විදේශ රැකියා අමාත්‍යංශයේ නව ලේකම් රාජකාරි අරඹයි..

FOREIGN.jpg

විදේශ රැකියා අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ගාමිණි සෙනෙවිරත්න මහතා අද දින (2017.10.10) විදේශ රැකියා අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කරන ලදී. ඒ මහතා මීට ඉහතදී මහනුවර දිස්ති්‍රක් ලේකම් ලෙසත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ලෙසත් කටයුතු කළ අතර, රාජ්‍ය සේවයේ දීප්තිමත් නිළධාරියෙකු ලෙසත් ප්‍රකට පුද්ගලයෙකි.

මෙම වැඩ භාරගැනීමේ අවස්ථාව සඳහා අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියද සහභාගි විය. ඊට අමතරව බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ හා ගාමිණි සෙනෙවිරත්න මහතාගේ බිරිද, විදේශ රැකියා අමාත්‍යශයේ අතිරේක ලේකම් යමුනා පෙරේරා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු යන මහත්වරුන් හා අමාත්‍යංශයේ නිළධාරීන්ද එක්ව සිටියහ.

scroll to top