වෙනස්වන මහල් නිවාස ජීවන රටාවට Ekroma වෙතින් විසදුමක්

Ekroma.jpg

කොළඹ නගරය නාගරීකරණය වීමත් සමග පසුගිය කාලයක් පුරාවට සිදු වූ ඉදිකිරීම් සමග මුළු කොළොම්තොට අහස්තලයම ගොඩනැගිලි වලින් වැසී පවතී. එයින් බොහොමයක් නගරයේ ජීවත් වීමට මග පාදා දෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ වේ. එලිගන්ට් 16 (Elegant 16) ව්‍යාපෘතිය කොළඹ නගරයේ ඇල්විටිගල මාවතේ සුඛෝපභෝගී මහල් නිවාස අතරට එක්වන නවතම Botique මහල් නිවාස සංකීර්ණයයි.

Ekroma Realtors සමාගම තම නවතම ව්‍යාපෘතිය ලෙස Elegant 16 හදුන්වාදන අතර අවම ඉඩකඩක් තුල උපරිම සුඛෝපබෝගී නිවාස ඉදිපත් කිරීමේ අදහසද ලංකාවට හදුන්වා දීමට නියමිතය. සුවිශේෂී බිම් සැලසුම් වර්ග 6 කට අනුව සැකසූ සුඛෝපභෝගී නිවාස 6 කින් Elegant 16 නිවාස එකතුව සමන්විත වේ. සියලූම කාමර වායුසමීකරණය කර ඇති අතර ඒවා ප්‍රධාන නිදන කාමරයක්, විසිත්ත කාමරයක් සහ නවීන උපාංග සහිත නාන කාමරයක් ඇතුළු පහසුකම්වලින් සමන්විතයි. . එමෙන්ම මෙහි පිහිනුම් තටාකයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක්, විනෝදාස්වාද කටයුතු සඳහා Rooftop කොටසක් සහ BBQ area එකක්, ඇවිදීමේ මංතීරුවක්, දරුවන්ට කෙළිසෙල්ලම්වල යෙදීම සඳහා වෙන්කළ උද්‍යානයක් ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වී තිබේ. සියලු පහසුකම් වලින් යුතුව නගරයට ආසන්නයෙන්, උසස් ප්‍රමිතියෙන් යුක්තව, පරිසර හිතකාමී ලෙස සහ ආරක්ෂාවද සහිතව ඉදිවන Elegant 16 මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් බවට පත්වනු නොඅනුමානය.

Elegant 16 ඉදිකිරීමෙහි ලා ලොව ඉහළ පෙළේ නිෂ්පාදන යොදාගැනීම සම්බන්දව තමන් ආඩම්බර වන බවත්, තම ගනුදෙනු කරුවන් වෙනුවෙන් සෑමවිටම ගුණාත්මක දේ ලබා දීමට තමන් කටයුතු කරන බවත් Ekroma Realtors සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඔනේෂ් සුබසිංහ සඳහන් කළේය. මෙම සෑම නිවසකම මුළුතැන් ගෙයි කබඩ් වල සිට බිම් ඇතුරුම් හා සනීපාරක්ෂක භාණ්ඩ තෙක් විශ්වසනීයව වඩාත් ඉහල ආකාරයෙන් නිමවන බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.
Ekroma Realtors සඳහා ඉදිරි සැලසුම් අනුව, ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව රැඳී සිටීමේ බලාපොරොත්තුව සමග 2022 දක්වා ඔවුන්ගේ ව්‍යාපෘති ගණනාවක් ඇති අතර, වාණිජ කුලුණු හා තවත් සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණ මේ අතර වේ. ඔවුන් ගේ අදහස හුදෙක් ආයෝජකයින්ම සෙවීම නොවන බවත් කළමනාකාර අධ්‍යක්‍ෂ ඔනේෂ් සුබසිංහ තවදුරටත් සඳහන් කළේය.

scroll to top