‘ලංකා ප්‍රොපර්ටි ෂෝ 2017’ අතිසාර්ථක ලෙස නිමාව දකී

Lanka-Property-Show-2017-1024x836.jpg

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රමුඛතම වෙබ් අඩවිය වන LankaPropertyWeb.com සිය 10 වන සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කළ ‘ලංකා ප්‍රොපර්ටි ෂෝ 2017’ (Lanka Property Show 2017) – ප්‍රදර්ශනය මෙරට මෙතෙක් පැවති සාර්ථකම දේපළ වෙළඳාම් ප්‍රදර්ශනය බවට පත්වෙමින් පසුගියදා අවසන් විය. පෙබරවාරි 17 සහ 18 දෙදින තුළ කොළඹ හිල්ටන් රෙසිඩන්සස් හිදී පැවති මෙම ප්‍රදර්ශනයේදී මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති දියත් කිරීම් හා හඳුන්වා දීම් කිහිපයක් සිදුකෙරුණු අතර රටේ ඉහළම තලයේ දේපළ සංවර්ධන සමාගම් රැසක නියෝජිතයන් හමුවීමේ අවස්ථාවද ප්‍රදර්ශනය නැරඹීමට පැමිර්‍ණ අයට හිමි විය. පෙබරවාරි 17 වනදා පෙරවරු 10 ට පැවැත්වුණු ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ගරු රවි කරුණානායක, ගරු පාඨලී චම්පික රණවක සහ ගරු සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරු සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා රටේ දේපළ සංවර්ධනය සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුර්‍ණන් මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් LankaPropertyWeb.com වෙත සිය ප්‍රසාදය පළකළේ ය. එමෙන්ම රටේ ආර්ථීකයෙන් 30% කට වැඩි ප්‍රමාණයක් සමන්විත වන්නේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙන් ලැඛෙන ආදායමෙන් බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මෙහිදී විශේෂ සංවාදයක්ද පැවති අතර එහිදී ප්‍රධාන පෙළේ දේපළ සමාගම්වල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් විසින් රටේ දේපළ නියෝජිතයන් සහ දේපළ සංවර්ධන සමාගම් සම්බන්ධයෙන් වඩාත් විධිමත් රෙගුලාසි හඳුන්වාදීමේ වැදගත්කම අවධාරණය කරන ලදි. දේපළ ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රදර්ශනයකදී මෙබඳු සංවාද පැවැත්වීම නව පියවරක් වූ අතර, මෙම සංවාදයට සහභාගී වීම සඳහා බොහෝ දෙනා දැක්වූ උනන්දුවෙන් පෙනී ගියේ ක්ෂේත්‍රය පිළිබඳව දැනුම පුළුල් කරගැනීම සඳහා විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බවයි. මෙහිදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් නේවාසික සහ වාර්‍ණජ දේපළ ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා මෙන්ම Port City සහ Megapolis වැනි දැවැන්ත ප්‍රමාණයේ ව්‍යපෘති සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදි.

දැඩි කාර්යබහුලත්වය මැද වුවද ප්‍රදර්ශනයට විවෘත කිරීමේ අවස්ථාවට එක්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ට ස්තූතිය පළකළ ලංකා ප්‍රොපර්ටි වෙබ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුමන් මෙවැනි අවස්ථාවකට රටේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් තිදෙනෙකු සහභාගී වීම ක්ෂේත්‍රය තවදුරටත් දිරිගැන්වීමට හේතුවක් බව පැවසී ය. එමෙන්ම ඒ මහතා සිහිපත් කළේ වෙබ් අඩවිය ආරම්භ වී වසර 10 ක් ඇතුළත එය දැන්වීම් සහ පිවිසෙන පිරිස සම්බන්ධ සංඛ්‍යාලේඛන අනුව රටේ අංක එකේ වෙබ් අඩවිය බවට පත්වී ඇති බවයි. ඉදිරියේදීත් රටේ දේපළ සොයාගැනීමට, අලෙවි කිරීමට සහ කුලී පදනම යටතේ ලබාගැනීමට/දීමට පහසුම සහ ඉක්මන්ම තැන ලෙස ක්ෂේත්‍රයට සේවය සැලසීම තම ඉලක්කය බව ඒ මහතා අවධාරණය කළේ ය.

ප්‍රදර්ශනය තුළදී තමන්ට හිමිවූ අවස්ථා සම්බන්ධයෙන් ප්‍රදර්ශකයන් මෙන්ම නරඹන්නන්ද ඛෙහෙවින් තෘප්තිමත් වූ බව පෙනිර්‍ණ. මෙහිදී සුඛෝපභෝගී දේපළ මෙන්ම සාමාන්‍ය දේපළ අංශවලද ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් මූලික එකඟතාවලට එළඹීමට දෙපාර්ශ්වය සමත් වූහ. ප්‍රදර්ශනයට පැමිර්‍ණ අමුත්තන් අතර රටේ විවිධ සමාගම් හා ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන විධායක මට්ටමේ නිලධාරීන් රාශියක් සිටීම මෙහි ප්‍රදර්ශන කුටි ලබාගත් සමාගම්වල සතුටට හේතු විය. ප්‍රදර්ශනය තුළ විකුණුම් 5 ක් සාර්ථක ලෙස සම්පූර්ණ වූ අතර වෙන්කරවාගැනීම් රාශියක්ද වාර්තා වී තිබිර්‍ණ. මෙම දත්ත රටේ අනෙකුත් දේපළ ප්‍රදර්ශන හා සංසන්දනය කරන විට ඛෙහෙවින් ඉහළ අගයක් ගනී.

රටේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය මේ වනවිට වේගයෙන් පුළුල් වෙමින් පවතින අතර, එවන් ක්ෂේත්‍රයක සමාගම් හා ආයෝජකයන්ට එකිනෙකා හමුවීම සඳහා මෙවැනි වේදිකාවක් සපයා දීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ බොහෝ පාර්ශ්වවලින් ලංකා ප්‍රොපර්ටි වෙබ් සමාගමට ප්‍රශංසා හිමි විය. එමෙන්ම ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමේ වැදගත්කම ඔවුහු පෙන්වා දුන්හ. මෙම උනන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ලංකා ප්‍රොපර්ටි වෙබ් සමාගම පවසා සිටියේ මෙම ප්‍රදර්ශනයේ සාර්ථකත්වයෙන් පන්නරය ලබමින් ඉදිරියේදී තවදුරටත් රටේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට උරදීම සඳහා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

‘ලංකා ප්‍රොපර්ටි ෂෝ 2017’ ප්‍රදර්ශනය පිළිබඳව වැඩිදුර විස්තර සඳහා කරුණාකර 011 4 321348 දුරකථන අංකය අමතන්න. නැතිනම් www.lankapropertyweb.com/events වෙබ් ලිපිනයට පිවිසෙන්න.

scroll to top