වත්මන් කාළගුණ හා දේශගුණ විපර්යාසයන්ට ප‍්‍රධාන හේතුව, පොසිල ඉන්ධන දහනයි

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව මේ බව ප‍්‍රකාශ කර සිටියේ කොළඹ දේවි බලිකා විද්‍යාලයේ සිසුවියන්ගේ විෂය සමගාමී කි‍්‍රයාකාරම් අගයමින් පැවති ‘සියපත් සම්මාන උළෙලට’ සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ලෝකයේ මනුෂ්‍ය වර්ගයා බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. එය තමයි පරිසරය අපට දරුණු බැට දීමක් කරන්න පටන් අරන් තිබෙනවා. අපේ රටේ එක පැත්තක අවුරුදු ගණනාවක් තිස්සේ නියඟය. තවත් පැත්තක ගංවතුර, මුහුදේ සුළි සුළං. මේ නිසා අප දිනපතා අපදාවට ලක්වෙමින් තිබෙනවා. ඒ වගේම සාගර ජලය ක‍්‍රමයෙන් ඉහළ නැං වෙමින් තිබෙනවා. සමහර රටවල් මුහුදට යටවෙමින් තිබෙනවා. සමහර ජීවින් වඳවෙමින් යන අතර තවත් සමහර ජීවින් සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. මේ සියල්ලම සිදුවන්නේ එක්තරා සංසිද්ධියක් මතයි. ඒ තමයි ගෝලීය උණුසුම ඉහළ යෑම. ගෝලීය උණුසුම වැඩි වූයේ මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් බව අප පිළිගත යුතුයි. සමහර රටවල් එය පිළිගැනීමට පවා අදිමදි කරනවා. ගෝලීය උණුසුම ඉහළ යාමට තවත් අතුරු සාධක ලෙස පෘතුවියේ ඇලය, ගමන් මග, අභ්‍යාවකාශයේ ඇතිවි ඇති විෂම තත්වයන්, සුර්යාගේ ඇති වී ඇති ලප වැනි තත්වයන් ගැන අවධානය යොමු කළ යුතුයි. නමුත් වර්තමානයේ පරිසරික අපදා තත්වයන්ට ප‍්‍රධාන හේතුව පොසිල ඉන්ධන දහනයයි.

වායු සමනය කළ කාමර, විදුලි අලෝකය මැද සිදුවන වැඩ බිම්, අහස උඩට ඉඳි වන ගොඩනැඟිලි ඉදිකිරිමි, යාන වාහන මේ සියල්ල පිටුපස ඇති බලගතු ශක්තිය තමයි පොසිල ඉන්ධන තෙල්, ගල් අඟුරු, ගෑස්. කාර්මික විප්ලවය නමින් යුරෝපයේ ඇති උනා කි‍්‍රයාවලියක්. එය ලෝකය පිසගෙන ගමන් කළා අදියර තුනකින්, අපේ දියණිවරු ඉන්නේ එහි තුන්වන අදියර අවසන් කර හතරවන අදියරට 2010 අවතීර්ණ වී සිටිනවා. අපගේ තරුණ වයස ගෙවී ගියේ කාර්මික විප්ලවයේ තුන්වන අදියරයේදීයි. මේ වන විට ලෝකය හතරවන අදිරේ ගමන් කරමින් සිටිනවා. කාර්මික විප්ලවය නිසා ලෝකය ඉතා වේගයෙන් වෙනස් උනා.

පළවෙනි යුගයේදී එනම් ක‍්‍රි.ව. 1760 දි යුරෝපයේ, විශේෂයේ එංගලන්තයේ මැන්චේස්ටස් ප‍්‍රන්තයේ යන්ත‍්‍ර මුල් වතාවට හදුන්වා දුන්නා. විශේෂයෙන් රෙදිපිළි කර්මාන්තයට අයත් යන්ත‍්‍ර. අපේ රටට විජය කුමාරයා පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටියා. චරකයෙන් එම චරකයෙන් කපු නුල් රාත්තලක් නිර්මාණය කරන්න මිනිස් පැය 200 ක් ගත කරන්න සිදු වුණා. නමුත් එංගලන්තයේ හාග‍්‍රියුස් නම් පුද්ගලයා කපු කටින යන්ත‍්‍රයේ ශ‍්‍රමයේ ඵලදායිතාව අට ගුණයකින් වැඩිකර යන්ත‍්‍රයක් නිර්මාණය කළා. මිනිස් ශ‍්‍රමය යන්ත‍්‍රයකට ආදේශවීම සිදු උනේ එතනින්. ඉන් අනතුරුව ජොන් ඞී රොකෆෙල්ර්, ඒ කාලයේ තිබූ තෙල් ප‍්‍රභල ඉන්ධනයක් බවට පරිවර්ථනය කරමින් තවත් විප්ලවයක් කළා. ස්ටෑන්ඩඩ් ඔයිල් හරහා ලෝකයේ ලොකුම ධනවතා බවට වසර 30 කදී ඔහු පත් උනා. එම කි‍්‍රයාවලියත් සමග ලෝකයේ ආර්ථික ක‍්‍රියාවලියෙන් 80% ක් තෙල්, ගල් අගුරු හා ගෑස් නිසා ඇති වූ අතර ඔහුගේ මේ පොසිල ඉන්ධන සොයා ගැනිමත් සමග සොයා ගැනීමත් සමග තමයි ලෝකය දැවැන්ත පරිසර අර්බුදවලට මුහුණ දෙමින් ගෝලීය උණුසුම ඉහළ යෑම සිදු වුණේ’ යැයි ද පැවසීය.

scroll to top