විදේශගත ලාංකිකයන්ගෙන් ඇ.ඩො.මි. 450ක් වටිනා තැන්පතු

Ravi.jpg

නොවැ 12, 2015 (විමසුම) – විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා කළ ඉල්ලීමට අනුව මේ වන විට ඇ.ඩො. මිලියන 450ක් වටිනා තැන්පතු මෙරටට ලැබී ඇතැයි මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

ස්විට්සර්ලන්තය වැනි රටවල තැන්පත් කර ඇති හෙළිදරව් නොකළ අරමුදල් නැවත මෙරටට ගෙන එන්නැයි පසුගියදා මුදල් ඇමතිවරයා ඉල්ලීමක් සිදු කළේය.

සෞදි අරාබියේ ගිණුම් දෙකක් හා කටාර් ගිණුම් දෙකක් ඒ අතර වන බව කරුණානායක මහතා පවසයි.

මෑතකදී යුරෝපයේ හඳුන්වා දුන් කළු සල්ලි නීතිය යටතේ, ස්විස් හා අනෙකුත් යුරෝපීය බැංකු ගණනාවක් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ
ගනුදෙනුකරුවන්ට සිය ගිණුම් හෙළිදරව් කරන ලෙස ඉල්ලා ඇත.

මෙම තත්වය තුල, මෙම මුදල් මෙරටට නැවත ගෙන්වා ගැනීම පහසු වන බව කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

scroll to top