ලංකා ප්‍රොපර්ටි වෙබ් 10 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශනයක් හා සංවාදයක්

Lanka-Property-Web-Event-01.jpg

ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙක් පිවිසෙන දේපළ වෙබ් අඩවිය වන LankaPropertyWeb.com වෙබ් අඩවියේ 10 වන සංවත්සරය වෙනුවෙන් ‘ලංකා ප්‍රොපර්ටි ෂෝ 2017’ (Lanka Property Show 2017) – නමින් විශේෂ ප්‍රදර්ශනයක් හා සංවාදයක් සංවිධානය කිරීමට එම සමාගම පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ දේපළ සම්බන්ධ විශාලතම ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී දින දෙකක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නවතම නිමැවුම් හඳුන්වා දීම මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම්වල නවතම ව්‍යාපෘති පිළිබඳ විස්තර එළිදැක්වීමද මෙහිදී සිදුකෙරේ. පෙබරවාරි 17 වනදා විවෘත කෙරුණු මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රමුඛ පෙළේ අමාත්‍යවරු කිහිපදෙනෙක්ද සහභාගී වූහ.

දේපළ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පුද්ගලයන්ගේ සහභාගීත්වය සහිතව, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ වත්මන් තත්ත්වය මෙන්ම අනාගත සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන විශේෂ සංවාදයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබීම මෙම ප්‍රදර්ශනයේ තවත් විශේෂත්වයකි.
ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ප්‍රොපර්ටි වෙබ් හි කළමනාකාර අධ්‍යක්ෂ දහම් ගුණරත්න මහතා පෙන්වා දුන්නේ දේපළ වෙළඳාම් අංශය සම්බන්ධයෙන් මෙතරම් පුළුල් ප්‍රදර්ශනයක් මීට පෙර මෙරටදී පවත්වා නොමැති බවයි.

‘ශ්‍රී ලංකාවේ යටිතල ව්‍යුහ සංවර්ධනය වේගයෙන් සිදුවෙමින් පවතිනවා. මෙම වේගයට සමගාමීව මෙරට දේපළ වෙළඳපොළ පුළුල් වීම අවශ්‍යයි. කොළඹ, ගාල්ල සහ මහනුවර වැනි ප්‍රධාන නගරවල ජීවන රටාවන් වේගයෙන් වෙනස් වෙමින් තිඛෙනවා. මේ ජීවන රටාවන්ට සමගාමීව වෙනස්වන ඉල්ලූම සපුරාලීමට අප සූදානමින් සිටිය යුතුයි.˜ ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

රු. මිලියන 10 සිට රු. මිලියන 100 දක්වා වන සුඛෝපභෝගී මහල් නිවාස පිළිබඳ වැඩිදුර විස්තර මෙම ප්‍රදර්ශනයේදී පාරිභෝගික ජනතාවට දැකබලාගත හැකි වේ. එමෙන්ම අනාගතයේ නිවසක් මිලදීගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට දේපළ වෙළඳාම් අංශයේ නියෝජිතයන් හමුවී තම අවශ්‍යතා පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව මෙහිදී උදාවනු ඇත.

ප්‍රදර්ශනය තුළ පැවැත්වෙන සංවාද මණ්ඩපයේදී වර්තමාන දේපළ වෙළඳපොළේ ස්වභාවය, මහා පරිමාණයේ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, කාර්යාලයීය ගොඩනැගිලි සම්බන්ධ නව ප්‍රවණතා සහ මෙරට දේපළ ආයෝජන අවස්ථා ආදිය සාකච්ඡාවට ලක්වේ. මීට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෝ රාශියක් සහභාගී වෙති.

RIU සමාගමේ 2017 වාර්ෂික දේපළ වෙළඳාම් වාර්තාවේ දක්වා ඇති ප්‍රධාන සොයාගැනීම් සම්බන්ධයෙන් එහිි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් මඩවල මහතා විසින් කරනු ලබන දේශනයක් සමගින් පෙබරවාරි 17 වනදා සවස 3.30 ට සංවාද මණ්ඩපය ආරම්භ වේ. කොළඹ මූල්‍ය නගරය සහ මහනගර ව්‍යාපෘතිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය සම්බන්ධ සංවාදයක් පස්වරු 4 ට ආරම්භ වනු ඇත. දේපළ වෙළඳාම් අංශයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් යුතුව එම අංශයේ වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය සම්බන්ධ සංවාදයක් එදින පස්වරු 5.30 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ වාර්‍ණජ දේපළ අංශය සහ එහි නව ප්‍රවණතා සම්බන්ධ සංවාදයක් 18 වැනි සෙනසුරාදා පෙරවරු 11 ට ආරම්භ වන අතර එය මෙහෙයවනු ලබන්නේ JLL Sri Lanka හි සුනිල් සුබ්‍රමනියම් මහතා විසිනි.

Iconic Galaxy, Ashkars Land Development, Capitol Twin Peaks, Dynasty, Affinity Homes, Capital Trust, Ekroma, Mr. T Real Estate, Global Housing, Prime Lands සහ RTI Homes යන සමාගම්වල ව්‍යාපෘති මෙම ප්‍රදර්ශනයේදී දැකබලාගැනීමට ජනතාවට අවස්ථාව ලැඛෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා 011 4 321 348 අංකයෙන් ලංකා ප්‍රොපර්ටි වෙබ් අමතන්න. නැතිනම් www.lankapropertyweb.com/events වෙබ් ලිපිනයට පිවිසෙන්න.

scroll to top