විගමණික ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම ගැන සොයාබලනවා…

Thalatha-Athukorala-1.jpg

අපි ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානම්… කරන හොඳ වැඩ ගැන කතා කරන්නේ නෑ…
– ඇමතිනි තලතා අතුකෝරළ

කුමන ආකාරයේ චෝදනා එල්ල වුවද තමන් විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් සිදුකරන කාර්යයන් නතර නොකරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි. අමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ පසුගියදා අනුරාධපුර දිස්ති්‍රක්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, —නොයෙකුත් විදිහේ චෝදනා අපිට කරනවා. මම ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානම්. දේශපාලන වාසි ලබාගන්න බොරු ප්‍රචාර කරන අය ගොඩක් ඉන්නවා. අපි කොහෙවත් කිව්වේ නෑ විගමණික ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය දෙනවා කියලා. නමුත් අපි ඒ ගැන මේ වෙනකොට කටයුතු කරනවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකතුමා, ඒ වගේම විදෙස් කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා, මන්ති්‍රවරුන් ගෙනල්ලා අපි සාකච්ඡාවක් තිබ්බා. දෙවන වටයේ අපි නීතිපතිතුමාත් එක්ක සාකච්ඡා කරනවා මේ දේ කි්‍රයාත්මක කරන්න පුළුවන්ද කියලා බලන්න.

ඒ ඇරෙන්න අපිට හිතන දේ කරන්න අපි බලාපොරොත්තු වෙන්නෙත් නෑ අපි එහෙම කරන්නෙත් නෑ. අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. බෝඩ් ගහන්නේ නෑ මෙච්චර ප්‍රමාණයක් රට ගියා කියලා. අපි අපේ කාර්යභාරය හරියට කරනවා ඒ අයගේ පවුල්වල ඥාතීන්ටත්. ගල් ගහලා මරන්න නියම වෙච්ච කාන්තාව බේරගන්න කවුරුත් කථාකරන්න කැමතිවුණේ නෑ. බේරගත්තම ඒ ගැන කතාකළෙත් නෑ. ඛෙල්ල කපලා මරන්න නියම වෙච්ච කාන්තාව බේරගත්තම කවුරුත් ඒ ගැන කථාකළේ නෑ. නමුත් ඒ ගැන සන්තෝෂ වෙන්න අපිත් කැමතියි. අවසානයේ අපිට ලැඛෙන්නේ ආත්ම තෘප්තිය විතරයි. යනුවෙන් සඳහන් කළාය.

scroll to top