ලාරස් මංගල්යය අවමගුලක් වේ

police-accident-crime.jpg

බේරුවල කතෝලික බැතිමතුන් වාර්ෂිකව බහුදින යත්රා මගින් ගොස් කරන ලද ආගමික කටයුත්තකදී උදෑසන එක් බහුදින යාත්රාවක් අනතුරට පත් වී පුද්ගලයින් එකොළොස් දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
බේරුවල ලාරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්යය අද (19) දිනට යෙදී තිබුණි. එහිදී කතෝලික බැතිමතුන් වාර්ෂිකව දේව ප්රතිමාව රැගෙන බෝට්ටු මගින් කළුතර සිරිකුරුස දේවස්ථානය කරා පැමිණ යළි බේරුවල ලාරස් දේවස්ථානය වෙත ගමන කරනු ලබයි.
අද (19) දින ද බහුදින යාත්රා 19කින් කතෝලික බැතිමතුන් දේව ප්රතිමාව රැගෙන බෝට්ටු පෙරහරේ යාමට පිටත්ව ඇත්තේ උදෑසන 9.30ට පමණය.මෙසේ ඔවුන් කළුතරට ගොස් ආපසු එමින් සිටියදී උදෑසන 10.00ට පමණ මෙම අනතුරට මුහුණ පා තිබේ. මෙම බහුදින යාත්රාවේ පුද්ගලියන් 35-40ක් අතර ප්රමාණයක් සිට ඇති අතර එය යාත්රවේ යාහැකි පිරිසට වඩා වැඩි පිරිසක් බව ප්රදෙශවාසි හු පවසති අනතුරට පත් වීමත් සමග සෙසු යාත්රාවන්හි සිටි පුද්ගලයන් මොවුන් බේරා ගැනීමට උත්සාහ දරා තිබේ.

scroll to top