ලෝක රතු කුරුස සහ රතු අඩසඳ දිනය මැයි 08

ලොවපුරා, සෑම වසරකදීම, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරය එහි මිලියන 17 ක් වන ස්වේච්ඡා සේවකයන් සහ කාර්ය මණ්ඩලයේ 450,000 ක ජාලයක් මාර්ගයෙන් මිලියන 160 කට වැඩි ජන සමූහයක් වෙත ලඟාවෙයි. ශ්‍රී ලංකාවේ පමණක්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මෙම සංවිධානයේ හවුල්කරුවන් සමග දේශීය අවශ්‍යතාවලට අනුරූපව සැකසූ විවිධ සහ නව්‍ය සේවාවන් මාලාවක් මාර්ගයෙන් සුරක‍ෂිත සහ ශක්තිමත් ප්‍රජාවන් ගොඩනගමින් වාර්ෂිකව මිලියන 3 කට වැඩි පිරිසක් වෙත මානුෂවාදී සේවා සපයයි. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය නොනැවතී ක්‍රියාකරන ස්වකීය ස්වේච්ඡා
සේවකයන් ගේ මහත් කැපවීම තුළින් උතුරේ ගැටුමෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් නිවහන් ඉදිකිරිමේ සිට රට පුරා ජනතාවට ප්‍රථමාධාර ලබාදීම දක්වා මෙම සේවා සපයයි.

ලෝක රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ නිර්මාතෘ, මීට වසර 189 කට පමණ පෙර උපත ලත් හෙන්රි ඩුනාන්ට්ගේ උපන් දිනයේදී, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.’රතු කුරුස ස්වේච්ඡා සේවකයෝ කැපවීමෙන් තම ශ්‍රමය, කාලය, මිඩංගු කරමින් සැම ප්‍රජාවක් තුළම පාහේ සිය සේවාවන් ඉටු කරති.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ දූත මණ්ඩල ප්‍රධානි ක්ලැරි මේටෘඩ් මහත්මිය පවසන්නේ ’මැයි මස 08 වැනිදාට යෙදෙන ලෝක රතු කුරුස සහ රතු අඩසඳ දිනය, කිසිවෙකු අතනොහැරෙන බවට වගබලා ගනිමින් අවසන් මොහොත දක්වාම උත්සාහයෙන් වැඩකරමින් දිනපතාම මනුෂ්‍යත්වය වෙනුවෙන් ඇති අපගේ කැපවීම අනුව ක්‍රියාකරන මිලියන ගණනක ස්වේච්ඡා සේවකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ දායකත්වය සහ ඔවුන් අත්කර ගෙන ඇති ජයග්‍රහණ පිලිගැනීමට ලක්කිරීමට අවස්ථාවක් වෙයි.

’පීඩාවන්ට ගොදූරුවීමේ අවදානම වැඩිවී තිබියදී වැඩකරන සංකීර්ණ පරිසරයන්හි අවශ්‍යතා ඇති ජනතාව වෙත ප්‍රවේශවීමට අපට ඇති හැකියාව නිරතුරුව වෙනස්වෙමින් පවතී. ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනයේ මෙරට පර්ෂදයේ ප්‍රධානි ලියොන් ප්‍රොප් මහතා කීය.—එහෙත් අපගේ ස්වේච්ඡා සේවකයන් සහ කාර්ය මණ්ඩලය අවශ්‍යතා ඇති ජනතාව වෙත ප්‍රවේශවීමට දේශීය විසදූම් සකස්කර ගැනීම පිණිස නිර්මාණශීලී සහ නව්‍ය මාර්ග සොයා ගනිමින් මෙම අභියෝගවලට මුහුණදී ක්‍රියාකිරීමට සහ යලි යථාතත්වයට පත්වීමට සූදානම්වීමට ඔවුන්ට උපකාර කරති.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය 1936 එහි ආරම්භයේ සිට එහි අන්තර් ආණ්ඩු සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාවේ වඩාත් පීඩාවටපත් ජනතාවට උදව්කරමින් සිටින අතර ඉදිරියටත් අඛණ්ඩව එම කාර්යයන් ඉටුකරනු ඇතග ජාත්‍යන්තර රතු කුරුස කමිටුව, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය, ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සමාජ 160 කින් සමන්විත ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරය වසර 150 ක් ඉක්මවාගිය කාලයක් මුළුල්ලේ මානුෂවාදී ක්‍රියාකාරකම්වල යෙදී සිටියි.

scroll to top