වත්මන් උමා ඔය ගැටළුව ඇතිවුණේ දේශපාලනඥයෙකුගේ පවිටු අදහස් ඉටු කරගන්න යෑම නිසා.’’ – අමාත්‍ය පාඨලී

Patali.jpg

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, නාගරික සංවර්ධන අධිකාරිය මගින් කූඹිච්චම්කුලම් හි ඉදිකරන ලද විනෝද කටයුතු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙම විනෝද කටයුතු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 52 ක් වැය වී ඇති අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සුඛිත පුරවර වැඩසටහන මගින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවිනි. මෙම උත්සවයට සමගාමීව ඇවිදින මංතීරු ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අනුරාධපුර ප‍්‍රදේශය සංවර්ධනය කරන්නට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ව්‍යාපෘති රැුසක් සිදු කරනු ලබනවා. ඉදිරි කාලයේදී මේ රටේ සංවර්ධනය වෙන්නේ හම්බන්තොට පමණක් නෙමෙයි, මේ රටේ ප‍්‍රධාන ආර්ථික කොරිඩෝව බවට පත් වෙන්නේ, ප‍්‍රධාන ආර්ථික කි‍්‍රයාවලිය බවට පත්වෙන්නේ, කොළඹ සිට ති‍්‍රකුණාමලයට තිබෙන නගර සහ ගම්මාන බව පැවසිය යුතුයි. එය තමයි අපේ ඉලක්කය. අලූත් මහාමාර්ග ඉදිවෙන්නේ, අලූත් දුම්රිය මාර්ග ඉදිවෙන්නේ, ඒ වගේම අලූත් නාවුක පථ, ගුවන් පථ ඉදිවෙන්නේ, හම්බන්තොටවත්, එසේ නැතිනම් අනෙක් නගරවලවත් නෙමෙයි ත‍්‍රිකුණාමලයත්, කොළඹ නගරයත් යාවෙන ආකාරයටයි. එනිසා අපි බලාපොරොත්තුවෙනවා කොළඹ ගොඩනගන මහා නගරය ති‍්‍රකුණාමලය දක්වාම ව්‍යාප්ත කරන්න. අනාගතයේ මේ මහා ආර්ථික කොරිඩෝව තමයි ලංකාව ඉදිරියට ගෙනයන ජවසම්පන්න කි‍්‍රයාවලිය වෙන්නේ.

මේ සංස්කෘතික ති‍්‍රකෝණය ආදී වශයෙන් හඳුනාගත්ත ප‍්‍රදේශය, ආර්ථික මර්මස්ථානය බවට පරිවර්ථනය වෙමින් තිබෙනවා. ඒ පරිවර්ථනය වීමෙන් මේ රජරට ප‍්‍රදේශය ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වෙච්ච නව රජරටක් බවට පත්වෙනවා විතරක් නෙමෙයි, ආසියාවේත්, මේ දකුණු ඉන්දීය කලාපයේත්, ඉන්දීය සාගරයේත් ප‍්‍රධානම මධ්‍යස්ථානය බවට අපේ රට අපි පරිවර්ථනය කරනවා. මේ ගොඩනගාගත්, එසේම ගෝත‍්‍රිකවාදී නැති මේ සමගි ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙනිහිල්ලා අපි 2020 දී හෝ ඉන් ඔබ්බෙදි මෙයටත් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමගි සම්පන්න, දියුණු මිනිසුන් සිටින ආණ්ඩුවක් රටක් මිසක්, පවුල්වල ගෝත‍්‍රික මිනිසුන් සිටින, පවුල් රකින, ගම විතරක් රකින, විදේශ බැංකුවල මුදල් තැන්පත් කරන, හැම සංවර්ධනයකින්ම කොමිස් ගහලා, මම හා මගේ පවුල රජකම් කරන කි‍්‍රයාවලියකට යෑමට ඉඩ නොදෙන බවත් රටේ සෑම දරුවෙක්වම ඔටුනු පලන්දන යුගයකට රට තල්ලූ කරනවා මිස, රට ආපහු හැරෙන්නැති බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

තවද, අද බණ්ඩාරවෙල ඇතිවෙලා තිබෙන උමා ඔයේ ගැටළුව, මේ රටේ උමං හදන්න ගියහම අනිවාර්යයෙන්ම ඔය වගේ ගැටළු පැන නගිනවා. මැතිණියගේ කාලේ මෛත‍්‍රීපාල සේනානායක මහත්මයා බෝවතැන්නට උමග හදනකොට ඔය ප‍්‍රශ්නෙම ආවා. ගාමිණි දිසානායක මහත්මයා කොත්මලේ හදනකොට ඔය ගැටළුව ආවා. ඉහළ කොත්මලේ කරන කාලෙත් ඔය ප‍්‍රශ්නෙ ආවා. සමනල වැව විවෘත කරන වෙලාවේ එහා පැත්තෙන් කන්ද කඩාගෙන ආවා. සමනල වැව එදාම වහල දැම්මා. හැබැයි වර්තමානයේ මෙය උනේ දේශපාලඥයෙකුගේ පවිටු අදහස් නිසා. මේ උමා ඔයේ වතුර ගියේ මහවැලියට. මේවා රන්දෙනිගලට, රන්ටැඹේට ගියේ. මේ වතුර ටික අරන් යන්න ඕන උනා මැදමුලනට ඒකයි හේතුව. ඒකට උමගක් හෑරුවා, වැල්ලවායෙන් පහළට වතුර අරගෙන ගිහිල්ලා හම්බන්තොටට අරන් යන්න. අනුරාධපුරේට, පොලොන්නරුවට, මහවැලියට එන වතුර ටික ගමට අරන් යන්න මහින්ද මහත්මයාට ඕනේ උනා. කවුරු අනතුරු ඇ‍‍ඟෙව්වත් එය ගණන් ගත්තේ නැහැ. එය දුන්නා ඉරානෙට එකට හතර ගුණයක් වැඩියෙන්. ඒ තාක්ෂණයන් සම්පූර්ණයෙන්ම වැරදියි. අද විශාල අනතුරකට ගෙවල් හත් අටදාහක් හසුවෙලා බණ්ඩාරවෙල නගරයම අනතුරට පත්වෙලා තිබෙනවා. පෙලපාළි යන්නේ කාට විරුද්ධවද? මෛත‍්‍රී – රනිල්ට විරුද්ධව. මෙය ඉතාම ආත්මාර්ථකාමී දේශපාලන අරමුණක් ඉටු කරන්න ගිහින් කර ගත්තු දෙයක්. මේවයේ පවු ගෙවන්න සිදුවෙලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

scroll to top