විදේශ ඇමති මංගලගෙන් මාතරට ලංකා-ඇමරිකා ඒකාබද්ධ සෞඛ්‍ය කඳවුරක්…

Medical-Camp-02.jpg

ශ්‍රී ලංකා නාවික හමුදාව එකසත් ජනපද නාවික හමුදාව හා එක්ව 2017 මාර්තු මස 16 වන දින මාතර ලන්දේසි රෝහලේදී සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීය. මෙම කඳවුර විදේශ කටයුතු අමාත්‍ය හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මංගල සමරවීර මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතුල් කේශාප් මැතිතුමා විසින් සංවිධානය කරන ලදුව, “ශාන්තිකර සහයෝගීතාව 2017” යටතේ ශ්‍රී ලංකා හා එක්සත් ජනපද නාවික හමුදා නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් පැවැත්විණි.

මේ සඳහා මාතර ප්‍රදේශයේ පදිංචි ජනතාව විශාල සංඛ්‍යාවක් සහභාගීවූ අතර, එහිදී විවිධ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හා එක්සත් ජනපද නාවික හමුදා වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගැනීමට ඔවුන්ට හැකිවිය. රෝගීන් අතර නොමිලයේ බෙහෙත් වර්ග බෙදාහැරීමද මෙහිදී සිදුවිය. මීට අමතරව විශේෂඥ වෛද්‍ය සායනයක්, දන්ත සායනයක්, අක්ෂි සායනයක් හා සෞඛ්‍ය උපදේශක වැඩසටහනක් මීට ඇතුළත් විය.
ශාන්තිකර සහයෝගීතාව යනු ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපයේ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන විශාලතම බහුපාර්ශවීය මානුෂීය ආධාර හා ආපදා සහන පෙර සූදානම් වැඩසටහනයි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් හා ස්වභාවික හේතූන් මත ඇතිවන විපත්වලදී වෛද්‍ය ආධාර සූදානම වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කලාපීය සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වෙයි.

එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයට අයත් එක්සත් ජනපද නාවික හමුදාවේ “USNS Fall River” නම් යුධ කටයුතු සඳහා යොදාගන්නා ප්‍රවාහන නෞකාව මාර්තු 07 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟාවිය. මෙම ශාන්තිකර හවුල්කාරීත්ව වැඩසටහන සඳහා සහභාගීවීමට නියමිත එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාවේ හා ජපානයේ නාවික නිලධාරීහු මෙම නෞකාවේ සිටියහ.

මෙම ශාන්තිකර සහයෝගීත්ව වැඩසටහන, මාර්තු මස 18 වන දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත.

  • Saman

    මෙය ඉතාමත් මහගු සත්කාරයක්

scroll to top