ශීලාචාර සමාජයක් තුල නවකවදයට කිසිදු ඉඩක් නොතැබිය යුතුයි: නිරෝෂන් පෙරේරා

Niroshan-perera.jpg

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මුලික හරය ආරක්ෂා කරමින් ඒ ඔස්සේ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට තමන්ගේ ඉලක්ක කරා ශක්තිමත්ව ගමන් කිරීමේ පැහැදිලි අවස්ථාවක් වත්මන් රජය උදාකර දී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක බව රැකගැනීම රජය සතුව පමණක් නොව සිසුන්ගේද වගකීමක් වන අතර තම දෙමාපියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් සිය අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම ශිෂ්‍යප්‍රජවේ වගකීම වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වෙන්නප්පුව ප්‍රදේශයේ පසුගියදා පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක වූ අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙසේද කීය.

ශිෂ්‍ය ප්‍රජවේ අධ්‍යාපන ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය පරිදි උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. අප රටක් ලෙස මානව හිමිකම් ආරක්ෂා කරමින් රටේ දියුණුව ඉලක්ක කරගෙන යන මෙම ගමනට පුර්ණ ජනතා ආශීර්වාදය හිමිව තිබෙනවා.

එවැනි පසු බිමක් තුල විශ්වවිද්‍යාල වල සිදුවන ඇතැම් සිදු වීම් පිළිබඳව මේ මොහොතේ ජනතාවගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරොධයක්. පසුගිය කාලයේ මෙරට විශ්වවිද්‍යාල තුල දේශපාලන මතවාදයන් මුල් කර ගෙන ගෙනගිය අර්ථ විරහිත අරගලයන් අද වනවිට බිඳ වැටී තිබෙනවා.

එම යල් පැනගිය මතවාදයන් විශ්වවිද්‍යාලය තුල යලි ඉස්මතු කිරීමට ඇතැම් පාර්ශව උත්සහ දරන බව කෘර නවක වද සිද්ධින් වලින් පැහැදිලි වන බව අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

එහෙත් එම ගෝත්‍රිකවාදී සංස්කෘතියට කිසිසේත්ම ඉඩ ලබා නොදීමට මෙරට මහජන මතය පෙළගැසී තිබෙනවා. විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනික ගුණත්වය වර්ධනය කර දැයේ දු දරුවන්ට ශක්තිමත් අධ්‍යාපන වටපිටාවක් නිර්මාණය කිරීමට වත්මන් රජය සකස් කල සැලසුම් මේ වනවිටත් ක්‍රියාවට නැංවෙමින් තිබෙන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඒ පිලිබඳ සිය අවධානය යොමු කල ඇති අතර විශ්වවිද්‍යාල තුල ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා අධ්‍යාපනයේ ගුණත්වය වර්ධනයට අවශ්‍ය සියලුම ප්‍රතිසංස්කරණයන් සිදු කරන බව පවසා තිබෙනවා.

අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යා හැකි අන්‍යන්ගේ මත ගරු කරන ශිලාචාර විශ්වවිද්‍යාල ප්‍රජාවක් බිහි කිරීමට රජය උපරිම දායකත්වය සපයන අතර විශ්වවිද්‍යාල දේශපාලන පොරපිටියක් බවට පත්කර ගැනීමේ අරමුණ ඉටු කර ගැනීමට අවස්ථාවක් නොමැති බවද අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අවධාරණය කළේය.

scroll to top