ශ්‍රී ලංකා – ජපන් ආර්ථික සහයෝගිතාවය පිලිබඳ සාකච්ඡාවක්

sl-jp.jpg

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපන් සංචාරයේදී ඇතිකරගත් එකඟතාවයක් මත දෙරට අතර ආර්ථික සහයෝගිතාවය සහ ප්‍රතිපත්ති සංවාදය පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විය.

ශ්‍රී ලංකාව තුල යහපත් ආයෝජන පරිසරයක් නිර්මාණය වීමත් සමග ජපන් සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට වැඩි කැමැත්තක් දැක් වීමත් සමග ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනය සඳහා ජපානයේ සහයෝගය වැඩි වශයෙන් ලබා දීමද මෙහි අරමුණක් වී තිබේ.

මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.අයි. එම්. රෆීක් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ජපන් රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ, හියිදේහරු තානාකා (hideharu tanaka) මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, අයිකො කිමුරා (Aiko kimura) යන මහත්වරුන් ද ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

scroll to top