විදෙස් ගතවන ශ්‍රමිකයින් කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යයයි.. ඇමතිනි තලතා අතුකෝරළ

Thalatha-1.jpg

විදේශ රැකියා සඳහා යොමුවන පිරිස් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනිවාර්යෙන්ම ලියාපදිංචි විය යුතු බවත් රජය ම`ගින් ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙන සියළු පහසුකම් හා සුභසාධනයන් හිමිවන්නේ ශ්‍රමික සුරැකුම වැඩසටහන තුළ ලියාපදිංචිවීම ම`ගින් පමණක් බවත්, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, අම්පාර දිස්ති්‍රක්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ ගැටළුවලට විස`දුම් ලබා දීම වෙනුවෙන් අම්පාර දිස්ති්‍රක්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනට 2017-08-21 වන දින සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —විදේශගතව රැකියා කරන අය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පොරොන්දු තුනක් දුන්නා. පලමු එක තමයි රටවල් වල වැඩකරන ශ්‍රමිකයින්ගේ මෙහේ පවුල් වල සුභසාධනය ඇති කරන එක. අපි ඒක 2016 ජනවාරි 8 වෙනිදා කි්‍රයාත්මක කලා. ජනවාරි 8 වෙනිදා සිට 14 වෙනතුරු සතියක් කල් දුන්නත් ලක්ෂ 14$15 පිටරට රැකියා කරන අයගෙන් 90,000ක් පමණයි ලියාපදිංචි වුනේ. සීමාවක් නැතුව දැන් ලියාපදිංචිය කරගෙන යනවා. මේ වෙනකොට අපේ අමාත්‍යාංශයේ ෙජ්්‍යෂ්ඨ සහකාර ලේකම්තුමිය යටතේ ඉන්න සංවර්ධන නිළධාරීන් හරහා ලක්ෂ 3ක් පමණ ලියාපදිංචි කරලා තියනවා.

මේ වැඩසටහන ජනාධිපතිතුමා කි්‍රයාත්මක කරන්න පොරොන්දු වුනේ වැඩියෙන්ම පිටරට යන අය ඉන්නේ නැගෙනහිර පළාතේ, එතුමා නියෝජනය කරන උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ. පිටරට රැකියා කරන අයගෙන් වැඩියෙන්ම ඉන්නේ කාන්තාවෝ. කාන්තාවෝ තමන්ගේ දරුවන්ව තියලා රට ගියාට පස්සේ දරුවන්ගේ ජීවිත විශාල වශයෙන් කඩාවැටීමක් සිදුවෙනවා. අධ්‍යාපන කටයුතු හරියට කෙරෙන්නේ නැහැ. අම්මලා දුක්වි`දලා එවන මුදල් තාත්තලා හරියට යොදවන්නේ නැහැ. තමන්ගේ සිහිනයක් ගෙයක් හදා ගන්න එක, දරුවන්ට උගන්වන එක කියලා හිතලා රට යන අම්මලා එනකොට සිහින ඔක්කෝම නැති වෙලා තියෙනවා. මේ පවුල් ගැන සොයාබැලීමක් නොකෙරුණු නිසා.˜ ලෙස සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —පිටරට රැකියා වලට යන අය විදේශ සේවා නියක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා යන එක අනිවාර්ය දෙයක්. ඉදිරියේදී මේ ශ්‍රමිකයින් වෙනුවෙන් ලබා දෙන හැම දෙයක්ම සිදුකෙරෙන්නේ මේ වැඩසටහනේ ලියාපදිංචි වෙලා තිබුණොත් පමණයි. අපි ලබන සතිය වෙනකොට නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම ආවරණය කරලා අවසන් කරනවා. ඊළ“ග පියවර විදියට ස්වයං රැකියා සහ නැවත ඇවිත් ඉන්න අයගේ වැඩසටහන් නීතිරීති අනුව කි්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය 30 අවුරුද්දකට ආසන්න කාලයක් මේ ප්‍රදේශ වල ජනතාව සාමාන්‍ය ජීවිතයේදී නොයෙකුත් අපහසුතාවලට, පීඩනවලට මුහුණ දීපු අය කියලා අපි දන්නවා. මේ රජයේ පරම වගකීම සහ ජනපතිතුමාගේ, අගමැතිතුමාගේ අවශ්‍යතාවය මේ රටේ කොයි තැනක ජීවත් වුනත් මොන ආගමක වුනත්, මොන ජාතියක, කුලයක වුනත්, මොන සමාජ මට්ටමක හිටියත් සියලූ දෙනාම ශී්‍ර ලාංකිකයින් සහ මනුෂ්‍යයින් හැටියට රජය විසින් වගකීම් ඉෂ්ඨ කරනවා.

අපේ කටයුතු අපි දිගට කරගෙන යනකොට අඩුපාඩුකම් තියෙන්න පුලූවන්. මගේ වගකීම මේ ප්‍රශ්න අවබෝධ කරගැනීම. ති්‍රකුණාමලය දිස්ති්‍රක්කයේ, අනුරාධපුර දිස්ති්‍රක්කයේ තිබුණු නැති ප්‍රශ්න අම්පාර දිස්ති්‍රක්කයේ තියෙනවා. මේ ප්‍රශ්න හ`දුනාගෙන තමයි ඒවාට පිලියම් යොදන්න වෙන්නේ. ඉදිරියේදී රට යවන ප්‍රමාණය ගැන නෙමෙයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ බලන්නේ. රට රැකියාවට යන අයගේ ප්‍රමිතිය. හො`ද පුහුණුව වගේම යන අයගේ ආරක්ෂාව සහ සුභසාධනය ගැන සහ පිහිටුවන වැටුප් තලය ගැනයි බලන්නේ.

මේ නැගෙනහිර පළාතටම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එක කාර්යාලයක් තමයි මඩකලපුව ප්‍රදේශයේ තියෙන්නේ. විදෙස් ගතවෙන ශ්‍රමිකයින්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් කතාකරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිළධාරීන් ඉන්නවා. රට යන අය පුහුණු කරන්න, ලියාපදිංචි කරන්න සහ ගැටළුවක් ඇතිවුණොත් ඒවා සමථ කරන බලය තමයි ඉදිරියේදී මඩකලපුවට යන්නේ. කටයුතු කරනකොට සෑහෙන්න කාලයක් යනවා. ඒ අනුව ඔබලාට ඉදිරියේදී තිරුක්කෝවිල් ඉඳන් අම්පාරට යන්න නෙවෙයි අවශ්‍ය සහයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම නිළධාරීන් ඉන්නවා. මේ වසම් 22ටම 1400ක් විතර දැනට ලියාපදිංචි වෙලා තියෙනවා. ඉන් වැඩිම පිරිසක් ඉන්නේ 900 ගාණක් විතර පිරිමි අය. 400ක් විතර කාන්තා ශ්‍රමිකයින් ලියාපදිංචි වෙලා ඉන්නවා.
රජයේ ප්‍රතිපත්තිය තමයි වියදම් අඩුකිරීම. විශේෂයෙන්ම වගකිව යුතු නිළධාරියා හරියට එයාගේ වගකීම ඉටුකරන්න ඕනි. අද මේ වැඩපිළිවෙලට ප්‍රාදේශීය ලේකම්තුමා ලොකු සහයෝගයක් ලබාදුන්නා. අපි එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාෂා තුනෙන් පොස්ටරයක් විතරයි ප්‍රදර්ශනය කළේ. ඊට අමතරව වෙන කිසිම ප්‍රසිද්ධියක් නෑ. අපේම පවුලේ සමාජිකයින් ලෙස හිතලා අපේ මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තවත් අය දැනුවත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ˜ යනුවෙන් අමාත්‍යතුමිය සඳහන් කළාය.

scroll to top