රේගුවේ වාහන ජාවාරමක් ගැන වෘත්තීය සමිති හෙළිදරව්වක්

vehicle.jpg

ටොයෝටා ප‍්‍රාඩෝ TRJ 150W මෝටර් රථ 189ක් රජයට විශාල මුල්‍යමය පාඩුවක් සිදු කරමින් රේගු පරීක්‍ෂණ පැවැත්වෙන අතරතුර වාහන ආනයන කරුවන්ගේ සංගමය හරහා නිදහස් කිරීම පිළිබඳ වහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා රේගු සේවා සංගමය රජයට අවධාරණය කරයි.

මෙම වාහන මගඩියේදී රජයට අයවිය යුතු බදු මුදල් පැහැර හැරීමට අමතරව අති විශාල විදෙස් මුදල් තොගයක් නීති විරෝධී ලෙස රටෙන් පිට කිරීමේ චෝදනාවටද මෙම වාහන ආනයනකරුවන්ගේ නියෝජිතයින් වගකිව යුතු බව රේගු සේවා සංගමය පවසයි.

මීට අමතරව ආනයනික වාහනවල මිල තීරණය කිරීමට අදාල ගැසට් පත‍්‍රයද ජාවාරම්කරුවන්ට වාසි වන අයුරින් වෙනස් කර තිබෙන බවත් මේ නිසා ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට රේගු නිලධාරීන්ට තිබූ අවස්ථාවද අහුරා ඇති බවත් රේගු සේවා සංගමය වැඩිදුරටත් පවසයි.

ජාවාරම්කරුවන්ට වාසිවන ලෙස නිකුත් කර ඇති 2015. 10. 22 දිනැති අංක 1933/16 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය අවලංගු කරන ලෙසත් අදාල වෘත්තීය සමිති ඉල්ලා සිටී.

මේ පිළිබඳව සාකච්ඡාවක් ලබාගැනීමට අදාල වෘත්තීය සමිතිය මුදල් ඇමතිවරයාගෙන් කළ ඉල්ලීම පහත පළ වේ.

Jayakody-2016.02.10
scroll to top