රැකියා බලපත්‍ර රහිතව පුද්ගලයින් විදේශ ගතකිරීමේ ජාවාරමක් හෙළි වේ…

Documents.jpg

තැපැල් කන්තෝරුව ඉදිරිපිට නිවස, පහළ කුඩාවැව, කුඩාවැව ලිපිනයේ පදිංචිි වසන්ත විෙජ්තුංග නම් පුද්ගලයෙකු විසින් සංවිධානාත්මක ලෙස පුද්ගලයින් විදේශ ගතකිරීමේ ජාවාරමක් හෙළි කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් සමත්වී තිබේ. කාර්යාංශයේ මාධ්‍ය ඒකකයට ලද තොරතුරක් මත විදේශ රැකියා අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි මෙම වැටලීම මෙහෙය වූ අතර, උපාය දූතයෙකු මාර්ගයෙන් සැකකරු කොටුකර ගැනීමට නිළධාරීන්ට හැකිවිය.

කුවේට් රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා රු.50,000 ක් සම`ග තමන් හමුවීමට සිය නිවසට පැමිණෙන ලෙස සැකකරු උපාය දූතයාට දන්වා තිබේ. ඒ අනුව 2017.03.13 දින සවස 6.30ට පමණ සැකකරුගේ නිවසට ගිය විමර්ශන නිළධාරීන් නිවස වටලා එහිදී සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. නිවස පරීක‍ෂා කිරීමේදී එහි තිබී ගුවන් බලපත්‍ර ඡායාපිටපත් 120, ගුවන් ගමන් බලපත්‍ර 10ක්, විදෙස් ගතවීමට බලාපොරොත්තු වන අයගේ උප්පැන්න සහතික හා රැකියා අයදුම්පත්‍ර විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.
ඔහු විසින් කලක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිඛෙන අතර, කුවේට් රාජ්‍යයේ උසස් රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර තිබේ. මොහුට ශ්‍රමිකයින් විදේශ ගතකිරීමට අවශ්‍ය රැකියා බලපත්‍රයක් නොමැති අතර නීතිවිරෝධී ලෙස මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.

සැකකරු මාර්තු මස 14 දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මාර්තු මස 20 දින දක්වා රක‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, ශ්‍රමිකයින් විදේශ ගතකිරීමට නම් කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් තිබිය යුතු බවත්, මෙවැනි ව්‍යාජ තොරතුරු සපයමින් මුදල් වංචා කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසයි. ඔවුන් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය දැනුවත් කරන ලෙසත් ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. මෙවැනි වංචනික පුද්ගලයින් වෙනුවෙන් නීතිය උපරිම වශයෙන් කි්‍රයාත්මක කරන බවත්, කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන වැටලීම් පුළුල් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක‍ෂක එම්.ඒ.එස්.ෙජ්.අබේධීර, පොලිස් පරීක‍ෂක ඩබ්. බාලසූරිය, පොලිස් සැරයන් එස්.ෙජ්.පී.රවීන්ද්‍ර, කාර්යාංශ නිලධාරී, උදය කුමාර හා කාර්යාංශ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ලේකම් නලින් රාජපක‍ෂ, ශක්ති මුණසිංහ යන මහත්වරුන් එක්වූහ.

scroll to top