විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම සම්බන්ධයෙන් ඇමතිනිය කරුණු දක්වයි…

Thalatha-7.jpg

ව්‍යවස්ථා සංශෝධනය, විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම හා අගමැතිතුමා බැඳුම්කර කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ අද දින (2017.10.26) රත්නපුර පැවති උත්සවයකදි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය. එහිදී අමාත්‍යතුමිය අදහස් දක්වමින්,

1. නව ව්‍යවස්ථාවක් හදාගෙන යනවා. ඒක රටට ජනතාවට විරුද්ධයි කියලා කතාවක් යනවා. ඒ ගැන මොකක්ද ඔබතුමියගේ අදහස?

– මහ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු අනෙකුත් සියළුම ආගමික නායකයින්ට අයිතියක් තියෙනවා රටේ වෙන දේවල් ගැන හොයලා බලන්න. මෙ ගැන අවසාන තීරණයකයට ආවට පස්සේ ඒ ගැන අවශ්‍ය පාර්ශයවන් දැනුවත් කරයි. මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහත්තයා කිව්ව කතාව ගැන කියන්න තියෙන්නේ එතුමගේ අර මොකක්ද පුරුද්ද ලොකුයි කියලා. මම කියන්න යන්නේ නෑ ඒ මොකක්ද කියලා. එයා ඉතිහාසයේ කළේ හැමදාම බෝම්බ ගහපු එකයි අත් කපපු එකයි. ඒ දේවල් වලින් මිදෙන්න බෑ එයාට. ඒක තමයි ඒ තිබිච්ච දර්ශනේ. ඒක දකින්නම ඕනි. ඕක අද ඊයෙ කරපු දෙයක් නෙවෙයි. මීට කලිනුත් එයා ඒ වගේම වැඩ කළා.

2. කිව්ව විදිහට එයා පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහයිද?

– කරන්න බැරි කමක් නෑ. එල්.ටී.ටී.ඊ කියලා නෑ. වෙන ඒවා කියලා නෑ. ත්‍රස්තවාදි පනත අනුව ඉදිරියේදී ඒ විදිහට කි්‍රයාත්මක කරන්න වෙයි. එතුමට අයිතියක් තියෙනවා එහෙම කරන්න මොකද ඒ එතුමගේ පුරුද්ද නිසා.

3. ගරු අගමැතිතුමත් බැදුම්කර කොමිසමට ගෙන්වන්න යෝජනාවක් තියෙනවා කියලා පුවත්පත්වල පළවුණා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

– ඒක තමයි අපේ කණගාටුදායක තත්ත්වය. මාධ්‍ය නිදහසක් ඇතිකරලා තියෙන මේ රටේ අද මාධ්‍ය පුදුම විදිහට අවභාවිතා වෙනවා. මේ ගැන
ඉදිරියේදී කතිකාවතක් ඇතිකරලා ඒ ගැන තිරණයක් ගනියි. හැබැයි බැඳුම්කර කොමිසමට අගමැතිතුමා කැඳවලා නෑ. එතුමට වුවමනාවක් තියෙනවා ඒ ගැන එතුමගේ ප්‍රකාශයක් ගන්න අවශ්‍ය නම් ඕනිම වෙලාවක ඇවිත් බැඳුම්කර කොමිසමට ප්‍රකාශ කරන්න.

scroll to top