ලෝක ධනවතුන්ගේ ලැයිස්තුව එළියට

Bill-Gates.jpg

31 මාර්තු 2017 (විමසුම) – FORBES ලෝකයේ ලොකුම ධනවතුන්ගේ ලැයිස්තුව එලි දැක්වීම පසුගියදා සිදු කෙරුණා. එහිදී ඉහලින්ම සිටීමට නැවත වරක් බිල් ගේට්ස් සමත්වුන අතර ඔහුගේ වත්කම ලෙස ඩොලර් බිලියන 86 ක් ලෙස වාර්තා වුණා .දෙවැනි ස්ථානය කොටස් වෙළද පොළ ආයෝජකයකු වන වොරන් බුෆේ හිමි කරගෙන ඇති අතර ඇමේසන් ඩොට් කොම් හි ජෙෆ්ෆ් බෙසෝස් තුන් වැනි ස්ථානය හිමි කරගෙන ඇත අමෙන්සියෝ ඔටෙගා ,මාර්ක් සුකර්බෙර්ග් කාලෝස් ස්ලිම් ලැරී එලිසන් චාර්ල්ස් කොක් ඩේවිඩ් කොක් සහ මයිකල් බ්ලූම්බර්ග් පිලිවෙලින් 4,5,6,7,8,9,සහ 10 වන ස්ථාන හිමිකරගෙන ඇත

ෆේස් බූක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පළමු වතාවට 5 වන ස්ථානයට පැමිණ ඇති අතර පසුගිය මාස 12 තුල ඔහු ඉපයූ ඩොලර් බිලියන 11.4 මෙම ස්ථානයට ඔහුව රැගෙන ඒමට සමත් විය.එසේම වසර ගණනාවක් මුල් 05 අතර රැදී සිටි කාලෝස් ස්ලිම් මෙවර 6 වන ස්ථානය දක්වා පසු බැස ඇත

#1 Bill Gates $86 B
#2 Warren Buffett $75.6 B
#3 Jeff Bezos $72.8 B
#4 Amancio Ortega $71.3 B
#5 Mark Zuckerberg $56 B
#6 Carlos Slim Helu $54.5 B
#7 Larry Ellison $52.2 B
#8 Charles Koch $48.3 B
#8 David Koch $48.3 B
#10 Michael Bloomberg $47.5 B

scroll to top