වෝටර්ස් එජ් BANQUET පරිශ්‍රය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා මුල්ගල

Waters-Edge.jpg

සුන්දර දියවන්නාව අසබඩ මනරම් වටාපිටාව සමග දර්ශනීය භූමියක පිහිටා ඇති වෝටර්ස් එජ් හෝටලය කොළඹ අවට ප්‍රියතම හෝටල් අතරින් ඉදිරියෙන්ම සිටින හෝටලයකි. එමෙන්ම විශේෂ උත්සව ආදිය පැවැත්වීම සඳහා බොහෝ දෙනෙකු වෝටර්ස් එජ් හෝටලය තෝරාගැනීමට මේ වනවිට පෙළඹී සිටිති.
වෝටර්ස් එජ් හි BANQUET ඉඩ පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ උත්සවය බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ අදහස් මූලික කරගෙන,වෝටර්ස් එජ් හි සභාපති චමත් ද සිල්වා සහ සාමාන්‍යාධිකාරී රොහාන් ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

BANQUET පරිශ්‍රය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අවසන් වූ විට එය මෙරට විශාලතම BANQUET පරිශ්‍රය වන බවත් එයින් ලැබෙන ප්‍රයෝජන පිළිබඳවත් උත්සවයේ කළ කතාවේදී සභාපති චමත් ද සිල්වා විසින් පැහැදිලි කල අතර මේ නිසා ඔවුන්ගේ සේවා ඉතා විධිමත් ආකාරයෙන් සැපයීමට හැකි වන බව ඔහු තව දුරටත් පැහැදිලි කළේය.

මෙම භෝජන සංග්‍රහ ශාලාව සමග ඔවුන්ගේ සේවා පහසුකම් ද වැඩි දියුණු කරන බවත්, දිවයිනේ සියලුම ප්‍රදේශ වලට කැපී පෙනෙන සේවාවක් ලබා දීම ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම වන බව එදින උත්සවයට සහභාගී වූ වෝටර්ස් එජ් සාමාන්‍යාධිකාරී රොහාන් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා පැවසීය.

මෙම ව්‍යාප්තියත් සමග වෝටර්ස් එජ් සාමාජිකයින් හට එරෝබික්ස් හා සුම්බා වැනි ක්‍රියාකාරකම් සඳහා සුදුසු කාමර ඇතුළුව තවත් පහසුකම් රාශියකට දොරගුළු ඇරේ.

scroll to top