විශිෂ්ටතම අලෙවිකරුවන් සඳහා JKOA වෙතින් සම්මාන

JKOH-Awards.jpg

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී (John Keells Holdings PLC) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් පුද්ගලික සමාගම (JKOA) විසින් පසුගිය වසරේ දී සමාගමේ කාර්යසාධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් සිය අලෙවි නියෝජිතයින් ඇගයීමට ලක් කෙරීය.

JKOA ආයතනය කාර්යාලයීය ස්වයංක්‍රීයකරණ විසඳුම් සඳහා දශක ගණනාවක් පුරාවට ඉතා විශ්වාසනීය ආයතනයක් ලෙස ප්‍රසිද්ධ බවත්, අපගේ නියෝජිත ජාලයන්හි සේවා විශිෂ්ටත්වය තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඔවුන් දිරිගැන්වීම සඳහා ඩුබායි සංචාර සහ සම්මාන උළෙල පැවැත්වූ බවට JKOA හි අලෙවිකරණ හා ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධාන මෙන්ම ජෝන් කීල්ස් සමූහයේ සහකාර උප සභාපති මලික් එඩ්වින් මහතා පැවසීය.

කාර්යාලයීය ස්වයංක්‍රීයකරණ කර්මාන්තයේ ඉහලට යාමේදී විශේෂඥ දැනුමකින් යුත් අලෙවි නියෝජිත ජාලයක් පවත්වාගැනීම ඉතා වැදගත් කරුණක් වේ. JKOA වෙතින් ලැබෙන ප්‍රතිලාභ ඉහල ගුණාත්මක නිෂ්පාදන මිලදී ගැනීමකින් පමණක් අවසන් නොවන අතර එමගින් නියෝජිත ජාලය හරහා නව විකුණුම් සහ පාරිභෝගික සේවා සැපයීම සහතික කෙරේ. එම නිසා සියලුම කාර්යාලයීය ස්වයංක්‍රීයකරණ සේවා සඳහා හොඳම ආයතනය JKOA ලෙස සැලකිය හැකිය.

සමාගමෙහි නවතම විකුණුම් දත්තයන්ට අනුව ආරම්භයේ සිටම Toshiba Copiers සඳහා සුවිශේෂී වර්ධනයක් අත්පත්කරගෙන ඇත. JKOA සහ සිංගප්පුරුවෙහි Toshiba Tech හි අනුග්‍රහයෙන් ඩුබායි සංචාරය සඳහා සියලු වියදම් සහිතව සංචාරය ලබා දුනි. ඒ සඳහා ජයග්‍රාහකයින් ට අමතරව JKOA ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ තෝරාගත් සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.

තවද මෙහිදී කාර්යාල ස්වයංක්‍රීයකරණ නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම සඳහා JKOA නියෝජිත ජාලයේ අඛණ්ඩ උත්සාහය අගය කිරීම සඳහා ද සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වූ අතර එහිදී සම්මාන දිනාගත් නියෝජිතයින් වන්නේ හොඳම අලෙවිකරණ නියෝජිත අංශය (කොළඹ) දෙවන ස්ථානය නුගේගොඩ Just Technology Pvt Ltd හට හිමිවුනු අතර එම කාණ්ඩයේම පළමු ස්ථානය කොළඹ 02 හි පිහිටි The Office Shop Pvt Ltd විසින් හිමි කර ගන්නා ලදී. හොඳම බෙදාහරින්නා (කොළඹින් පිට) Tier 02 අංශය සඳහා පොළොන්නරුව හි පිහිටි M. N. Office Automation ද එම අංශයේම ජයග්‍රාහකයා ලෙස මාතර Kent Business System තේරී පත් විය. තවද හොඳම බෙදාහරින්නා (කොළඹින් පිට) Tier 01 අංශයේ තෙවන ස්ථානය සඳහා යාපනයෙහි පිහිටි North Link Engineering සහ අනුරාධපුර හි Vanoj Office Automation හා එම කාණ්ඩයේම දෙවන ස්ථානය සඳහා ගාල්ල Lanka Technology Appliances Pvt Ltd තේරී පත් වුනු අතර කුරුණෑගල K. T. Office Automation (Pvt) Ltd ජයග්‍රාහකයා ලෙස තේරී පත්විය.

scroll to top