පැල්වත්ත කිරි සමාගම මෙවර ලෝක කිරි දිනය සමරයි…

Palawatta-Milk.jpg

ජුනි මස පලවෙනිදාට යෙදී තිබෙන ලෝක කිරිදිනය පළමු වරට 2001 දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන (FAO)ව්‍යාපෘතියක් ලෙස පවත්වනු ලැබීය. මෙය ගෝලීය ආහාර පිළිබඳව සහ කිරිවලින් ජීවිතයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කිරීමට කදිම දවසකි. මෙවර ලෝක කිරි දිනය පෝෂ්‍යදායී ආහාර, හොඳ සෞඛ්‍ය තත්ත්ව සහ ගොවීන් තේමා කොටගෙන ඔවුන්ගේ ප්‍රජාවන් සඳහා ගොවියන්ගේ වගකීම ආදී දේවල් වලට වටිනාකමක් දෙමින් සැමරීමට නියමිතය.

අප ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක ද්‍රව්‍ය පහකට වඩා කිරි වල අඩංගු වේ. උදාහරණයක් ලෙස කැල්සියම් ගත් කල අපගේ දත් හා ඇටකටු ශක්තිමත් කිරීම, මාංශ පේශී වර්ධනය හා අලුත්වැඩියා කිරීම ට අවශ්‍ය විටමින් බී ලබා දීමට හා රතු රුධිරානු නිසි ලෙස පවත්වාගෙන යාමටත් කිරි වලින් ලැබෙන පෝෂක වලින් හැකියාව ලැබේ. තවද කිරි වලින් ලබාගන්නා අමතර ප්‍රතිලාභ ලෙස බටර්, චීස්, සහයෝගට් වැනි අනෙකුත් නිෂ්පාදන නිසා ආහාර පරිභෝජන රටාවට වෙනසක් මෙන්ම ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක ද එමගින් ලැබෙනවා ඇත.

විදේශ සන්නාම සහ විදේශ ආනයන ආධිපත්‍යය දරමින් සිටින කර්මාන්තයක වුවද පැල්වත්ත කිරි සමාගම ශ්‍රී ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණ පෙරදැරිව දේශීය කිරි සමාගමක් ලෙස ඉදිරියෙන්ම සිටී. එසේම පැල්වත්ත කිරි සමාගම භාවිතා කරන කිරි සියයට සියයක්ම සෞඛ්‍ය සම්පන්න හා ගුණාත්මක ලෙසද නිපදවනු ලබයි.

පැල්වත්ත කිරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක අක්මාල් වික්‍රමනායක මහතා පවසන්නේ ශ්‍රී ලංකාව කාලයකට කලින් කිරි වලින් ස්වයංපෝෂිත වී තිබුණි නම් නැවතත් අප රට එම තත්වයට ගෙන ආ හැකි බවයි. එය හුදෙක්ම අපගේ ගොවීන් සහ කර්මාන්ත වැනි අප සතු දේ ගැන අවධානය යොමු කිරීම හා එය නගා සිටුවීම ට අරමුදල් පිහිටුවීම වැනි සාමාන්‍ය කරුණු මත රඳා පවතින දියුණුවකි. එසේම මෙම ලෝක කිරි දින සැමරුම් සමයේ ආනයනික කිරි වෙනුවට දේශීය පැල්වත්ත කිරි මිලදී ගැනීමෙන් දේශීයකිරි කර්මාන්තය නගා සිටුවීමට දායක වන ලෙසත් ඔහු මතක් කර සිටියි.

රටේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ආයතන අතරට යමින් පැල්වත්ත කිරි සමාගමද ව්‍යාපාරය පමණක් නොව සමාජ අවශ්‍යතාද සලකා බලමින් රටේ ආර්ථිකය සවිබල ගැන්වීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. ගොවීන් 150,000කගේ සහයෝගයෙන් කිරි ලීටර් 200,000ක් දෛනිකව පැල්වත්ත කිරි සමාගමඑකතු කරයි.

scroll to top