රිය ධාවනය පරෙස්සමින් අනතුරක් සිදුකල ලංගම රියදුරුට වසර 37ක සිරදඩුවම්

police-cell.jpg

21 මාර්තු 2017 විමසුම

වසර 16කට පෙර කුරුණෑගල මඩගල්ල පාරේ දියවේදී දී 14 දෙනකුට මරු කැඳවමින් තවත් හතළිහකට අධික ප්‍රමාණයකට බරපතළ තුවාල සිදුකළ ලංගම රියදුරුට කුරුණෑගල මහාධිකරණ විනිශ්චයකාර මේනකා විජේසුන්දර මහත්මිය වසර තිස්හතහමාරක බරපතළවැඩ සහිත සිරදඬුවම් නියම කළාය.
මිනිස් ජීවිත දාහතරක් මරණයට පත් කිරීම වෙනුවෙන් වසර විසි අටක සිරදඬුවම්ද, බරපතළ තුවාල සිදු කිරීම යටතේ වසර නවයහමාරක සිර දඬුවමකට විත්තිකරු යටත් කරනු ලැබිය.
අනතුර සිදු වූ වර්ෂ 2003 ජූලි මස හතරවෙනි දින එහි ගමන්ගත් මගීන් එකොළොස් දෙනෙකු එම අවස්ථාවේදීම මිය ගිය අතර පසුව එම මරණ සංඛ්‍යාව විසි එක දක්වා වැඩි විය. මගීන් හතළිහකට අධික ප්‍රමාණයකට බරපතළ තුවාල සිදුවිය.
අපරික්ෂාකාරී ලෙස බස් රථය පදවමින් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ නීතිපතිවරයා විසින් බස් රථයේ රියදුරු වූ හේරත් මුදියන්සේලාගේ ප්‍රේමරත්න නමැත්තාට එරෙහිව මෙහිදී මහාධිකරණයෙහි නඩු පවරා තිබුණි.බස් රථය දියාවේදී මී ගසක හැපී අනතුර සිදු විය .

scroll to top