වැඩවර්ජනය කරන වෛද්‍යවරුන් පිළිබඳව ඉදිරියේදී වගකීමෙන් කටයුතු කරනවා…

Thalatha-1.jpg

ජනාධිපති මෛති්‍රපාල සිරිසේන මහතා විසින් සයිටම් ආයතනය ආරම්භ කළ ආකාරයට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන බවත්, රජයේ මුදල්වලින් උගත් වෛද්‍යවරුන් වැඩ වර්ජනය කර රෝගීන් අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය වගකීමෙන් කටයුතු කරන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, පසුගියදා රත්නපුර ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර උවදුර නිසා හානියට පත් රත්නපුර , ඇලපාත දම්බුලුවන මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට එක්වෙමිනි. ලෙබනන් රාජ්‍යයේ සේවයේ නියුතු ලාංකික ශ්‍රමිකයින්ගෙන් රුපියල් 250000ක මූල්‍යමය ආධාර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ලැබුණු අතර ඒ මගින් විද්‍යාලයේ සම්පුර්ණයෙන් තීන්ත ආලේප කිරීම , විදුලි පද්ධතිය සම්පුර්ණ කිරීම, කැඩීගිය පැතිබැමි තැනීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —පසුගිය සමයේ ගංවතුර ආපු වෙලාවේ විදේශ රැකියා අමාත්‍යංශය හරහා රටවල් 25ක විතර රැකියාව කරන විශාල පිරිසක් මට මොනවද අවශ්‍ය කරන්නේ කියලා ඇහුවා. ඒ අනුව ලෙබනන් රාජ්‍යයේ සේවය කරන ලාංකික කරන ප්‍රජාව විසින් මේ පාසල ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබාදුන්නා. එහෙම නොවෙන්න මේ වගේ වැඩ කටයුතු අපිට කරන්න ලැඛෙන්නේ නෑ. පාලම් දහසක් හදන වැඩ පිළිවෙල යටතේ නිවිතිගල ආසනයේ 7 වෙනි පාලමටත් මුල්ගල තිබ්බා.

ජනාධිපතිතුමා යහපාලනය ඇතිකිරීමේදී එහි කොටස්කරුවන් ලෙස අගමැතිතුමාත් අපි හැමෝමත් කටයුතු කරන නිසා මේ අවුරුදු 2 තුළ අපි භාරගත්ත වගකීම් කරන්න හැකිවුණා. සමහර වසම්වල ලක්ෂ 2500 විතර පනින්න වැඩ කරලා තියෙනවා. මේවා අද සමහර අතරට යන්නේ නෑ බෝඩ් එකක් එහෙම නැති නිසා. කරන්න අවශ්‍ය වැඩ කරලා ඒකෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ගන්න කටයුතු කරන රජයක් නෙවෙයි මේ රජය. රජය යටතේ පවතින ඉඩම්වල වැඩ කටයුතු සොයාබලන්න ඉඩම් ඇමතිතුමා මේ පළාතේ සංචාරය කළා. අපිට ලක්ෂ 150ක ආපදා මධ්‍යස්ථානයක් ලැබුණා. මේ හැමදේම කරන්නේ ජනතාව අපි කෙරෙහි තිබ්බ විශ්වාසය තහවුරු කරන්න. 5$6ක බලයක් ලබාගෙන ෙජ්.ආර්.ජයවර්ධන මහත්මයා 1977 කළාට වඩා වැඩි වැඩ කොටසක් මේ රජය කරලා තියෙනවා. කිසිම වැඩක් නොකෙරුණු වසම් වලටත් ලක්ෂ 25ක් 30ක් එවලා තියෙනවා. මේවා අපි කරන්නේ මැතිවරණ ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් නෙවෙයි.

ඇතැම් වෙලාවට දරුවන්ට හරි මාර්ග උපදේශනය නොමැති නිසා ඔවුන් අසරණ වෙනවා. තව ටික දවසක් ගියාම වසමකට පාසලක් නම් කරනවා. ඒ පාසල වසම් දෙක තුනකට නම් වෙන්න ඉඩ තියෙනවා. ගමේ පාසල් දියුණු වෙන්න ඕනි. ළ`ගම පාසල හොඳම පාසල සංකල්පය මේ රජය ආරම්භ කළා. එහි පළමු පියවර විදිහට මේ ගමේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. අවශ්‍ය පමණට ගුරුවරුන් ලබාදෙනවා. දෙමව්පියන් නැති තරගයකට වැටිලා ඔවුන් හිතනවා ජාතික පාසල්වල ගියොත් විතරයි ළමයින් ඉගෙනගන්නේ කියලා. මේවට ආකල්පමය වෙනසක් ඇතිවෙන්න ඕනි. ඉගෙනගන්න ළමයා ගෙදර හිටියත් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නේ නැති ළමයා මොන පාසලට ඇරියත් ඉගෙන ගන්නේ නෑ.

ළමා වයසේ ළමයින්ට අවශ්‍ය දේ අපි ලබාදෙන්න ඕනි. අපි රටක් හදන්න සමාජයක් හදන්න කටයුතු කරනකොට වැඩකට නැති පුහු දේවල් අපේ ඉස්සරහට දාගෙන තියෙනවා. ගුරුවරුන් තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් දෙමව්පියන් තමන්ගේ ළ`ගම තැනට ළමයව යවන්න ඕනි. නගරයේ පාසලට යැව්වම එතන වෙන දේවල් ගැන දෙමව්පියන්ට හොයන්න වෙලාවක් නෑ. ගමේ පාසල දියුණු කරන්න ඕනි. ඒකට රජය උදව් කරනවා. රජය හැටියට අවශ්‍ය ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා පහසුකම් ලබාදෙනවා නම් තමන්ගේ ළමයින්ට අධ්‍යාපනය ලබාදීමේදී ඒ කටයුතු කරන්න ඕනි.˜ යනුවෙන් සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —අවුරුදු 20ක් තිස්සේ ගොඩ ගහපු කුණු කන්ද කඩාගෙන වැටුණම ඒකටත් රජයට බනිනවා. කුණු කන්දෙන් නිවාස විනාශ වුණු අයට රු.50000ක් දෙනවා නිවාස අරගෙන ඉන්න. පහුගිය රජය මුදල් ඉපයීම පමණක් මූලික කරගෙන කරපු කටයුතු නිසා අද මේ රජය ගොඩක් අපහසුතාවයට පත්වෙනවා. මේ දරුවො හෙට දවසේ වෛද්‍යවරයෙක් වුණොත් එහි සම්පූර්ණ බර දරලා තියෙන්නේ රජය. මොකද රජය තමයි ඔහුගේ අධ්‍යාපනයට අවශ්‍ය සියළුම වියදම් දරන්නේ.

අද සයිටම් කියලා එකක් පටන් ගෙන මුළු රටේම මිනිස්සු අපහසුතාවයට පත්කරමින් රටේ ලොකු ප්‍රශ්නයක් ඇතිකරගෙන යනවා. සයිටම් පටන් ගත්තේ මෛති්‍රපාල සිරිසේන මහත්තයා වගේ තමයි අද සමහරු කතාකරන්නේ. සයිටම්වල ලොකුම ප්‍රශ්නය තමයි ඒක පටන් ගන්නත් මේ රටේ මිනිස්සුන්ගේ මුදල් බිලියන 3ක් දීලා තියෙනවා ලංකා බැංකුවේ ණයක් හැටියට. ඒවා අයකර ගන්නේ කොහොමද. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන වෛද්‍යවරු වෙලා උදේට රජයේ පාසල්වල වැඩ කරන එක නතර කරලා හවසට පෞද්ගලික චැනලින් සෙන්ටර් දාගෙන ඉන්නවා. වෛද්‍යවරු කිව්වම අපි විශ්වාස කරන්නේ ඉතාම හොඳ වෘත්තියක් කියලා. මේ වෘත්තියේ වටිනාකම කොහෙද තියෙන්නේ. උදේට රජයේ රෝහලේ වැඩ කරන්නේ නෑ. මුදල් උපයන්න හවස වැඩ කරනවා. මේ අය මේ කි්‍රයාත්මක වෙන්නේ දේශපාලන අරමුණු කරා රට මෙහෙයවන්න. රජයක් හැටියට ඒ අය ගැනත් ඉදිරියේදී වගකීමෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.˜ ලෙස ප්‍රකාශ කළාය.

scroll to top