වාණීජකරණය සන්නිවේදනය හා ආධ්‍යාත්මික පරිහාණිය

අද පවතින්නේ සම්පුර්ණයෙන්ම වාණිජකරණය වූ සමාජ ප්‍රවාහයකි. මේ සමාජයේදී සියලු සමාජ සම්බන්ධතා මුදලට විකිණේ. හෙවත් සියල්ල මුදල මත පදනම්ව ඇත. හැඟීම්, ආකල්ප, ගුණවත්කම්වලට මේ වර්තමාන සමාජ සබඳතාවලදී කිසිදු ඉඩකඩක් නැත. කරුණාව මෛත්‍රිය, මුදිතාව හා උපේක්ෂාව ඇති තැනැත්තා පරාජිතයෙක් සේ සැලකීමට පවා මේ හේතුව මත සමාජයේ බොහෝ පිරිසක් පෙළඹී තිබීම නූතන සමාජ ආකල්වල විද්‍යමාන සාවද්‍ය බවට හොඳම නිදසුනකි. මේ යටතේ බොහෝ පවුල්වල දෙමව්පියෝ සිය දරුවන්ට හැකිතාක් ආත්මාර්ථකාමී වීමට උපදෙස් සපයති. අනෙකාව කපා හැර තමා පමණක් ඉහළ ස්ථරයට ළඟා වීමට, සම්පත් තනිවම භුක්තිවිඳීමට, ගරු කළ යුත්තන්ට ගරු නොකර සිටීමට හා එමඟින් සිය මහන්තත්තකම් හුවා දැක්වීමට ආදී වශයෙන් වැරදි උපදෙස් දරුවන්ට සපයති. මේ යටතේ බුදු දහම පමණක් නොව සියලුම ආගම්වලින් හුවා දක්වන යහ ගුණ සමාජ පරමාදර්ශ නොතකා කටයුතු කිරීමට වර්තමාන පරපුර හුරු පුරුදුව ඇත. මෙයට ප්‍රධාන හේතුව කාලයක් තිස්සේ සමාජයේ තිබූ තරඟකාරීත්වය නැතහොත් උනුන් කපාහැර යාමට පෙළඹීම වර්තමානයේදී වඩාත් දැඩිවීමයි. මෙම සංසිද්ධිය වාණිජත්වය මුල්බැසගත් සමාජ ක්‍රමයතුළදී පරපුරෙන් පරපුරට වඩ වඩාත් දැඩිවෙමින් යන කාරණයක්බවට පත්ව ඇත. මෙය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියත්න විසින් හරිම අපූර්වට වචන කීපයක් පමණක් භාවිතා කර විග්‍රහකර තිබේ. එනම් හෙටට වඩා අද හොඳයි යන්නයි. හැමවිටකදීම මෙය සත්‍යයකි. හෙට සෑම විටකදීම නරක වනුයේ අද පවතින පරපුරට වඩා අනාගත පරපුර අනුක්‍රමිකව ආත්මාර්ථකාමීවීම බඳු දුර්ගුණ වර්තමාන පරපුරුවලට සාපෙක්ෂකව අනාගත පරපුරුවල වර්ධනයවීමේ ප්‍රවණතාව පාරම්පරිකව අධික වන නිසාය.

‘දියුණුව’ යන වචනය මේ යුගයේ නිතර ඇසෙන වචනයකි. එමෙන්ම ‘සංවර්ධනය’ යන වචනයද ලෝකයේ කතා බහ අතර නිරතුරුව ඇසෙයි. දියුණුව යනු කුමක්ද? ලොව ඇත්තේ එකම ආකාරයේ දියුණුවක්ද? කොටින්ම කියතොත් පවතින්නේ ‘දියුණුව’ද? ‘දියුණු’ද? අන් සියලු සංකල්ප මෙන්ම ‘දියුණුව’ යන සංකල්පයද සංස්කෘතියට සාපේක්ෂ වෙයි. වර්තමානයේ හැදින්වෙන දියුණුව භෞතිකවාදී ආකල්ප යටතේ අර්ථ දැක්වෙන දියුණුවයි. එය ලොව ඇති එකම දියුණුව ලෙස පිළිගැනීමට වර්තමානයේදී බල කෙරී ඇත. වෙනත් ආකාරයක දියුණුවක් ලොව පවතීද යන ප්‍රශ්නය පවා ඇසීමටවත් නොලැබේ. මෙයින්ම බටහිර භෞතිකවාදී සංස්කෘතික ආධිපත්‍යය කොතරම් දුරකට ලොව පුරා විහිදී ඇත්දැයි පැහැදිලි වෙයි.භෞතිකවාදී ආකල්ප යට‍තේ දියුණුව ‍ලෙස හැදින්‍ ‍වෙන්‍ ‍‍නේ ඒක පුද්ගල ආදායම වැඩිවීම, පුද්ගලික නිදහස ඉස්මතුවීම, ‍ ‍‍සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් වැඩි දියුණු වීම ආදියයි. එහිදී, පුද්ගලයා‍‍ගෙන් සමාජයට වන බලපෑම, සමාජ සාරධර්ම (ඉදහිට ‍හෝ සාරධර්ම ගැන කතා කළද ඒවා භෞතිකවාදී චින්තන රටාව මත පදනම් වූ සාරධර්ම ‍වෙයි) ‍හෝ පරිසරයට වන බලපෑම සාකච්ඡා ‍නො‍කෙරෙයි. භෞතිකවාදී චින්තන රටාව තුළ සංසාරයක් පිළි ‍නොනැ‍ගෙන නිසා එහි ‘දියුණුව’ ‍මෙ‍ලොව (‍‍ලෞකික) දියුණුව පමණක් ‍වෙයි. බෞද්ධ සංස්කෘති‍යේ ‘දියුණුව’ මීට ‍වෙනස් ‍වෙයි. එහි ‍‍‍‍ලෞකික දියුණුවට සමානව (‍හෝ ඊටත් වඩා) තැනක් අධ්‍යාත්මික දියුණුවට හිමි‍වෙයි. එ‍සේම එහි ‘දියුණුව’ ‍මෙ‍ලෙ‍‍ාවට පමණක් ‍නොව පරලොවටද බලපාන්නකි. බුදුරජාණන් වහන්‍ ‍සේ‍ගේ ‍දේශනා ‍බො‍හොමයක් ‍මෙ‍ලොව ‍මෙන්ම පර‍ලොව දියුණුව සදහාද ‍වෙයි.

ආධ්‍යාත්මික අගය අනුව දියුණුම පුද්ගලයා රහතන් වහන්‍ ‍සේය. එවැනි පුද්ගල‍යෙක් භෞතිකවාදී චින්තන රටාව අනුවනිකම්ම නික‍මෙකි. එම සංස්කෘති‍යේ ‘දියුණු’, නැත‍හොත් ‘සාර්ථක’ පුද්ගලයන් ‍ලෙස හැදින්‍ ‍වෙන්‍ ‍‍නේ අසාමාන්‍ය මමත්වයක් ඇති, තම තරගකරුවන් පරයා ‍ලෞකික දියුණුව ලැබී‍මේ ‍නොනිත් ආශා‍වෙන් ‍හෙබි, Virgin Airlines සමාග‍මේ අධිපති Richard Branson මහතා ‍හෝ Oracle සමාග‍මේ අධිපති Larry Ellison මහතා වැනි  අයය. එමෙන්ම හින්දු දහමට අනුව යෝග භාවනා කර සප්ත චක්‍ර අවදිකර විවිධ ශක්තී ‍‍ගොඩ නගා ගත් තැනැත්‍‍‍තා දියුණු පුද්ගල‍යෙකි. එ‍හෙත් අධ්‍යාත්මික පැතිකඩ අනුව එවන් පුද්ගල‍යෙක් එතරම් උසස් පුද්ගල‍යෙක් ලෙස ‍නොසැල‍‍කෙයි. ‍මේ අනුව ‘දියුණුව’ යන්න හැමවිටම සංස්කෘතියට සා‍පේක්ෂ ‍වෙයි. ‍බෞද්ධ සංස්කෘති‍යේ ඇති ‘වැවයි දාගැබයි’ සං‍‍‍කේත‍යෙන් එහි අර්ථ දැක්‍ ‍වෙන දියුණුව ගැන යම් අදහසක් ලබා ගත හැකිය. වැව ආර්ථික සං‍කේතයක් පමණක් ‍නො‍වෙයි. පරිසරය සමග සහජීවන‍යෙන් ජීවත් වීමද එයින් හැග‍වෙයි. (‍මෙහි වැව වැවක් මිස නුතන ‘ජලාශයක්’ නො‍‍වේ). එ‍‍සේම දාගැ‍බෙන් අධ්‍යාත්මික දියුණුව ‍මෙන්ම සංසාරික දියුණුවද හැග‍වෙයි. බටහිර නුතනත්ව‍යේ දියුණුව ‍කොපි කිරීමට යා‍‍‍මෙන් ඇතිවූ අනිටු පළ විපාක අපි ඕනෑවටත් වඩා අත් විදිමු. සමාජ පරිහානිය ‍මෙන්ම පාරිසරික විනාශයද දි‍නෙන් දින ඉහළ යන අතර, මුළු මහත් සමාජයම හු‍දෙක් ධනය ඉපයීම සහ පංච ඉන්ද්‍රියන් පිනවීම ජීවිත‍යේ එකම අරමුණ කර ගත්, වල්මත් වූ ස්වභාවයකට පත්ව ඇත. අද අප විසින් කළ යුත්‍‍‍ ‍තේ මෙම සංකල්ම මත පදනම්ව අපට අනන්‍ය වූ දියුණුව කුමක්දැයි අර්ථ දැක්වීමය. ඉන්පසු එම දියුණුව ලගා කර ගැනීමට උත්සාහවත් වීමය.

බෞද්ධ අර්ථකථන අනුව දියුණුම අධ්‍යාත්මික පුද්ගලයා පැවිදි පක්ෂයට අයත් රහතන්වහන්සේය. ගිහි පැවිදි කිසිදු භේදයක් නොමැතිව රහත්විය හැකි වුවද රහත්ඵලයට පත්වූ පසු සති දිනක් තුළ පැවිදිවීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එසේ නොමැතිව ගිහිව වසන්නේ නම් එම සත්දින අවසානයේදී මියයාමට හෙවත් පිරිනිවන්පෑමට රහත්ඵලයට පත් වූ පුද්ගලයාට සිදු වේ. නමුදු ඊට එක් ස්ථරයක් පහළ ආධ්‍යාත්මික මට්ටම වන අනාගාමී මඟඵලයට පත් ගිහියෙකුට ජීවීතාන්තය දක්වාම ගිහියෙකුව ජීවත්විය හැකිය. එපමණක් නොව සාධාරණ රැකි රක්ෂාවක නියැලෙමින් කටයුතු කිරීමේද හැකියාව එබන්ඳෙකුට ඇත. ගෞතම බුද්ධ ශාසනයේ විසූ චිත්ත, ඡත්තපාණී, විසාඛ ආදී අනාගාමී ගිහියන් පිළිබඳව තොරතුරු සඳහන් වේ.

බොහෝවිට බුදු දහම පිළිබඳව සමාජයේ ව්‍යාප්තව තිබෙන ඇතැම් මතවාද නිවැරදි නැත. සාමාන්‍ය පොදු ජනතාව හා බුදු දහමේ ප්‍රතිපත්තිගරුක පිළිවෙත අතර ඇති පරතරය දිනෙන් දින වැඩි වෙමින් ඇත. ඒ හිඩස පිරවීමට එතැනට පැමිණ ඇත්තේ බුදු දහමේ නමින් ඉදිරිපත්ව ඇති විවිධ මිථ්‍යා මතවාද හා විවිධ බාහිර අභිචාර සංස්කාර විධික්‍රමයි. මෙසේ දිනෙන් දින පොදු ජනතාව බුදුරදුන්ගේ ඉගැන්වීම් වෙතින් දුරස්වීමට බොහෝ හේතු සාධක ඇත. අද මෙරට අධ්‍යාපන පද්ධතිය ඉංග්‍රීසි භාෂාවත් විද්‍යා හා තාක්ෂණික විෂය ධාරාවත් පදනම්කොට ඇත. පොදු සාමාන්‍ය ජනතාවගේ දූ දරුවන් අධ්‍යාපනය ලබන මෙරට රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ පදනම හැරවුම් ලක්ෂයකට ගමන්කර තිබේ. මේ අනුව දැනට සිටින පරම්පරාවටද වඩා ඉදිරි ආනාගතයෙහි මේ අධ්‍යාපන පද්ධතිය මඟින් බිහිවන අනාගත පරපුර බුදු දහම වෙතින් දුරස්වනු ඇත. එහි පෙරයම් ලක්ෂණ දැනටද සාමාන්‍ය සමාජයෙහි විද්‍යමාන වෙමින් පවතියි. ත්‍රිපිටක පාලි බුදු දහම සම්බන්ධයෙන් නම් එය කිසිසේත්ම යහපත් ලක්ෂණයක් නොවේ.රටක ස්වභාවික උරුමය වෙතින් අනාගත පරම්පරාව දුරස්වෙමින් පැවතීම දියුණුවීමේ යහපත් ලක්ෂණයක් ලෙසට හඳුනාගත නොහැකිය.ඊනියා විදේශීය අධ්‍යාපන සංකල්පවලින් මොළ ශෝධනය කරගත් අය මේරට දියුණුවීමට ඇති ප්‍රධාන බාධකය ලෙස බුදු දහම හඳුන්වති.ඔවුන්ට අනුව ත්‍රිපිටකය,පාලි භාෂාව පමණක් නොව සිංහල බසද මෙරට දියුණු කිරීමට ඇති ප්‍රධාන බාධාවන්ය.ඔවුන් කියන ඊනියා දියුණුව වනාහී හැකිතාක් කොන්ක්‍රීට් ගොඩවල් ඉදිකිරීමෙන් ලබන භෞතිකදියුණුව මිසක අන්යමක් නොවේ.

නමුදු ගැටලුව ඇත්තේ එලෙස ලබන යම් ප්‍රගතියක් වේ නම් එය අපට සැබෑ දියුණුවක් ලෙස සැලකිය හැකිද යන්නයි.සමහරුන්ට අනුව දියුණුව යනු පංචකාම සම්පත් හැකිතාක් ගොඩගසා පංච ඉන්ද්‍රීයයන් පිනවීමේ අවස්ථා උදා කරගැනීමයි.කාමය ඔවුන්ට ඉතා වටිනා සම්පතකි.එබැවින් කාමය උලුප්පා හුවා දක්වන සෑම අවස්ථාවක්ම ඔවුන්ට අනුව ඊනියා දියුණුව මූර්තිමත් කරවන සාධක වේ.ඒ අනුව මවකට ඇති අගය නොව ස්ත්‍රී සිරුරේ හැඩතල කාමය උලුප්පන අයුරින් ඉස්මතුකර දැක්වීම ඊනියා දියුණුවේ අගනා සාධකලෙස ඔවුහු කල්පනා කරති.නූතන වෙළඳ ආර්ථික රටාවේ ප්‍රධාන කේන්ද්‍රීය හරයවනුයේ ද එයයි.වාහන ටයර් හා මෝටර්රථ අමතරකොටස් අලෙවිකර ගැනීමට පවා ඔවුන්ට ස්ත්‍රී සිරුර ප්‍රධාන වෙළඳ උපක්‍රමයක් වනුයේ මේ හේතුව නිසාය.අඩුවැඩි වශයෙන් සෑම වෙළඳ දැන්වීමකම යටිපෙළතුළ සැඟවුණු කාමසංකේත බොහෝ සූක්ෂම පොදු ජනතාවගේ සිත්සතන්තුළ ජාගර ආශා කුළුගැන්වීමටම යටිපෙළ ලෙස සකස්කරනුයේ මේ පාරිභෝගික අධිපාරිභෝජනවාදී අර්ථක්‍රමයතුළළ කාමය ප්‍රධානම උත්ප්‍රේරකය ලෙස භාවිතාවන බැවිනි.මේ අධිපාරිභෝජනවාදී භෞතික අර්ථක්‍රමයතුළ ඊට ප්‍රතිපක්ෂව ඉගැන්වීම් ඉදිරිපත්කරන සෑම දෙයකටම ඔවුහු එරෙහි වෙති.මේ අනුව කාමයෙහි සැබෑ ආදීනව කියා දෙන බුදුන්ගේ ඉගැන්වීම්වලට පමණක් නොව ප්‍රාචීන භාෂාශාස්ත්‍ර පාදකවූ සාම්ප්‍රදායික අධ්‍යාපනයටද ඔවුහු එරෙහි වෙති.යම් රටක පාලන බලය හොබවන නායකයන්ගේ ජීවිත හා පාලන පරමාදර්ශවලටද මේ සංකල්ප බෙහෙවින් බලපානු ලබයි.යම්කිසිරටක පවතින ප්‍රධාන පරිපාලන ක්‍රමවේදය,අධ්‍යාපනය හා ජනතා සිතුම්පැතුම් භෞතිකවාදය පදනම් කරගත්තක් නම් බලයටපත්වන කුමන අයෙකුටවත් එම ක්‍රමවේදයෙන් බැහැරවීමට ඉඩනොලැබෙන වටපිටාවක්ද සකස්ව තිබෙන බවද ඒ සමඟම අප අමතක නොකළ යුතුය.මේ සියලු කරුණුකාරණා සැලකිල්ලට ගැනීමේදී ඒ සෑම කරුණකටම වඩා ඉදිරියෙන් සිටිනුයේ රටක අධ්‍යාපනයයි. අධ්‍යාපනය මඟින් ජනතා සිතුම්පැතුම්,ආකල්ප සියල්ල සකස් කෙරෙයි.

සිනමා, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, ගද්‍ය පද්‍ය සාහිත්‍ය, සිතුවම්, පුවත්පත්, සඟරා, පොත්, වෙළඳ දැන්වීම්, ප්‍රචාරණය ආදී  සියලු සන්නිවේදන මාධ්‍යවල භෞතිකවාදී සමාජ ආකල්පතුළ කාමයට ප්‍රධානත්වයම ලැබී ඇතිබව පෙනී යයි. ඒ තුළ පුරුෂ රුවට වඩා කාන්තා රුව කාමය උලුප්පාලීම පිණිස බහුලව භාවිතා කෙරේ.මාතෘත්වය කාන්තාවකගේ හුවා දැක්විය යුතු අගය වුවද නූතන වාණිජකරණයතුළ අලෙවිවන ප්‍රධානම මෙවලම කාමය වන නිසා ස්ත්‍රියකගේ සිරුරු හැඩතල තුළ සැඟව ඇති කාමය ඉවතට ඇදදමා හැකිතාක් ඉහළ ලංසුවලට අලෙවිකිරීම වෙළඳ දැන්වීම්කරණය තුළ කැපී පෙනෙන ලකුණක් වී තිබේ. එබඳු සාහිත්‍ය කෘතිවල සාහිත්‍යමය වටිනාකම කවර මට්ටමක පැවතියද හුදෙක් නාරිරුව යෙදීම ප්‍රබල ප්‍රචාරක උපක්‍රමයක් බවට නූතනයේ පත්ව ඇති බස්රථ පොළවල, දුම්රිය වේදිකාවල හා පදින වේදිකා ආදියේ අලෙවිය පිණිස ඇති එබඳු සාහිත්‍යකෘතිවල පිටකවර හා තාප්ප බිත්ති මත අලවා ඇති වෙළඳ දැන්වීම්වල ආකාරය අනුව පැහැදිලිව දැකගත හැකිය.මේ අනුව ඕනෑම බාල මට්ටමක සාහිත්‍ය කෘති වාණිජ වශයෙන් සාර්ථකව අලෙවිකරගත හැකි ප්‍රධානතම ප්‍රචාරක මෙවලම ලෙස ස්ත්‍රී රූපය සුලබව භාවිතා කරන අන්දම දැකගත හැකිය.යහමින් මුදල් ලැබේනම් අතමිට සරුවේ නම් ලාබාල යුවතියන්ද මේ ක්‍රමවේදයට තල්ලුවී යන අයුරක්ද නිරීක්ෂණය කළහැකිය.අයහපත් සමාජ පරමාදර්ශ අනුගමනය කිරීමට ඔවුහුද පහසුවෙන් පෙළඹීම මෙයට ප්‍රධාන හේතුවයි.පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන හෝ ජීවිතය, අනාගතය විනාශ කර ගෙන හෝ ලාබාල යුවතියන් මේවාට පහසුවෙන් ආකර්ශණය වන ආකාරයට විවිධ පෙළඹවීම්ද නූතන සමාජය තුළ ක්‍රියාත්මක වේ.සමාජ ජාලා සංස්කෘතිය මීට වගකිව යුතුය.ගොසිප් වෙබ් අඩවි,සමාජ ජාලා භාවිතයෙන් පාසල් සිසුවියන්ගේ ඉගෙනීම කඩාකප්පල්වී ඇත.

අද බාල, අවර ගණයේ සාහිත්‍ය කලා කෘති අලෙවි කර ගැනීමේ දී ප්‍රධානම ප්‍රචාරක උපක්‍රමය බවට පත්ව ඇත්තේ ස්ත්‍රී රුව යෙදීමයි. මේ තුළින් ස්ත්‍රිය මාතෘත්වය නිරූපණය කිරීමේ සංකේතයක් ලෙස පුරාණ සමාජයේ සිට පැවත පැමිණි විශ්වාසය හා ඊට සමාජයේ හිමිව තිබූ සමාජ අගය විනාශවී යයි. එසේම කිසියම් සාහිත්‍ය කලා කෘතියක අන්තර්ගතය උසස් හා විශිෂ්ට නම් ඊට ඉහළ සමාජ ඉල්ලුමක් පවතියි. එය වෙළඳ අගයක්ම නොවිය හැකිය. සමහර කෘතිවල වෙළඳ අගය පහළ මට්ටමක පැවතුනද එය එතරම් වැදගත් දෙයක් ලෙස නොතැකිය හැක්කේ විකිණෙන සෑම දෙයක්ම උසස් දේ නොවිය හැකි නිසාය. නමුදු සමාජ අගය තීරණය කිරීමේදී ලාභය එකම නිර්ණායකය ලෙස අදාළ කරගනී නම් එහි අලෙවිය පිළිබඳව විකුණුම්කරු හා නිෂ්පාදකයා සැලකිලිමත්වීම නොවැලැක්විය හැකිය. ඒ සෑම අවස්ථාවකදීම එම භාණ්ඩයට හෝ සේවාවට ඇති ඉල්ලුම සැබෑ ඉල්ලුමක්ද නොඑසේ නම් කෘතිමව නිර්මිතවූ ඉල්ලුමක්දැයි නිවැරදිව වටහා ගැනීම වැදගත්ය. මන්ද අද බොහෝවිට අධි ඉල්ලුමක් ලෙස අර්ථකථනය කරනුයේ විකෘති ඉල්ලුමක් හෙවත් මේ අයුරින් කෘතිමව නිර්මිත ඉල්ලුමකට වන බැවිනි. කෘතිම ඉල්ලුමක් කල් නොපවතියි. පවතින සමාජ ඉල්ලුම තීරණය කරනුයේ පවතින සමාජයේ ආකල්ප, අදහස් හා සම්මුති අනුවය. නූගතුන් බහුල සමාජයක උසස් සාහිත්‍ය කලා කෘතිවලට වඩා අවර ගණයේ කලා කෘතිවලට ඉහළ ඉල්ලුමක් පැවතිය හැකි වුවද ඒ ඉල්ලුම සඵල ඉල්ලුමක් හෝ ඵලදායි ඉල්ලුමක් ලෙස සැලකීම නිවැරදි නොවනු ඇත. ඒ වෙනුවට සමාජය ක්‍රමිකව උසස් රස වින්දනයක් කරා රැගෙන යා හැකි සාහිත්‍ය කලා කෘති සම්පාදනය කළ හැකි නම් එහිදී ඇතිවන ආකල්ප, අදහස් හා සම්මුති වඩා ස්ථාවර ගණයේලා සැලකිය හැකිවනු ඇත. නමුදු මේ රුපියල් සත වලට වඳින පුඳන ලෝකයක ඒ වෙනස කෙටි කාලයකදී ඇති කිරීම ඉමහත් දුෂ්කර කටයුත්තක් වනු ඇත.

පාසල්තුළ ජංගම දුරකථන රැගෙන පැමිණීමට ඉඩලබා නොදීමට නීති සකස් කළද ප්‍රායෝගික සමාජය තුළ එය කෙරෙන ආකාරයේ ගැටලු තිබේ.මුහුණුපොත් තුළ සැරිසරන පැවිද්දන්ගේ ප්‍රමාණයද නූතන සමාජයේ අධිකව ඇත. පැවිදි භූමිකාව තුළ රැකගත යුතු විනයානූකූල පැවැත්මද මේතුළ අභියෝගයකට ලක්ව ඇත.ලාබාල පාසල් යුවතියන් ජංගමදුරකථන භාවිතකර මුහුණු පොත බඳු සමාජජාල පරිහරණයට නූතනයේ අධිකව ප්‍රවේශවීමතුළ ස්ත්‍රී දුෂණ, ලිංගික අතවර, අපහරණවීම් මෙකල අධිකවී තිබේ.වයසට වඩා මෝරාගිය අත්දැකීම් ලැබීමට ලාබාල සිසු දැරියන්ගේ ඇති නොතිත් ආශාවද මේ තත්වය උග්‍රවීමට ප්‍රධාන හේතුවකි. මේ තුළ මවකගේ භූමිකා නිරූපණය කළද හැකිතාක් රූමත් සිරුරු හැඩතල ඇති ස්ත්‍රී රූප මවකගේ භූමිකාවට ආදේශවී ඇත.මේ අනුව ලාබාල නිරූපිකාවන් මව්වරුලෙස සිදු කරන රඟපෑම් වල තිබියයුතු මවකගේ අධ්‍යාත්මික සුන්දරත්වය වෙනුවට බාහිර සිරුරෙහි ආකර්ශණය කැපීපෙනෙන සේ ඉස්මතුව දක්වා තිබේ. එබඳු දැන්වීම්, කලාකෘති නරඹන ඕනෑම අයෙකුගේ සිත් තුළට ඇතිවන හැඟීම අධ්‍යාත්මික කාරුණික හැඟීම් නොව විකෘති හැඩතලගත් කාමුක සිතිවිලිමය. එලෙස පැවසුවේ පාපි සිතකින් නොවේ.සොරෙකුට සොරා යැයි කියනුයේ එසේ කියන පුද්ගලයා සොරෙකු නිසා නොව එබඳු අයගෙන් අන්‍යයන් බේරා ගැනීමට කළයුත්තේ වරද පෙන්වාදීම වන බැවිනි. මේ සමාජයේ වැරදි දෙයට වැරදි යැයි කීමටද දැන් දැන් හොඳ අයට නොහැකිවී ඇත.මන්ද එසේ කළවිට ඔවුන් සිදුකරන වරද පිලි නොගෙන පෙන්වන අයට ඒ වරදින් දමා ගසන බැවිනි. යහපත් චේතනාව පෙරදැරිව මෙබඳු දේ පෙන්වාදෙන අයටද මඩ ගසා නිග්‍රහ කර ඒ හඬ පහසුවෙන් යටපත්කර පහත්කුණු රසයම විකුණති.

නූතන වාණිජ අර්ථක්‍රමය තුළ ස්ත්‍රී සිරුර පමණක් නොව උතුම් මාතෘත්වයෙහි වටිනාකම ගැබ්විය යුතු සමස්ත ස්ත්‍රීත්වයම කාමය හුවා දැක්වීමේ වාණිජ මෙවලමක්වී තිබේ.මේ අනුව දැනුම, බුද්ධිය,ප්‍රඥාව උගත්කම, ගුණවත්කම අනුව ස්ත්‍රියකට හිමිවිය යුතු සැබෑ වටිනාකම වෙනුවට කාමයට මුල්තැන හිමි වීම නිසා ඇයගේ සැබෑ වටිනාකම පහතට වැටී ඇත.පාසල,විශ්වවිද්‍යාලය ආදී අධ්‍යාපනයට මුල්තැන ලැබිය යුතු ස්ථානවලදී පවා හුදු උගත්කමට වඩා රූපයට මුල්තැන ලැබීමතුළ කාමයට අද පවතින අධි උත්කර්ශනයේ සැබෑ ස්වරූපය කදිමට නිරූපණය වන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. පාලි භාෂාව ත්‍රිපිටක බුදු දහම අධ්‍යයනය,පර්යේෂණය සඳහා කැපවී ඇති විශ්වවිද්‍යාල,පර්යේෂණ ආයතවලට පවා මේ තත්වයෙන් මිදීමට නොහැකිවී ඇති වාතාවරණයක සෙසු විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන ගැන කතා කිරීම පවා නිෂ්පල ව්‍යායාමයක් ලෙස පෙන්වා දියහැක.පාලි හා ත්‍රිපිටක අධ්‍යයන විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණික උගතෙකු,පර්යේෂකයෙකු,බෞද්ධ මනෝවිද්‍යා පර්යේෂණ ග්‍රන්ථ කර්‍තෘවරයෙකු සේ පමණක් නොව ගුරුවරයෙකු සේ මට ඉඩලැබී ඇති භූමිකාවතුළ මට හැකි අයුරින් ඵලදායී මෙහෙවරක යෙදෙමින් පවතින ඉහතකී තත්වය පිළිබඳ අවංකවම කණගාටුවනවා හැරෙන්නට මේ සුවිශාල සමාජ පරිවර්තනය යළි ආපසු යහපත් අයට පත්කරවීම පිණිස වෙන කළහැකි වූ අන් දෙයක් මාහටද නැත. මන්ද එබඳු විශ්වවිද්‍යාල අධ්‍යයනය හා පර්යේෂණ ආයතනවලට අපගේ සේවය ලබාගැනීමට වඩා ලාබාල රූමත් ස්ත්‍රීරුවට, කාමයට ඒවායෙහි පවා මුල්තැන අද යුගයේ ලැබී ඇති බැවිනි.කොසොළ් රජු බුදුන් ධරමාන කාලයේදී දුටු සිහින සියල්ලක්ම සැබෑවන කාලයක අපට දිවිගෙවීමට සිදුව ඇති නිසාය.

කාමය හලාහල විෂක්,ගිනි අඟුරක්, සර්ප හිසක් ලෙස විග්‍රහකරන බුදුන්ගේ ඉගැන්වීම් කාමය,ඉන්ද්‍රීය ප්‍රීණනය ප්‍රධානතම හා එකම හරය කරගත් නූතන අධිපාරිභෝජනවාදී සමාජක්‍රමයතුළ ඇගයීමට ලක් නොවීමට ප්‍රධාන හේතුව කාමාශාවෙන් පෙළෙමින්, කාම පරිලාහයන්ගෙන් දැවෙමින් තැවෙමින් කරන කියන සෑම දෛනික කටයුත්තක දී ම කාමය උලුප්පාගත් සමාජයක කාමගරුක පිරිස් රහසේ යටිසිතින් ප්‍රතිපත්තිගරුක බුදුදහමට දක්වන දැඩි අකමැත්තයි.ඔවුන්ට අනුව සතර සතිපට්ඨානය,විදර්ශනා භාවනා ක්‍රම,සප්ත විශුද්ධි,ත්‍රිලක්ෂණ,ආර්‍ය්‍ය අෂ්ටාංගික මඟ, චතුරාර්‍ය්‍ය සත්‍යය ආදිය අදට නොගැලපෙන දේය. ඔවුන්ට අනුව අදට ගැලපෙන දහම රාත්‍රී සමාජශාලා දිවියත්, අඩ නිරුවත් විලාසිතාත්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයත්, අශ්ලීල අධිකාමසේවනයත්,අසම්මත පහත් ග්‍රාම්‍ය ඇවතුම් පැවතුමත් පමණකි.මේ සියල්ල කාමය උලුප්පා දක්වන නූතන සමාජ ඇගැයුම් බවට පත් කරවා තිබේ.නුතන ජනසන්නිවේදන මාධ්‍ය පවා මූලික අවධානය ලබාදී ඇත්තේ මෙබඳු නූතන සමාජ ඇගැයුම් සමාජගත කිරීමට මිසක නිවැරදි දේ සමාජයට ලබාදීමට නොවීම දැඩි අවාසනාවන්ත තත්වයකි.විශාල වශයෙන් මේ අංශයට ලැබෙන දැවැන්ත ජනමාධ්‍ය තල්ලුව මැද නිවැරදි බුදු දහම සමාජගත කිරීමට ස්වල්ප දෙනෙකු දරණ ප්‍රයත්නය විශාල අලියෙකු අබියස කූඹියෙකු හා සමානවූවකි.එසේ කරමින්ම විශාල සමාජ පරිවර්තනයක් පැතීම ද නිෂ්ඵලය. සමාජය මේ තරමින් හෝ විනාශයට තල්ලුවී නොදී තමන්ට හැකි ප්‍රමාණයකින් යහමඟට ගැනීමට කූඹියෙකු දරණ උත්සාහයට සමානව හෝ වෑයමක් දැරීමද කිසිදු දෙයක් නොකර සිටීමට වඩා නම් හොඳය. සැබවින්ම බුදු දහමට පක්ෂපාතීව මේ දැවැන්ත අධිපරිභෝජනවාදී කාමය ගරුක සුවිශාල සමාජ ආකල්ප ප්‍රවාහ සමඟ උඩුගං බලා සටන් කිරීමද අපට දැඩි වෙහෙසකි. නමුදු  සිතට සැනසීමකි. කාමය ගරුක ආකල්පවලට සමාජයේ මුල්තැන හිමිවෙද්දී කාමයේ ආදීනව පවසන්නාට ලැබෙනුයේ නින්දාව, ගර්භාව, නොසැලකිල්ල පමණකි. කාමගරුක ලොවක සැබෑ තතු විදසුන් නුවණින් දැක සිටින බැවින් කිසිදු දෙයකින් අකම්පිත බවේ අවබෝධය පමණක් අපගේ තනි නොතනියට සැමදා ළග සිටියි.

තාක්ෂණික උපකරණ අපගේ එදිනෙදා දිවි පෙවෙත සාර්ථක හා කාර්යක්ෂම කර ගැනීමට ප්‍රයෝජනවත් උපකරණ වේ. තාක්ෂණික උපකරණ භාවිතය නිසා විවිධ අංශවලින් අපට ප්‍රශ්න ඇතිවී ඇත. සෞඛ්‍ය, ආරක්ෂාව, ගුණ ධර්ම ආදී විවිධ අංශවල ගැටළු මේ හේතුව නිසා ඇතිව තිබේ. ප්‍රමාණවත් පරිදි කායික හා මානසික ව්‍යායාම නොලැබීම, විභාග රහස් පිටතට කාන්දුවීම, තොරතුරු විවිධ පාර්ශව වෙතට සන්නිවේදනය වීමෙන් හානිකර තත්ව නිර්මාණය වීම, හදවතේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව හා උපේක්ෂාව ආදී මානව ගුණ වියැකී යාම, යාන්ත්‍රීයකරණයවීම වැනි සෘණාත්මක බලපෑමක් තාක්ෂණික උපකරණ බහුල ලෙස සමාජ භාවිතයට එකතුවීම නිසා ඇතිව ඇත. අද අපි තාක්ෂණික ලෝකයක ජීවිතය ගත කරමු. වඩාත් මුලික වු වටිනාකම් පමණක් නොව වෙනත් භාවිතයන් නිසා තාක්ෂණය අද සමාජ ස්ථාවරත්වය විනාශ කරන දෙයක් බවට පත්වී තිබේ. එයට හේතුව තාක්ෂණය සහ විද්‍යාව සංයමයකින් තොරව ස්වාධීනව වර්ධනය වන අතර රාජ්‍යට පාලනය කළ නොහැකි වීමයි. බහු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා උපකරණ නිපදවිම සහ භාවිතය නිෂ්පාදන අර්ථය ඉතාම වු විට භයානක ප්‍රතිඑල අත්කර දී ඇත. අපට එවැනි අත්දැකීම් බහුලව හමු වන යුගයක් බවට අද දවස පත්වී තිබේ. ජංගම දුරකථනය ඇමැතුම් ගැනීමේ අර්ථයෙන් ඈත් කර සෙල්පි අර්ථයෙන් වෙ‍ළෙඳපො‍ළේ විකුණන විට එයට හසු වන පාරිභොගිකයා සෙල්පිය සඳහා ජීවිතය අවදානමේ හෙලා ගනී. අද අප එදිනෙදා භාවිතා කරන තාක්ෂණික උපකරණවල සිරකරුවන් වී ඇති අතර අතීත සමාජයේ තිබු සන්සුන් භාවය වෙනුවට අද අපට උරුම කර දී ඇත්තේ චලනය වන නොසන්සුන් සමාජයකි. ජංගම දුරකථනය විසින් සමාජය හැසිරවීමට හැකි පරිසරයක් ගොඩනැගීමෙන් වෙළෙඳපොළ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකරන සහ පෙනි සිටින පුරවැසියන් පිරිසක් බිහිවීමයි. මොවුහු සමාජ යුතුකම් හා වගකීම් වෙනුවට වෙළෙඳපොළ වෙනුවෙන් හැසිරීම හා වෙළෙඳපොළට ඇවැසි පරිදි හැසිරීම ඔවුන් විසින් ගොඩනඟා ඇත්තේ හුදු පුද්ගල විමුක්තිය කේවල ක්‍රියාකාරකම් වලින් සපයා ගන්නා තාක්ෂණික උපකරන වලින් පමණක් උදාකර ගත හැකි දෙයක් ලෙස වටහා ගැනිමෙන් පමණි. තාක්ෂණික උපකරණ දිනෙන් දින තම තාක්ෂණික හැකියාවන් විවිධාකාරයෙන් දියුණු කර ගනිමින් වෙළෙඳපොළ පුළුල් කර ගන්නා අතර මිනිසුන් විසින් ඉවක් බවක් නැතිව ඒවා මිලදී ගැනිමෙන් මානව සමාජයේ පැවැත්මට අවශ්‍ය නොවන තරම් මෙන්ම මානව සමාජයේ පැවැත්මට හානිකර ලෙස දිගින් සහ පළලින් තාක්ෂණය වර්ධනය වීමයි. සමාජ සංවර්ධනයේ රේඛීය ප්‍රගමණය වෙනුවට බරපතළ චලනයක් නිර්මාණය කර තිබේ. මේ චලනයේ ඇති අනතුර වන්නේ දිශාව තීරණය කළ නොහැකි වීමයි. හෙට දවසේ තාක්ෂණය විසින් මිනිස් අනාගතය කවර දිශාවකට දිශා ගත කරයිද යන ගැටලුව ඇති වී තිබේ.

ලාංකික අපට මෑත වසර විස්සේ අති වු තාක්ෂණික පරිවර්තනය විසින් සමාජ ස්ථායිතාවය බිඳ දමා ඇත්තේ ඒ අනුවයි. යුද්ධය විසින් වසර තිහක් තිස්සේ ආගාධයට ඇද දැමු සමාජය තාක්ෂණය විසින් තව දුරටත් එම ඇදවැටීම තීව්‍ර කරමින් සිටියි. මෙයට හොදම උදාහරණය වන්නේ රාජ්‍ය ආයවල සේවකයින් තම අන්තර්ජාල සහ දුරකතන පහසුකම් අව භාවිත කිරීමයි. දවසේ පැය ගනන් සමාජ වෙබ් අඩවි වල සැරි සැරීමත් පෞද්ගලික් දුරකථන සංවාද වල යෙදිමත් රටේ නිෂ්පාදනය කෙරෙහි බලපා ඇති බව රජය චෝදනා කරන්නේ මේ හේතු නිසාය . එසේම වර්ධනය වන අපරාධ සහ ස්ත්‍රී දූෂණ මෙන්ම ළමා අපචාර කෙරෙහි සෘජුවම වග කිව යුත්තේ දිනෙන් දින දියුණු වෙමින් මිනිසුන් අතට යන ජංගම දුරකථනයන්ය. ඒ මඟින් ලෝකයේ ඕනෑම ලිංගික වෙබ් අඩවියක් කරා ඇතුළුවීමට සහ පරිහරණය කිරීමට පාසල් සිසුන්ට පවා අවස්ථාව ලැබේ. තාක්ෂණය හරහා සමාජය විවෘත වීමේ අර්බුදය නිරාකරණය කර ගත යුත්තේ කෙසේදැයි අපිට අදහසක් නොමැත .කුලප්පු වු තාක්ෂණය මෙල්ල කිරීමට සංස්කෘතියට නොහැකිය. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ ලෝක පරිමාණයේන් සිදු කරන විවෘත වෙළඳාම විසින් වෙළෙඳපොළ උදෙසා සිදු කරන තාක්ෂණික සංවර්ධනයයි. ලෝකයේ ආහාර නිෂ්පාදනය කිරීම පවා අද වන විට බහු ජාතික සමාගම් විසින් තාක්ෂණය යොදවා සිදු කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉලක්ක කරගෙනය. සමහර අවස්ථාවල බීජ වෙ‍ෙළඳපොළ ඇති කර ගැනීම සහා තම සමාගමේ බීජ වල දෙවෙනි වර පැළවීමේ ගුණය විනාශ කරනු ලබයි. අවසානයේ තාක්ෂණය යොදවා සිදු කර ඇත්තේ ධනවතුන්ගේ සමාගම් ස්ථාවර කිරීමයි.

තාක්ෂණය සමඟ ලාභය එකට ගැට ගැසුණු කළ නිර්මාණය කරන්නේ මිනිස් අනාගතය අඳුරේ හෙළීමකි. සංවර්ධනය වන අප වැනි රටවල් සිදු කළ යුතු වන තාක්ෂණය දේශිය වශයෙන් රැකියා ඇති කිරීම සහ දේශීයව වැදගත් වන නිෂ්පාදන බිහි කිරීමට යොදා ගැනීමයි. ඒ වෙනුවට අප දැන් සිදු කරමින් සිටින්නේ තාක්ෂණය සහ වෙළෙඳපොළ සඳහා ඇති ඉඩ පුළුල් කර දීමෙන් නිදහසේ තාක්ෂණයට සහ වෙළෙඳපොළට හැසිරීමට ඉඩ කඩ ලබා දීමයි. ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ සෞභ්‍ය සහ ස්ථාවරත්වය වෙනුවට විනාශයයි. මෙයින් අදහස් වන්නේ සමාජයේ ගමන අඩාළ වීමකින් තොරව සිදු වන වෙනස් කම් අපට දරා ගැනීමට නොහැකි වී තිබෙන බවයි. තාක්ෂණය විසින් ඇති කර තිබෙන ගැටලුවලට පිළිතුර තාක්ෂණයේ කන්‍යාභාවය ගැන කතා කිරීමෙන් විසඳිය නොහැකිය. තාක්ෂණයේ පතිවත ආරක්ෂා කරගෙන හැසිරීමට බල කිරීම මඟින් පමණක් එය කළ හැකිය. හේතුව අපට තාක්ෂණය නොමැතිව ඉදිරි ගමනක් නොමැතිවාක් මෙන්ම පතිවත බිඳගත් අයාලේ යන තාක්ෂණයෙන් ද ඉදිරියට යාමට නොහැකි වීමයි. වඩා පුළුල් ලෙස විස්තර කරනු ලැබුවහොත් අද දවස් ලංකා භූමිය මත ක්‍රියාත්මක වන තාක්ෂණය සිදු කරනු ලබන්නේ සමාජයේ සැබෑ අවශ්‍යතා ඉටු කර දීමට සේවය කිරීම වෙනුවට වෙළෙඳපොළ අවශ්‍යතා ඉටු කරදීමයි. මෙහිදී පාලනයකින් තොර වීමේ සහ පාලනය නොකිරිමේ සාපය හිමි විය යුත්තේ මේ රටේ දේශපාලනයටයි. ණය උගුලේ සිරවීමෙන් ස්වෛරීභාවය සහ අනාගතය සැලැසුම් කර ගැනීමේ අවස්ථාව අහිමි කර ගත් ලංකාවේ දේශපාලනය න්‍යාය පත්‍රයක් නැති ක්‍රියාවලියක් බවට පත් කර ඇත. වසර ගණනක් තිස්සේ පිටරට සමාගම්වලට රුපියල් විස්සේ අන්තර්ජාල කාඩ් එකේ සිට විවිධ තාක්ෂණික මෙවලම් දක්වා සූරාකෑමට ඉඩ දීමෙන් රටෙන් පිටට මෙතෙක් ලබා දුන් මුදල් සම්භාරය කොපමණද?

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top