ව්‍යවස්ථාව නිසා රට ඛෙදෙනවා නම් මම ගෙදර යන්න ලෑස්තියි…

නව ව්‍යවස්ථාව හේතුවෙන් රට ඛෙදෙන්නේ නම් තමන් දේශපාලනයෙන් ඉවත්වීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂය යනු ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කිරීමට ඉඩ දෙන පක්ෂයක් නොවන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, —පිබිදෙන නිවිතිගල ග්‍රාමිය පාලම් ව්‍යාපෘතිය˜ යටතේ ප්‍රදේශීය සභා හිටපු මන්ත්‍රී කේ. ජි. පියසේන මහතාගේ යෝජනාවකට අනුව රුපියල් ලක්ෂ 450 ක වියදමින් ඉදිවන කහවත්ත මඩලගම බොළුකදුර පාලමට මුල්ගල් තැබීමේ උත්සවයට 207.11.03 දින එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —පහුගිය දේශපාලන අධිකාරිය කිව්වා කොළපාට ඇලජික් කියලා. කොළපාට තියෙන්නේ පරිසරයේ. කොළපාට පරිසරයේ පාට. අපි දේශපාලන කුහකකමකින් වැඩකරන්නේ නෑ. සියළු දෙනාම එක් වෙන්න ඕනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 13ක් හිටපු මහලේකම්තුමාව දිනවන්න වැඩකරපු අය අපිත් එක්ක මෙතන ඉන්නවා.

ඉතිහාසය දිහා බැලූවොත් ආසියාවේ තියෙන පරණම නීති ක්‍රමය තියෙන්නේ අපිට. ආදිම කෝච්චි පාර තියෙන්නේ අපිට. පරණම පාර කපලා තියෙන්නේ අපි. කොළඹ අලූත් කඩේ උසාවිය දිහා බලන්න, පරණ පාරිලිමේන්තුව, නගර සභාව, කෞතුකාගාරය දිහා බලන්න. මොනතරම් පරණ උරුමයක්ද අපිට තියෙන්නේ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ 12වන ශතවර්ෂයේ අපි මෙහේ ඉඳන් හාල් ටික බුරුමෙට ඇරලා තියෙනවා. ෙජ්.ආර්.ජයවර්ධන මහත්තයගේ කාලේ තමයි මේ රට ඉස්සරහට ආවේ. අපේ අයියා රත්නපුර පාරවල් ගොඩක් හැදුවා. මම ඒ කාලේ ඇහුවා මොකටද මේ තරම් පාරවල් හදන්නේ කියලා. එයා කිව්වා දවසක ඔයාට තේරෙයි කියලා. 77 ආණ්ඩුව ගන්නකොට මේ රටේ මිනිස්සු පාසල් ගියේ නෑ. අල බතල තමයි කෑවේ. එහෙම යුගයක් තමයි අපි පහුකළේ. ඒවා වෙනස් කළා විතරක් නෙවෙයි රැකියාත් ලබාදුන්නා. අවුරුදු 17ක් ඒකට ගියා. 94 ඉඳන් 2015 වෙනකම් අවුරුදු 20ක් රට ආපස්සට ගෙනිච්චා. මේ යන වැඩපිළිවෙල අපේ අගමැතිතුමා 2002 තමයි පටන් අරන් තිබුණේ. ඒ දේ කරන්න වුණේ නෑ නොහිතපු විදිහට 2004 ආණ්ඩුව විසුරවපු නිසා.

අවුරුදු 20ක් අපි ගෝති්‍රක යුගයට ගියා. වෛරය කුහකකම තණ්හාව නාස්තිය හොරකම දූෂණය පුදුම විදිහට වැපිරුවා. ඒ හේතුව නිසාම අපි පුදුම විදිහට ඛෙදුනා. ජාති ආගම් කුල විදිහට. වෛරවාදී දේශපාලනය කරපු පක්ෂ දෙකක් තමයි එකට එක්වෙලා තියෙන්නේ. සමහරු පොහොට්ටු පුම්බන්න කතාකරනවා. 2025 තමයි අපි තීරණය කරන්නේ මේ ආණ්ඩුව භාරදෙනවද කියලා. විදේශ රැකියා ඇමති විදිහට මට ඒ අමාත්‍යංශය ගැන ඉගෙන ගන්න අවුරුද්දක් විතර ගියා. අධිකරණ ඇමති විදිහට තවත් ටිකක් යනවා. ඒ ගැන පරක්කු කරන්නේ නෑ. ඒ අමාත්‍යංශයෙත් තවත් වැඩ වෙනවා ඉදිරියට. අපි මේ දේවල් කරන්නේ මේ රට ඉදිරියට ගෙනියන්න. අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි.

මම විදේශ රටවලට ගිහින් ආපහු එන්නේ හරි කණගාටුවෙන්. ඒ තරම් මේ රට පස්සට ගිහින්. ජනවාරි 8 වෙනිදායින් පස්සේ ගොඩක් අය හිතුවා අපි පළිගනියි කියලා. දේශපාලන මිනීමැරුම් වෙනකොට ජනතාව සන්සුන් කරපු විදිහ මම විතරයි දන්නේ. 97 නාලන්ද එල්ලාවල ඝාතණය වෙලාවේ මේ රටේ හිටිය දේශපාලන අධිකාරිය යු.එන්.පි ගෙවල් හොය හොය පුච්චපු හැටි අපිට අමතක නෑ. ඒ ගැන අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා.
හොඳවෙලාවට 99 මගේ අයියා හානි වුණ පුද්ගලයින්ගේ නම් හැන්සාඩ් ගතකරලා තිබ්බා. ඒ අයට අපේ අගමැතිතුමා වන්දි ගෙවන්න කටයුතු කරනවා. ඒ වගේ සිද්ධීන් අපිට වෙන්න ඕනි නෑ. අපි දුක් මහන්සි වෙලා ගෙවල් හදාගන්නේ. දුක් මහන්සි වෙලා ව්‍යාපාර ආරම්භ කරන්නේ. කාටහරි කරදරයක් කරලා ජීවත් වෙන්න හැදුවොත් ඒකට මේ ආත්මෙදිම පළදෙයි. අපි මෙහෙම වැඩකරද්දි ඇතැම් අය අපේ කකුළෙන් අදිනවා. ඒවට මගෙන් නම් ඉඩක් නෑ. කොච්චර ප්‍රශ්න ආවත් මම ඒවට කෙළින් මුහුණ දෙන කෙනෙක්. අවුරුදු 20ක් පිටිපස්සට ගිය රටක් ආපස්සට කරකවන එක ලේසි නෑ. මගේ නම ඉස්සරහා කතිරේ ගහලා අලියා ඉස්සරහා කතිරේ ගහපු අයට බය නැතුව මම කියනවා ෙජ්,ආර්.ජයවර්ධන මහත්තයා 77 පළමු අවුරුදු දෙකේ කරපු වැඩ කොටසට සමාන වැඩ කොටසක් කරලා තියෙනවා. බිලියන 10000ක් එක්ක රට භාරගත්තේ. ඒ දේවල් එක්ක පුදුම වැඩකොටසක් අපි ගම්වල කරලා තියෙනවා.

මට මේකේ රකින්න දේකුත් නෑ. අලූතින් හදාගන්න දේකුත් නෑ. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මැණික් කර්මාන්තයට අනාගතයක් හිමිවෙනවා. ඒකේ ගැටළුවක් නෑ. මාධ්‍යවේදීන් මරපු යුගය අවසන් වෙලා තියෙනවා, නඩුකාරයින්ට කතාකරලා තීන්දු වෙනස්කරපු යුගය අවසන් කරලා තියෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකරලා තියෙනවා. පොලිසියට ඕනෑවට වඩා ස්වාධීනත්වයක් දීලා තියෙනවා. රත්නපුර හිටපු නියෝජ්‍ය පොලිස්පත්වරු පුළුවන් තරම් මිනීමැරුම් එහෙම යටගහන්න උත්සහ කළා. 2015 රු.55, රු.54 දළු කිලෝඑක තිබුණේ. 2016 ඔක්තෝම්බර් මාසයේ ඉඳන් මිල නැග්ගා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ගංවතුරට හානිවුණ කුඩා තේවතු හිමියටත් අපි සහන දුන්නා. අපේ රාජකාරිය අපි හරියට කරනවා. මෛති්‍රපාල සිරිසේන මහත්තයට පවුල රකින්න, රට යනකොට ප්ලේන් එක පිරෙන්න 300ක් 400ක් අරන් යන්න නෑ. අගමැතිතුමා නිළ කටයුතුවලට විතරයි අරලිය ගහ මන්දිරේට යන්නේ. මේකේ කවුරුත් ආණ්ඩුවේ සල්ලි නාස්ති කරන්න ආණ්ඩුවේ සල්ලිවලින් පවුල් රකින්න නෑ. පොහොට්ටුවේ අය හෙට අනිද්දා ඇවිත් කියයි සාසනේ නැතිවෙන්න යනවා කියලා. අවුරුදු 2500 තිබ්බ සාසනේ නැතිකරන්නේ කොහොමද. ස්වාමීන් වහන්සේලාගේ අවවාද අපිට අවශ්‍යයි. උපන් දිනේට ලක්ෂ 600ක 700ක ප්‍රාඩෝ ලැබුණ හාමුදුරුවරු දැන් හොඳට කඩේ යනවා. ව්‍යවස්ථාව නිසා රට කැෙඩනවා රට විනාශයි කියලා ලොකු මත ගෙනියනවා. මම බෞද්ධයෙක් විදිහට අනිත් ආගම්වලට හිරිහැර කරන්න යන්නේ නෑ. පන්සිල් රැකගෙන මගේ ආගම අදහනවා. මේකෙන් කාගෙවත් සිංහල බෞද්ධකමක් නැතිවෙන්නේ නෑ. අපි ඔක්කොම එකතුවෙලා එක පවුලක් රජකරනකොට අනිත් දේවල් නැතිවෙනවා. පහුගිය කාලේ සමෘද්ධිය දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කරගත්තා. නිදහස් පක්ෂේට ඡන්දේ දෙන හැමෝටම සමෘද්ධිය ලැබුණා. යු.එන්.පි කාරයෙක් ෙජ්.වී.පී කාරයෙක් මොනතරම් අසරණ වුණත් සමෘද්ධිය නෑ. පළාත් පාලන මැතිවරණයට වසම්වල සේවය කරන රජයේ නිළධාරීන්ට ඉදිරිපත් වෙන්න ඉඩදෙන්නේ නෑ.

මේ ව්‍යවස්ථාව නිසා රට ඛෙදෙනවා නම් මම ගෙදර යන්න ලෑස්තියි. ඒ ගැන සැකයක් තියාගන්න එපා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කරන්න දෙන තැනක් නෙවෙයි. අපි ස්වාමීන් වහන්සේලාට නාම යෝජනා දෙන්නේ නෑ. අපිට කරන්න පුළුවන් උත්තරීතර ගෞරවය දීලා අපි උන් වහන්සේලා ආරක්ෂා කරනවා. අගමැතිතුමා සංස්කෘතික ති්‍රකෝණයේ සියළුම පන්සල්වලට ආධාර කරගෙන යනවා. අපි හාමුදුරුවරුන්ට ප්‍රාඩෝ පූජා කරන්න නම් යන්නේ නෑ. අපි රජයක් හැටියට බෞද්ධ ආගම ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා.˜ යනුවෙන් ප්‍රකාශ කළාය.

scroll to top