වසරකට කෘෂි අංශයේ රැකියා 350ක් ලබා දෙන්නැයි ලංකාව ඊශ‍්‍රායලයෙන් ඉල්ලයි

foreign-employ.jpg

2015 වර්ෂයේදී ඊශ‍්‍රායල් රැකියා 300ක් මෙරටට ලැබුණු අතර, එය මේ වසරේ 350ක් දක්වා වැඩි කරන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊශ‍්‍රායෙල් ආගමන විගමන අධිකාරියෙන් ඉල්ලා තිබේ.

අමාත්‍යතුමිය පසුගියදා ඊශ‍්‍රායලයේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී, අමාත්‍යතුමිය අමන් බෙන් අමී මහතා හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම කර ඇත.

මෙහිදී එරට ආගමන විගමන හා දේශසීමා අධිකාරියේ නිළධාරීන් සඳහන් කළේ, ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ඊශ‍්‍රායලයේ හොඳ ඉල්ලූමක් පවතින බවත්, එරට රැකියාවේ නියුතු ලාංකිකයින් හොඳින් සේවය කරන බවත්ය.

මෙම සංචාරය අතරතුර අමාත්‍යතුමිය එරට රැකියාවේ නියුතු ලාංකිකයින් මුණගැසුණු අතර, ඔවුන් සිය ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යතුමිය දැනුවත් කළහ.

අතුකෝරළ මහත්මිය ඔවුන්ගේ ගැටළු පිළිබඳ සොයාබලා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නාය.

මෙහිදී එරට සේවයේ නියුතු ශ‍්‍රමිකයින් විශේෂයෙන් ඊශ‍්‍රායල් සාත්තු සේවිකා පුහුණුව තවදුරටත් හොඳ මට්ටමකින් ලබා දෙන ලෙසද ඉල්ලීම් කළහ.

scroll to top