සංවාදය සහ සන්නිවේදනය ජාතින් අතර අන්නෝන්‍ය විශ්වාසය ගොඩනැගීමට අත්‍යවශය බැව් චීන ජ්‍යෙෂ්ඨ කර්නල්වරයා පවසයි

Army-17.jpg

ජෙනරාල් ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් ජයවර්ධන මහතාගේ මුලාසනයෙන් සඳුදා (28) “අන්තවාදී ප්‍රචණ්ඩත්වය“ තේමාව යටතේ ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය‘ පලවන සැසිය ආරම්භ විය.

සැසියේ මුලාසනය හෙබවු මහාචාර්ය අමල් ජයවර්ධන සැසියේ අනෙක් විද්වතුන් සහිකයින් වන චීනයේ බිජිං නුවර මහජන විමුක්ති හමුදාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ගුවෝ සින්නින් (Guo Xinning ) කැනඩාවේ (Borealis Threat and Risk Consulting Ltd ) ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ෆහිල් ගුර්සික් (Phil Gurski) පකිස්තානයේ ඉස්ලාවාබදිහි මොහොමඩ් අබ්බාස් හසන් සභාවට හඳුන්වා දුන්හ.

අන්තවාදය යනු කිසියම් රටකට හෝ ආගමකට පමණක් සිමාවී පවතින්නක් නොවේ. එසේම එය නුතන ලෝකයේ පමණක් සිදුවන දෙයක් ද නොවේ. අන්තවාදි ප්‍රචණ්ඩත්වය ත්‍රස්තවාදය හා ඉතා සමීප සම්බන්ධතාවයක් පවති. ඇතැම් ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ නිරීක්ෂණය වන්නේ ‘අන්තවාදී ප්‍රචණ්ඩත්වය ඉදුරාම ත්‍රස්තවාදයට හේතුවන බවත් අන්තවාදය එසේ නොවන බවත්ය.

ප්‍රචණ්ඩකාරි ප්‍රවණතාවයන් කාණ්ඩ 5 ක් යටතේ වර්ගීකරණය කල ඔහු එම ප්‍රවණතාවයන්ට නිසි පරිදි ප්‍රතිකර්ම නොලැබුණහොත් ත්‍රස්තවාදය දක්වා වර්ධනය වන බවත් පැවසීය. අන්තවාදි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමෙහිලා ගෝලීය වශයෙන් සැලසුම් සහගත ක්‍රමවේදයක් නොමැතිවීම බරපතල ගැ‍ටළුවක් බවට පෙන්වා දුන්හ.

සැසීයේ “නැගෙනහිර ආසියාව – ජාතික දැක්ම : අභීයෝග සහ ගැටළු“ යන තේමාව යටතේ තම අදහස් දැක්වු කර්නල් ගුස් සින්නීන් (Guo Xinning ) “අන්තවාදී ප්‍රචණ්ඩත්වය එක්සත් ජාතින්ගේ සංගමයේ මුලධර්ම සහ පරමාර්ථයන්ට පටහැනි වන බවත් එය සාමය, ආරක්ෂාව, මින්ස් අයිතිවාසිකම් සහ නිරතර සංවර්ධනය වලකාලන බවත් පැවසීය.

21 වන සියවසට අවතීරණවීමත් සමඟ ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ අන්තවාදී ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර සාමය ස්ථාවරත්වයට තර්ජන එල්ල කරමින් සෑම තැනම පැතිර ඇති බවත් ඒ හේතුවෙන් ප්‍රචණ්ඩ අන්තවාදය ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු සතුරා බවට පත්වි ඇති බවත් පැවසුවේය. ගෝලීය අන්තවාදී ප්‍රචණ්ඩත්වය හඳුන්වාදෙමින් ඔහු විසින් සිදුකල දේශනයේ දී පහත අදහස් ද ඔහු විසින් දක්වන ලදි.

අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටුදැකීමෙහිලා ගෝලීය සැලැසුමක් නොමැති බැවින් අන්තවාදි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම අපහසුවි ඇති බැව් ඔහු විසින් පෙන්වා දෙන ලදි.

අන්තවාදී ප්‍රචණ්ඩත්වය පැතිරයාම වැලැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව බොහෝ වෙහෙසක් ගෙන ඇත. ලෝකයේ රටවල් සමුහික සහ තනි තනිව විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. වර්ෂ 2016 දී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලේකම් බන් කී මුන් මහතා අන්තවාදි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ යෝජනාවලියක් එක්සත් ජාතින්ගේ මහා සැසිවරයට ඉදිරිපත් කරන ලදි. එසේ නමුදු අන්තවාදි ප්‍රචණ්ඩත්වය නව මුහුණුවරක් සහ නව ප්‍රවණතා ඔස්සේ සංවිධානාත්මකව නිරන්තරයෙන් අප හමුවේ දෘශ්‍යමාන වේ.

අන්තවාදී ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමෙහිලා ඇති දුර්වලතා පිලිබඳ පැවසු චීන කර්නල්වරයා අවුල් සහගත අන්තවාදී මූල බිජයන්, විවිධ අර්ථ දැක්වීම් සහ තේරුම් ගැනීම්, ගැටුම් අරමුණු සහ දෙපස පිලිවෙත් ලෝකයේ ජාතින් තවදුරටත් අසහනයට පත් කරමින් සිටින බැව් පැවසීය. ලෝකයේ අනෙකුත් කලාපයන්ට සාපේක්ෂව නැගෙනහිර ආසියාවේ අන්තවාදී ප්‍රචණ්ඩත්වයට යොමු වු කණ්ඩායම් අඩුය.

ජපානයේ අවුම් ශීන්රික්යෝ (Aum Shinrikyo) නැගෙනහිර ටර්කිස්තානයේ අන්තවාදි බෙදුම්වාදී කණ්ඩායම් නිදසුන් වශයෙන් ඔහු විසින් පෙන්වා දෙන ලදී. (Aum Shinrikyo) වර්ෂ 1984 දී ෂෝකෝ අසහාරා (Shoko Asahara) විසින් පිහිටුවාගත් සංවිධානයකි. එහි ජපනයේ අනුගාමිකයි 9000 ක් සහ විදේශීය අනුගාමිකයින් 40,000 ක පිරිසකගෙන් සමන්විත වු උච්ච කාල පරිච්ඡේදයක් තිබුණි අතර ඔවුන් විවිධ ත්‍රස්ත සහ අපරාධ ක්‍රියාවන්හි නිරතවි ඇත. වර්ෂ 1995 මාර්තු ටෝකියෝ නුවර උමං දුම්රිය මාර්ගයක දුම්රිය 5 කට සරීන් විෂ වායු ප්‍රහාර එල්ල කිරීම ඔවුන් සිදු කල ත්‍රස්ත ක්‍රියාවකි. එහි ප්‍රතිඵලයක් ලෙස මගින් 13 මියගිය අතර, 54 දෙනෙකුට තුවාල සිදුවි 984 කට වැඩි සංඛ්‍යාවකට ප්‍රහාරයේ බලපෑම එල්ල විය.

නැගෙනහිර ආසියාවේ පැතිර යන ත්‍රස්තවාදයේ ගොදුරක් බවට චිනය පත්වී ඇත. නැගෙනහිර ටර්කිස්තානයේ ඉස්ලාම් ව්‍යාපාරය (ETIM) වඩාත්ම අන්තවාදි කණ්ඩායමයි. ඔවුන් චිනයේ සහ ආසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙමින් ත්‍රස්තවාදි අපරධකාරි කටයුතු වල නිරත වී සිටියි.

ප්‍රචණ්ඩත්වය පිටු දැකීමෙහිලා දෙබිඩි පිලිවෙත් සහ තෝරාගැනීම් සිදු නොකල යුතු බැව් ඔහු අවධාරණය කරයි. එක්සත් ජාතින්ගේ අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ උත්සහයන්ට සම්පුර්ණ ශක්තිය ආධාර ලබා දිය යුතු වන බවත් ඔහු පැවසීය. ජාතින් අතර විශ්වාසය ගොඩනැගීමෙහිලා වඩාත්ම වැදගත් වන්නේ සංවාදය සහ සන්නිවේදනය බැව් ඔහු අවධාරණය කරයි.

අනාගතය දීප්තිමත්ය, එසේ නමුදු ඒ සඳහා වු මාර්ග සෘජු නොවේ. අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමෙහිලා ජාත්‍යන්තර උත්සාහයන්ගේ ස්වභාවය එසේය. අනාගත ජාත්‍යන්තර සාමය සහ ස්ථාවරත්වය විවිධ දුෂ්කරතා හා බාධක හමුවේ ජයගත යුතුව තිබේ.

scroll to top