ශ්‍රි ලංකීය අනන්‍යතාවය සහිත කුස්සියෙන් තුනපහ ගෝලීය මට්ටමට ගෙන යා යුතුයි.

  • සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට නම් අපේ අනන්‍යතාවය සහිත ආහාර ප්‍රචලිත කළ යුතුයි.
  • වෝටර්ස් ඒජ් හෝටලය හා ආශ්‍රිත ප්‍රදේශය පරිසර හිතකාමී විනෝදාස්වාද නගරයක් ලෙස සංවර්ධනය කරනවා.
    – ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

අපේ රට ජෛව විවිධත්වයෙන් පොහොසත්, ඒ වගේම ආහාර විවිධත්වයෙන් පොහොසත්, පසුගිය වසරේ මෙරට ආර්ථීක වර්ධනයට විශාලතම දායකත්වය සපයනු ලැබුයේ ඉදිකිරිම් ෙක‍ෂත්‍රය හා සංචාරක කර්මාන්තයයි. සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට නම් අපේ අනන්‍යතාවය සහිත අහාර ප්‍රචලිත කිරිම අත්‍යාවශය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ වෝටර්ස් ඒජ් හෝටලය දේශීය සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය හා දේශීය දේ නව ලොවට ගෙන යන තුනපහ ශ්‍රී ලංකන් අවහන්හල විවෘත කරමින් පැවති උත්සවයේ දීය.

මෙම තුනපහ ශ්‍රී ලංකන් අවහන්ල විවෘත කිරීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගියදා (08) වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී සිදු විය.

අද ලෝක කන්තා දිනයයි. වැඩ කරන කන්නාවන් සමරන දිනය අදයි. එහි තේමාව වෙනසක් සදහා එඩිතර වෙමු යන්නයී. මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකීය කන්තාව ගැන සදහන් කරන විට මතක් වෙන්නේ අපේ කුස්සියි, අපේ තුනපහයි. ශ්‍රි ලංකීය අනන්‍යතාවය සහිත කුස්සියෙන් තුනපහ ගෝලීය මට්ටමට ගෙන යා යුතුයි. අපේ උත්සාහ වනුයේ ගෝලීය උයනගෙය බවට මෙරට පරිවර්ථනය කළ යුතු බව ද ස`දහන් කළේය.

තුනපහ නමින් නව අත්දැකිමක් සම`ග වෝටර්ස් ඒජ් ආයතනය ජයග්‍රාහි ඉදිරිපිම්මක් සනිටුහන් කර තිබේනවා. 2016 වසර මෙම ආයතනය ජයග්‍රාහි කඩයිමක් පසු කරමින් 40] කින් ලාභාංශ වැඩිකර ගැනිමට සමත් වී තිබේනවා. ඒ වගේම කාර්්‍යක‍ෂමතාවයේ කඩයිම් සෑම ෙක‍ෂත්‍රයකින්ම ඉහළ ගොස් ගෙන තිබේනවා.

අපගේ දේශිය ආහාර සංස්කෘතිය ලොවට ගෙන යම්න් මෙම ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ වෝටර්ස් ඒජ් හෝටලය හා ආශ්‍රිත ප්‍රදේශය විනෝදාස්වාද නගරයක් ලෙස අනුක්‍රමයෙන් පත් කරන බවත් එය නිකම්ව විනෝදාස්වාද නගරයක් නොව පරිසර හිතකාමි නගරයක් ලෙස පරිවර්ථනය කරන අතර එහිදී ශ්‍රි ලංකීය අනන්‍යතාවය සහිතව ගෝලීය උයනගෙය බවට මේ රට පරිවර්ථනය කර පියවර ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

scroll to top