වර්ෂාව පැවතුණත්, ලං.වි.ම. විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශයන්හි වාන් දොරටු විවෘත කරන්නේ නැහැ …

bowathanna.jpg

“පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ආපදාවන්ට ලක්වී ඇත්තේ විශේෂයෙන්ම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ තුන්කෝරලයේ දෙහි ඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප‍්‍රදේශයි. එනම් දෙහි ඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ සීමාවේ තිබෙන ගම්මානයි. දැනට වෙලංගල්ල ගමේ පාසල් දරුවන් දෙදෙනෙක් පස් කන්දකට යටවෙලා මියගිහින් තිබෙනවා. ඊට අමතරව අම්බලන්පිටිය මාර්ගයේ පස්කන්දක් නායයන ස්ථානය නරඹන්න ආව දෙදෙනෙක් යටවුණ බවටත් මේ දැන් වාර්තා වුණා. ඊට අමතරව ගංවතුර නිසා තල්¥ව, ඉහළ තල්¥ව, වෙලංගල්ල වැනි ප‍්‍රේදශවල අවම වශයෙන් පවුල් 2000කට ආසන්න ප‍්‍රමාණයක් අවතැන් වෙලා තිබෙනවා. මේ අවස්ථාවේ දිස්ත‍්‍රික් ලේකම්තුමත්, දෙහිඹ්විට ප‍්‍රාදේශීය ලේකම්තුමත් සමග සාකච්ඡුා පවත්වලා ආපදාව අවම කරගෙන ජිවිත ආරක්ෂා කරගැනීමටත්, වෛද්‍යාධාර හා පිසු ආහාරපාන ලබාදීමටත් සැලසුම් සකස් කරමින් පවතිනවා. මේ වනවිටත් තල්දූව නගරයේ ජල මට්ටම තවත් වර්ධනය වෙමින් පවතිනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ, කෑගල්ල දිස්ත‍්‍රික්කය මුහුණපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …

“විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වාන් දොරටු හැරීම නිසා ජල මට්ටම වැඩිවන බව ආරංචියක් පැතිර ගියා. අපේ ප‍්‍රධාන ජලාශවන මාඋස්සාකැලේ ජලාශයේ ජලමට්ටම මේ වනවිට 30.9%. කාසල්රිවල ජලමට්ටම තියෙන්නේ 36%ක. මේවායේ වාන් මට්ටමට ලගාවීමට තවත් විශාල ජල ප‍්‍රමණයක් අවශයයි. ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර සහ කැනියොන් ජලාශයන් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් මෙය කුඩා ජලාශයන්. ඒ නිසා ඒවා වාන් දැමීමෙන් පවතින ජල මට්ටම ඉහළ යාමට තරම් විශාල තර්ජනයක් එල්ල වෙන්නේ නැහැ” යැයි පැවසිය.

scroll to top