ශ්‍රී ලංකාව සහ බහරේනය අතර ද්විපාර්ශික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට සාකච්ජා…

මේ දිනවල මැදපෙරදිග රටවල සංචාරයක නිරත වන අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය බහරේන් කර්මාන්ත, වාණිජ හා සංචාරක අමාත්‍ය Zayed Bin Rashid Alzayani මහතා හමු විය. එහිදී දෙරටට වැදගත් වන ක්ෂේත්‍ර සම්බන්ධව සාකච්ඡා පවත්වන ලදි.

ශ්‍රී ලාංකිකයින් ස`දහා බහරේන්හි කර්මාන්ත අංශයන්හි රැකියා අවස්ථා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඒ සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමේ වැඩසටහනක් කි්‍රයාත්මක කිරීමටත් එම සාකච්ඡාවේදී එකග විය.

බහරේනය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ක්ශේත්‍රයේ දියුණුව සදහා අවශ්‍ය වැඩ පිලිවෙළ නව රජය තුලින් ඇති කිරිමට අවශ්‍ය කරන පසුබිම ඇති වී තිඛෙන බව සදහන් අමාත්‍යතුමිය ඒ සදහා දෙරටේම නියෝජිතයින් සහයෝගය පල කිරීමද මෙහිදී සාකච්ඡා වූ විශේෂ කරුණු වේ.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ උපද්ශිකා පද්මිණී රත්නායක, බහරේන් ශී්‍ර ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් නිමල් ජයවීර යන මහත්ම මහත්මීන් එක්විය.

scroll to top