රත්නපුර සමුලුවත් සාර්ථකයි…

PAFFREL.jpg

පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ 20 වන දිනය අද (01) යි. අද පෙරවරුවේ කෑගල්ල නගරයෙන් ඇරඹුණු රථ පෙළපාලිය අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, කුරුවිට නගර පසුකරමින් මේ රත්නපුර නගරයට පැමිණි අතර මේ වන විට රත්නපුර දිස්ත්‍රික් සමුලුව රත්නපුර නගර ශාලාවේදී පැවැත්වෙයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින් මෙහි වැඩමකොට සිටින අතර පාර්ලිමේන්තු හා ජනමාධ්‍යය කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පා.ම ජානක වක්කුඹුර, සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය භාණු මුනිප්‍රිය, ජනතා විමුක්ති පෙරමුණු රත්නපුර දිස්ත්‍රික් සංවිධායක පුෂ්පකුමාර දිසානායක මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින්ද ඊට සහභාගීවී සිටිති.

මෙහිදී දේශනාවක් සිදුකරමින් පූජ්‍ය ඕගංතැන්නේ ආනන්ද හිමිපාණන් වහන්සේ පෙන්වාදුන්නේ විනය රටේ සෑම අංශයෙහිම පිරිහී ඇති බවයි. එමෙන්ම ඊට පිළියම් සෙවිය යුතුව ඇති බවත් දේශපාලනඥයින් අරභයා මෙම තත්ත්වය භයානක බවත් පෙන්වාදුන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන්කොට සිටියේ මාර්තු 12 ව්‍යාපාරය විසින් රටේ දේශපාලන ක්ෂේත්‍රය පිරිසිදු කිරීම සඳහා දරණ උත්සාහය ඉතාම ප්‍රශංසනීය බවයි.

මෙම රත්නපුර දිස්ත්‍රික් සමුලුව සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා හා සර්වෝදය විධායක අධ්‍යක්ෂ නීතීඥ චාමින්ද රාකරුණා, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක යන මහත්වරුන් සහභාගීවී සිටිති.

scroll to top