ලංවිම එක් දින සංඛේත වැඩවර්ජනයක් පැවතුණත් අඛණ්ඩ විදුලි සැපයුමක්

Ranjith-S.jpg

“ශබ්ද නැගිය යුත්තේ උද්ඝෝශණය කළයුත්තේ
නිදාගෙන සිටින පාලක පිරිසකට.
නමුත් අපි සිටින්නේ සියළු ප‍්‍රශ්න පිළිබඳව දැඩි අවදානයකින්..,

“ලං.වි.ම. සහෝදර පිරිස් වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට එළඹෙන්නට හදනවා කියලා අපි දැනුවත් වෙලා ඉන්නේ. නමුත් ඒ සඳහා අවශ්‍ය විසඳුම් අපි සොයන්න අපි ඉතා වගකීමෙන් මේ වනවිට මැදිහත්වෙලා ඉන්නේ. ඒ සඳහා කමිටුවක් පත් කරලා මාස 06ක කාලයක් තුළ ඒ ගැටළුවට විසඳුම් සොයන්න අපි ක‍්‍රියාකරලා තිබෙන්නේ. අපි ඒ සහෝදරවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔවුන්ට අවශ්‍යනම් පාරිභෝගික ජනතාවට අවහිරයක් නොවන පරිද්දෙන් මේ විරෝධතා ක‍්‍රියාමාර්ගය ගෙනියන්න කියලා. මේ විදිහට උද්ඝෝෂණයෙන් අවදි කළයුතු තත්තවයක නෙමෙයි අපි ඉන්නේ. අපි ඉතාම අවදියෙන් සාධාරණ කාලයක් තුළ මේ සඳහා විසඳුම් ලබාදිමට සූදානමෙන් සිටින අවස්ථාවකයි ලංවිම සහෝදර පිරිස වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට පිවිසෙන්න හදන්නේ” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික වෘත්තීය සුදුසුකම් ලත් 400ක් පමණ පිරිසකට ලං.වි.ම. ස්ථීර පත්විම් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්, හෙට දිනයේ ලංවිම සේවක පිරිස් විසින් දියත් කිරීමට සූදානමින් සිටින වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා…

“අවුරුදු 30කට පස්සේ දරුණුම නියගයකට අපි මුහුණදීලා ඉන්නේ. අපේ මතයක් තිබුණා සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 30% කට වඩා ජල විදුලි උත්පාදනය අඩු මට්ටමකට පැමිණියොත් එදාට විදුලිය විසන්ධි කරන්න වෙනවා කියලා. නමුත් ජල විදුලි උත්පාදනය 7% කට වඩා අඩු මට්ටමකට පැමිණියත් අපි කප්පාදුවකින් තොරව විදුලිය සපයන්න ක‍්‍රියා කළා. කිසිම ගැටළුවක් වෙනුවෙන් අපි පෙරවදන් දෙන්න ඕන නැහැ. අපි සෑම තත්ත්වයක් යටතේම සියළුම අභියෝග ජයගන්න කණ්ඩායමක් හැටියටයි ඉදිරියට යන්නේ. ශබ්ද කල යුත්තේ උද්ඝෝශණය කළයුත්තේ නිදාගෙන සිටින පාලක පිරිසකට. නමුත් අපි මේ සෑම ප‍්‍රශ්නයක් කෙරෙහිම දැඩි උනන්දුවකින් කටයුතු කරනවා. අපිට ලොකු වගකීමක් තිබෙනවා. 25,000 ක පිරිසක් සිටින ආයතනයක් මේක. මේ සියළු දෙනාම තෘප්තිමත් කරන්න කටයුතු කරද්දි, භාණ්ඩාගාරය, කැබිනට් මණ්ඩලය, වෙනත් පාර්ශව ආදි සියළු පාර්ශවයන් සමග ගැටෙන්නේ නැතිව වඩාත් හොඳ ස්ථිරසාර ක‍්‍රියාමාර්ගයකට යා යුතුයි. ඒ සඳහා සාධාරණ කාලයක් තමයි අපි ලබාගෙන තියෙන්නේ. වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් ගන්න ප‍්‍රථම ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස මම මේ සහෝදරයින්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

scroll to top