වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින්නා වූ ප්‍රදේශවල විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂිත පිරිසිදු ජලය නොමිලයේ ලබා දීම

Wihedasa.jpg

බුද්ධශාසන අමාත්‍යාංශය පුණ්‍යග්‍රාම ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරන අධ්‍යාත්මික හා සාරධර්ම සුරැකීමේ වැඩසටහන්වලට සමගාමීව ප්‍රජාවගේ යහපැවැත්මට අවශ්‍ය මූලික අවශ්‍යතා ලෙස සැලකෙන ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සඳහා ඇති මෙම ප්‍රවේශයන් සංවර්ධනය කිරීම උදෙසා ගරු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව උතුරු නැගෙනහිර බහුලව කතාබහට ලක්වන වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින්නා වූ ප්‍රදේශවල විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂිත පිරිසිදු ජලය නොමිලයේ ලබා දීම සඳහා ප්‍රතිආශ්‍රිතකරණ ජල පෙරණ යන්ත්‍ර ස්ථාපනය කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක විය.මෙම වැඩසටහනට සමගාමීව රඹෑව වනගොල්ලෑව බෝධිරුක්ඛාරාමයේ ප්‍රතිආශ්‍රිතකරණ ජල පෙරණ යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදල් පරිත්‍යාගයක් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන මහතා විසින් පසුගිය දා (2017.07.12 ) ගරු බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලබා දෙනු ලැබීය.

අමාත්‍යවරයා මෙම චෙක්පත ජලපෙරණ යන්ත්‍ර සවි කිරීම භාරව කටයුතු කරනු ලබන නාවික හමුදාවේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාට භාරදුන්නේය. ජල පෙරණ යන්ත්‍රය ස්ථාපිත කිරීමට නියමිත රඹෑව වනගොල්ලෑව බෝධිරුක්ඛාරාමාධිපති මිනින්තලේ සීලරතන හිමියන්, බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් චන්ද්‍ර ප්‍රේම ගමගේ, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ උපසභාපතිවරුන් වන අජිත් ධර්මවර්ධන, සුසන්ත බාලපටබැඳි, ප්‍රධාන ලේකම් කර්නල් සුදත් මඩුගල්ලේ, උප ලේකම් අරුණ ද සිල්වා භාණ්ඩාගාරික ප්‍රබෝධනී මාරසිංහ, නියෝජ්‍ය භාණ්ඩාගාරික මේජර් චන්ද්‍රසිරි විජේරත්න යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

scroll to top