ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2017 සාර්ථක ලෙස නිමාව දකී

LankaPropertyWeb.jpg

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් වෙබ් අඩවිය වන LankaPropertyWeb.com සහ ප්‍රධානපෙලේ දේපල නියෝජිතයින් වූ RB Realtors and Consultants සමාගම විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද සාර්ථක ලෙස අවසන් විය. කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති මෙම සමුළුව වර්තමානයේ පවතින හොඳම ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණ ඇතිව මෙම සමුළුව සංවිධානය කරන ලදි. එහිදී පොදුවේ කවුරුත් එකඟ වූ කරුණක් වූයේ ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට නම් ඔවුන්ට වඩාත් හිතකර වූ නියාමන පසුබිමක් ඇතිකිරීම අත්‍යවශ්‍ය ය යන්නයි.

LankaPropertyWeb.com මගින් මෙම වසර මුලදී සංවිධානය කරන ලද ‘Lanka Property Show 2017’ ප්‍රදර්ශනය අතිශයින් සාර්ථක වීම මෙන්ම ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් ජනතාව තුළ පැහැදිලි උනන්දුවක් ඇති බව එම ප්‍රදර්ශනය තුළදී පෙනී යාම, ආයෝජන සමුළුවක් සංවිධානය කිරීමට මූලික වශයෙන් හේතු විය. ආරාධනා මගින් පමණක් සහභාගී විය හැකි වූ මෙම සමුළුවට ආයෝජකයන්, ව්‍යාපාරිකයන්, ආයතන ප්‍රධානීන්, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පුද්ගලයන්, රාජ්‍ය නිලධාරීන් හා ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ආයෝජකයින් තම ආයෝජන විකල්ප ලෙස කොටස් වෙළඳපල වෙත තරමක් අවධානය යොමු කළ යුතු අතරල එහිදී ප්‍රවේශමෙන් මුදල් ආයෝජනය සිදු කළ යුතු බව මෙහිදී විශේෂ ඉදිරිපත් කිරීමක් කරමින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසී ය.

වරාය නගරය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය මගින් ලැඛෙන දායකත්වය සම්බන්ධයෙන් CHEC Port City හි ප්‍රධාන විකුණුම් හා අලෙවි නිලධාරී ලීඇන්ග් තොව් මින් මහතා කියා සිටියේ කොළඹ නගරයෙන් ලැබෙන ප්‍රතිලාභ සහ ඉදිරි වසර 25 ඇතුලත සිදුවනු ඇති යටිතල පහසුකම් සංවර්ධනය පිලිබඳ විස්තරයක් කරමින් වසර 2018 වන විට එහි ඉඩම් විකිණීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද තවදුරටත් ඔහු පැවසීය

මෙදින පැවතී සංවාද මණ්ඩපයේ දී සංවාද මණ්ඩප සාමාජික රවී අබේසූරිය මහතා කියා සිටියේ කොළඹින් ඉඩම් මිලදී ගැනීම මගින් අනෙකුත් ආයෝජන වලට වඩා හොඳම ප්‍රතිලාභ ලැබෙන බවත්ල ශ්‍රී ලංකාව තුල නිශ්චල දේපල ආයෝජකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට ආයෝජන අවස්ථා සඳහා සැකිල්ලක් මේ වන විට අදාළ බලධාරීන් විසින් සාකච්ඡා කරනු ලබන බවද ඔහු අවධාරණය කළේය

කොළඹ නගරයට තවත් සංචාරකයින් සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට කොළඹ තව තවත් වෙළඳ මධ්‍යස්ථානල විනෝදාස්වාද මධ්‍යස්ථානල උසස් මට්ටමේ රෝහල් හා සම්මේලන ශාලා ගොඩනැගීම සඳහා ද අවධානය යොමු කළ යුතු බව TW Corp හි සභාපති සහ නවීකරණය කරන ලද රාජ්ය හා පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ ජාතික කාර්යාංශයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී තිලාන් විජේසිංහ මහතා අවධාරණය කලේය

වර්තමානයේ සාමාන්‍ය පොදු නිවාස ව්‍යාපෘති හැර වෙනත් ව්‍යාපෘති සඳහා දේපල කර්මාන්තයේ ඇති බොහෝ අවස්ථාවන් පිළිබඳව RB Realtors and Consultants (Pvt) නියෝජනය කරන මයිකල් ශාන්තිකුමාර් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ ඒවාට අදාළ විකල්ප ගැන බැරෑරුම් ලෙස සලකා බැලීමට ද ඔහු විසින් යෝජනා කෙරීයග

මීට අමතරව තීක්ෂණ සෝමරත්න (අධ්‍යක්‍ෂ,Dwellings Group of Companies), සෑන්ග් බෝ (ව්‍යාපෘති අධ්‍යක්ෂ, AVIC Astoria) සහ ප්‍රනාව් දේසායි අධ්‍යක්‍ෂල Iconic Galaxy යන මහත්වරු ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2017 හිදී සිය අදහස් පළකළහ.

JLL හි සුනිල් සුබ්‍රමනියම් මහතා විසින් සංවාදය මෙහෙයවීම සිදුකල අතර තිලාන් විෙජ්සිංහ සභාපති TWCorp, ඇලෙක්ස් ලවල් සභාපති UB Finance, ක්‍රිස්ටෝෆර් ජොෂුවා කළමනාකරණ අධ්‍යක්‍ෂල Access Engineering සහ ආනන්ද් සුන්දරම් විධායක නිලධාරිල Colombo City Centre යන මහත්වරු මෙම සංවාදයට එක්වූහ.

රටේ ආර්ථීකයේ වර්තමාන තත්ත්වය සහ දැනට පවතින විශිෂ්ටතම මට්ටමේ ආයෝජන අවස්ථා සම්බන්ධ සාකච්ඡාවකින් අනතුරුව සංවාදය අවසන් විය. මෙම වැඩසටහනින් පසුව අදහස් දක්වමින් සම-සංවිධායක සමාගම්වල කළමනාකරණ අධ්‍යක්ෂතුමන් පැවසුවේ සමුළුවේ සාර්ථකත්වය ගැන තමන් ඛෙහෙවින් සතුටු වන බවයි. රටේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කරුණු රාශියක් සාකච්ඡාවට බඳුන් කිරීමට මෙහිදී අවස්ථාව ලැබුණු බව ඒ මහත්වරුන් පෙන්වා දුන්හග

www.lankapropertyweb.com/events වෙත පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

scroll to top