමහරු අපෙන් අහනවා ඇයි මේ නඩුටික දාන්නෙ නැත්තෙ කියලා, ඇයි මේ නීතිය ඉක්මනට කි්‍රයාත්මක කරන්නේ නැත්තේ කියලා. නඩු කියන එක එහෙම කරන්ඩ බෑ අධිකරනයේ ස්වාධිනත්වයක් තියෙනවා, උසාවිවල විනිශ්චකාරවරුන්ට තියෙන නීතිය තුළ ඉදගෙන ඒ කටයුතු ඒගොල්ලො හරියාකාරව කරයි.

අනිත් පැත්තෙන් බැලුවොත් අද රටේ හැම තැනම උද්ඝෝණ, සයිටම් කියලා. හරියට මේ මෛතී්‍රපාල මහත්තය පටන්ගත්තා වගේ. රටේ මිනිස්සු දැනගන්න ඕන අද මේ රටේ නිදහසක් තියෙනවා උද්ඝෝෂණ කරන්න. රටේ මිනිස්සු දැනගන්න ඕන එදා උද්ඝෝෂණ කලානම් හලාවත ඇන්තනී ප්‍රනාන්දුලා වෙඩි තියලා මරපු විදියට, කටුනායක රොසීන් චානකලව මරපු විදියට, රතුපස්වල මිනිහ මරපු විදියට, ළමයා මරපු විදියට තමන්ට හිතෙන හිතෙන විදියට උද්ඝෝෂකයින්ට ගහල මරල දාපු විදියට අද බොහොම උවමනාවෙන් එහෙම දේවල් කරගන්න සමහර අය මේ ළමයින්ව යොදා ගන්නවා.
ඉතිං අපි ලෝකෙටම ලෝකෙටම පණිවිඩයක් දීල තියෙනවා, රටේ නිදහස තියෙනවා කැමති කෙනෙක්ට උද්ඝෝෂන කරන්න පුලූවන්, කැමති අයට බත් එකක් බැදගෙන ඇවිල්ල පාරේ වාඩිවෙලා ඉන්න පුලුවන්. හැබැයි කිසිම පොලිස් නිලධාරියෙක්ටවත් මේ උද්ඝෝෂකයින්ට පහුගිය දවස්වල තංගල්ලේ සිද්ධියක් සම්බන්ධව පොලීසියට ලොකු චෝදනාවක් කරලා, පොලිසියේ ඉන්නෙත් මිනිස්සු ඒ මිනිස්සුන්ටත් ඒවා දරාගන්න බැරිවෙනකොට එහෙම එක සිද්දියක් දෙකක් වෙනවා ඇති, හැබැයි එදා වගේ මිනිස්සුන්ට වෙඩි තියලා මරන සමාජයක් රජයක් අද මේ රටේ නෑ කියන එක අපි මතක් කරන්නට ඕන.
පහුගිය දවස්වල දැක්කා නියෝජ්‍ය පොලිස්පතිතුමෙක් මේ දිස්ත්‍රික්කයෙත් හිටියා. අර යාපනේ මැරිචිච විද්‍යා දැරියගේ ඝාතනය යටගහන්න හැදුවේ, එයාම කොහොමද මේ රත්නපුරේ සිද්ධිය යට ගහන්න හැදුවේ, එයා කොහොමද තංගල්ලේ සභාපතිව එයාගේ පුටුවෙ වාඩි කෙරෙව්වේ, එයා කොහොමද රත්ගම සභාපතිව තෝරගත්තේ, එයා කොහොමද අනිත් අයට ආයුධ දුන්නේ, මේ ඔක්කොම දුන්නේ එදා පැවතිචිච රජයේ බලය සහ ක්‍රියාත්මක වීම සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තිබිච්ච බලය අනුවයි කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්ඩ ඕන.

අපිට තියෙන අභියෝගය තමයි විශේෂයෙන්ම මේ රටේ සමහර අය සිංහල බෞද්ධ කියල කෑගහගෙන සිංහල බෞද්ධ ධර්මය විනාශ කරන්නත් ඒ වගේම සිංහල ජාතිය මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ අපිට තියෙන එකම භූමිය මෙතන, මේක විනාශ කරන්නත් නොයෙකුත් පටු දේශපාලන වාසි ධර්මය විකුනලා හරි ජාතිය විකුණලා හරි ලබාගෙන කටයුතු කරන්න සමහර අය උත්සාහ කරනවා. මේ රටේ මිනිස්සු බලයක් ලබාදීලා තියෙනව අපේ ජනාධිපතිතුමාට. අපේ අගමැතිතුමාට සහ ආණ්ඩුවට බලයක් ලබා දීල තියෙනවා රටේ දැවෙන ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න. අද ඒක තමයි මේ වැඩ කරගෙන යන ක්‍රමය. අපි දන්නවා සමහර අය අවුරුදු විස්සක් තිස්සේ දේශපාලන පලිගැනීම්වලට ලක් උනා. සමෘද්ධිය ගැන කතා කලොත් ඒ කාලේ සමෘද්ධිය දෙන්න දරපු එකම එක තමයි දේශපාලන පක්ෂය. හැබැයි සමෘද්ධිය දෙන්නෙ අඩු ආදායම් ලාභී පවුල්වල අයට වුනත්, තීරනය කරේ ගමේ ශී්‍ර ලංකා නිදහස් පක්ෂ උදවිය තමයි තීරණය කලේ කාටද සමෘද්ධිය දෙන්නෙ කියලා. ඒක දුන්නේ දුප්පත්කමට නෙවෙයි. රජයේ සේවකයට දුන්නා, විදෙස්ගත අයට දුන්නා, එහෙම නැත්තං ව්‍යාපාර තියෙන අයට දුන්නා, කඩවල් තියෙන අයට දුන්නා, තේ ඉඩම් තියෙන අයට දුන්නා, අඩු ආදායම් ලාභී මිනිස්සුන්ට නෑ, සමෘද්ධිය දුන්නා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දේශපාලනය විතරක් බලලා. අද ඒව වෙනස්වෙලා තියෙනවා.

සමෘද්ධි නිළධාරීන්ට කිවුවම මේ ගැන සමීක්ෂණයක් කරන්න කියල ශී්‍ර ලංකා නිදහස් පක්ෂයේ තමන්ට හිතවත් අයගෙ, ශී්‍ර ලංකා නිදහස් පක්ෂෙ මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ පක්ෂෙ අයගෙ ඒවත් කපලා, එක්සත් ජාතික පක්ෂේ අයගේ ඒවත් කපලා, මේ කොහෙවත් පිපෙන්නැති පොහොට්ටුවක අයගේ විතරක් දාලා බොහොම ලස්සන සමීක්ෂණයක් කළා. පොහොට්ටුවට කැමතියි කියන අයගෙ අයදුම් පත්‍රය පිරෙව්වේ මේ නිළධාරීන්. අපි ඒව හොදට දන්නවා. යු.එන්.පී කාරයටයි, ජනාධිපතිතුමාගේ අයටයි පුරවන්න දුන්නා ගෙවල්වලට ගිහිල්ලා පුරවන්න. අපේ එවුන් ඇත්තම දාල පිරෙවුවා, අරව බොරු කියලා රජයේ සේවකයා රජයේ ඉන්නවද? නෑ, රට ඉන්නවද? නෑ, තුන්වේලම බත් කනවද? නෑ ඒව මොකුත් නෑ. හරියටම හරියන්න සමෘද්ධිය ඒගොල්ලන්ට විතරක් දෙන විදියට සමීක්ෂණයක් කළා. මේක කරලා එලියට දැම්මට පස්සෙ මොකද කියන්නේ, මෙන්න කියනවා සමෘද්ධිලාභීන් හිටපු අය ගිහිල්ලා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වටලන්න පටන්ගත්තා. අපෙත් සමෘද්ධිය කැපිලා කියලා. මම ඒ අයට කියන්ඩ ඕනි කවුරුත් සමෘද්ධිය කාගෙවත් කපන්නෙ නෑ. අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි බෝහෝම බුද්ධිමත් විදියට කල්පනා කරලා සමෘද්ධිය ලැඛෙන්න ඕන අඩු ආදායම්ලාභි අයට නම් ඒක ලැඛෙන විදියට ඉදිරියේදී කටයුතු කරයි. කවුරුත් මේවා දේශපාලනය කරගන්න හැදුවට හරියන්නේ නෑ.

දැන් පලාත් පාලන මැතිවරණ පනත සංශෝධනය වෙලා ඒ වසමේ වැඩකරන ක්ෂේත්‍ර නිළධාරීන්ට, ඒ වසමේ ඡන්දෙ ඉල්ලන්ඩ බැහැ කියපු ගමන් අරව ඔක්කොම යටපත් වුනා. ඇයි දැන් සමෘද්ධි නිළධාරීන්ට ඡන්දෙ ඉල්ලන්ඩ බැරි නිසා. ඉතින් අපි කියන්නේ රාජ්‍ය නිලධාරීන් හැටියට තමන් කැමති ඕනෑම තැනක දේශපාලනය කරගන්න පුලුවන්. එකක් මතක තියාගන්ඩ ඕන, දේශපාලනය කරන්න ඕන අහිංසක මිනිස්සුන්ට අපි දෙන්ඩ ඕන ඒව නැති කරලා නෙවෙයි. අපි තවත් කොටසකට ඒ වරප්‍රසාද නැති කරලා නෙවෙයි. දේශපාලනය කියන එක දෙයක්. හැබැයි සමස්තයක් විදියට ජනතාව වෙනුවෙන් ලබා දෙන්න තියෙනවා නම් ඒක පක්ෂ භේදයකින් තොරව ලැබිය යුතු මනුස්සයට ලබා දිය යුතුයි.

අපි මේ වැඩේට ඇවිල්ලා ඉන්නෙ ශී්‍ර ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි එකට එකතු වෙලා. අද මිනිස්සුන්ට කිසි කරදරයක් නෑ දෙයියන්ගේ පිහිටෙන් තමන් කැමති විදියට හොදින් නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන්. අද හරියට නීතිය කි්‍රයාත්මක වෙනවා. නීතිය කි්‍රයාත්මක වෙන්නේ නැත්නම් අපිට අහන්න සිද්ධවෙනවා පොලීසියෙන් ඇයි මේක හරියට කෙරෙන්නේ නැත්තේ. නීතිය කාටත් එක විදියට කෙරෙන්න ඕන. අපි එක කට්ටියක්, මෛතී්‍ර මහත්තයා දිනෙව්වේ අපි එක්සත් ජාතික පක‍ෂයේ රනිල් මහත්තයා අගමැති කියල අපි බලාපොරොත්තු වෙන්නේ නෑ තව කොටසක් පාගන්න. දිනවපු අය වෛරවාදී දේශපාලනය කුහකවාදී දේශපාලනය එහෙම නැත්නම් දිනපු අය පැරදුනු අයට ගහපු යුගය අපි අද අවසන් කර ඇති බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් ස`දහන් කළාය.

මෙම අවස්ථාවට කරවිට ජාතික පාසල් හිටපු විදුහල්පති, කරවිට මූලමහ විහාරයේ විහාරාධිපති කරවිට සුජාත හිමියන්, නිවිතිගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක පියසේන පොල්වත්ත ඇතුළු පිරිසක් එක්විය

scroll to top