වෝටර්ස් එජ් සහ ගින්සා (Ginza) සහයෝගයෙන් එළිදැක්වෙන ටිපිනියාකි පරිශ්‍රය

WE.jpg

සුන්දර දියවන්නාවෙන් වට වූ කොළඹ ආසන්නයේ පිහිටි බත්තරමුල්ල වෝටර්ස් එජ් එහි ඇති අලංකාර වටපිටාවෙන් හා ප්‍රනීත ආහාර පාන වලින් වසඟ කරගනිමින් ප්‍රේක්ෂකයින් රඳවාගෙන සිටියි. තවද බොහොමයක් විශේෂ උත්සව සඳහා ද බොහෝ අයගේ තේරීම මෙම පරිශ්‍රය වේ.

වෝටර්ස් එජ් සහ ගින්සා සහයෝගයෙන් අව්‍යාජ ජපන් ආභාෂය ගත් ටිපිනියාකි පරිශ්‍රය බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වෝටර්ස් එජ් සභාපති චමත් ද සිල්වා, සහ ප්‍රධාන කළමනාකරු රොහාන් ප්‍රනාන්දුපුල්ලේ යන අයගේ සහභාගිත්වයෙන් අද විවෘත විය. එහිදී විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජපාන තානාපති කෙනිචි සුගනුමා (Kenichi Suganuma) සහභාගී විය.

“ශ්‍රී ලංකාව හා ජපානය අතර ඉතා සමීප ද්වීපාර්ශවික සබඳතා ඇති බැවින් ශ්‍රී ලංකාව ඔවුන්ට තම නිවෙස මෙන් හුරු පුරුදු තැනකි.” මේ වන විට ජපන් ආහාරපාන ලාංකීය අපට ඉතා හුරු පුරුදු අත්දැකීමක් නිසා මේ ආපනශාලාව වෙත ජනතාවගේ පැමිණීම පිළිබඳව සැකයක් නැති බවත් මෙයට විදෙස් අමුත්තන්ගේ පවා සහභාගිත්වය බලාපොරොත්තුවන බව වෝටර්ස් එජ් සභාපති චමත් ද සිල්වා පැවසීය. සැප පහසුව පිලිබඳ වැඩි අවධානයක් යොමු කරන අමුත්තන් වෙනුවෙන් මෙම ආපන ශාලාව වායු සමීකරණ පහසුකම් පිළිබඳව වැඩියෙන් සලකා බලා ඇති බවත් මේ පිළිබඳව අදහස් දැක්වීමේදී ගින්සාහි අධිපති රිචඩ් බාලසූරිය මහතා පැවසීය.  රත් වූ යකඩ තහඩුවක් උඩ මස් සහ එළවලු වැනි දෑ පුළුස්සමින් ජපනුන් විසින් ආහාර පිසීම සඳහා භාවිතා කරන ක්‍රමෝපායක් ටිපිනියාකි (Teppanyaki) යනුවෙන් හැඳින්වේ. සාම්ප්‍රදායික ජපන් ආහාර වට්ටෝරු ගින්සා ටිපිනියාකි පරිශ්‍රයේදී (Ginza Teppanyaki Lounge) වෙනස්ම ආකාරයේ සීතල වටාපිටාවක සිට ඔබ වෙත පිළිගැන්වෙනු ඇත. පවුලේ අය සමග විවේකයෙන් හා විනෝදයෙන් කාලය ගත කිරීම පිළිබඳවද සලකා බලා ඇති අතර මෙහි පුළුස්සන ලද මස් වර්ග හා එළවලු පමණක් නොව උණුසුම් තහඩුව මත පුළුස්සන ලද අතුරුපස ආදිය ද අමුත්තන් හට නව අත්දැකීම් ලබා දෙයි.  මෙය රාජකාරී මට්ටමේ කුඩා රැස්වීම් හෝ සමීපතමයන් හා එක්වී රාත්‍රී ආහාර වේලක් ගැනීමට කදිම තැනකි. දුටුවන් මනබඳින ලෙස මනාව සැලසුම් කර නිම කරන ලද වටපිටාවකි ගින්සා ටිපිනියාකි පරිශ්‍රය (Ginza Teppanyaki Lounge).  ඉතා සුවිශේෂී අන්දමින් අමුත්තන් අතරට පැමිණෙන ගින්සා ටිපිනියාකි (Ginza Teppanyaki) එළිදැක්වීම 21 වැනිදා වෝටර්ස් එජ් හීදී පැවැත්විණි.

scroll to top