වරාය පිවිසුම් ගාස්තු අඩු නොකළොත් වරාය අඩපන වේවි – උද්ඝෝෂකයෝ ඇමතිට කියති

protest-1.jpg

අසාධාරණ ලෙස 4000% කින් පමණ වැඩිකරන ලද වරාය පිවිසුම් ගාස්තු වහා අඩුකිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා වරාය ඇමතිවරයා ඇතුළු බලධාරීන් කටයුතු නොකරන්නේ නම් සමස්ත වරාය ම අඩපන විය හැකි බව වරාය භාවිතාකරන්නන්ගේ සංගම් එකමුතුවේ සම කැඳවුම්කරු බී.අයි. ආබ්දීන් මහතා පැවසීය.

මෙම ගාස්තු අඩුකිරීමට බලකරමින් කොටුව ශඵඊ් අසල සිට වරාය පිවිසුම දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමෙන් පසු උද්ඝෝෂකයින් අමතමින් ඔහු මේ බව පැවසීය.

රු. 280 සිට 11778 දක්වා වැඩිකරන ලද පුද්ගල පිවිසුම් ගාස්තුවත්, රු. 365 සිට 13320 දක්වා වැඩිකරන ලද වාහන පිවිසුම් ගාස්තුවත් වහා හකුලාගැනීමට කටයුතු කරන ලෙසත් කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මේ සඳහා බලධාරීන්ගෙන් විසඳුම් නැතිනම් සියළු ක්‍ෂේත‍්‍රවල සේවකයින් හා එක්ව දැවැන්ත ක‍්‍රියාමාර්ග ඇරඹීමට සූදානම් බවද මෙහිදී ඔහු පැවසීය.

මෙම උද්ඝෝෂණය සඳහා සමස්ත ලංකා පෞද්ගලික බහලූම් ප‍්‍රවාහන වෘත්තිකයින්ගේ සංගමය, ශ‍්‍රී ලංකා නිදහස් රේගු නිශ්කාශන නියෝජිත හා නිලධාරීන්ගේ සංගමය, අන්තර් සමාගම් සේවක සංගමයේ වාප්පු ලිපිකරු ශාඛාව, එකිනන් ලංකා බහාලූම් ප‍්‍රවාහන හිමියන්ගේ සංගමය ඇතුළුව සංගම් නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

protest-2

 

scroll to top