රට ඉදිරි පිම්මක් පැනීමට ආර්ථිකයට වැලදී ඇති පවුල්වාදී ගමේවාදී ඒඩ්ස් රෝගය සුව කල යුතුයි

  • රාජ්‍ය අදායම වැඩි කර ගැනීමට ප්‍රාථමික ශේෂය ධනාත්මක කල යුතුයි.
  • සෘජු බදු 40% හා වක්‍ර බදු 60% අදායම පරිවර්තනය කල යුතුයි.
  • කටුනායක ගුවන් පථය හා කොළඔ වරාය ඉදිරි වසර සංවර්ධන ඉලක්ක ලගා වුවද වැඩි දියුණු කිරීම් සිදු වුයේ නිෂ්පල හම්බන්තොටයි.
  • පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරිම මගින් වාහන තද බදය 15% අවම කල හැකිය.
  • ප්‍රවාහන තදබදය හේතුවෙන් ලංකා ආර්ථිකයෙන් 15% බලපෑමක්.
  • බස්නාහිර පළාත තුල කසල රදවන 5 ස්ථාපිත කල යුතුයි.
  • නෙළුම් කුළුණු 9ක් රට පුරා ඉදිකිරීමෙන් සියළුව සන්නිවේදන ක්‍රියාවලිය විධිමත් කල හැකියි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ 2018 අයවැය දෙවන වර කියවීමේ විවාදය ඊයේ (11) දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වු අවස්ථාවට වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගියදා ඉදිරිපත් කල 2018 අයවැය යෝජනාව පිලිබදව සමස්තයක් ලෙස රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වය, ආර්ථිකයමය සමස්ථ බලපෑම සම්බන්ධව තම ප්‍රකාශය මෙහිදී ඉදිරිපත් කල අතර මෙම අයවැය හරහා කිසියම් දුරකට අපේ රාජ්‍ය අදායම වැඩි කර ගැනීමට, ප්‍රාථමික ශේෂය දශක ගණනාවකට පසුව ධනාත්මක පරිවර්තනය කර සමස්ත අයවැය හිගය කිසියම් දුරකට පාලනය කර ගැනීමට මෙන්ම ණය ගෙවීමට රාජ්‍ය අදායම දරන ප්‍රතිශතය පාලනය කර ගැනීමට මෙවර අයවැය තුලින් හැකියාව ලැබී තිබෙනවා.

බදු ප්‍රතිපත්තිය සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා,2014 දී මුළු බදු අදායම බිලියන 1050ක් වූ අතර 2018 දී යෝජිත බදු අදායම බිලියන 2034ක් වේ. වසර 3 වැනි කෙටි කාලයක් ඇතුලත ආණ්ඩුවේ රාජ්‍ය අදායම දෙගුණ කර ගැනීම ඉතා විශිෂ්ටයි. මේ සම්බන්ධයෙන් රජයට ජනපතිතුමාට, මුදල් අමාත්‍යංශයේ ක්‍රියා කල පිරිස් වෙත ප්‍රණාමය පිරිනැමීම කල යුතුයි. ඉතිහාසය තුල අනුක්‍රමයෙන් පහල ගිය බදු අදායම ඉහල මට්ටමකට ගෙන එම සදහා යෝජනාව මා 2016 දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර එය අයවැය කතාව තුලදී මා ප්‍රකාශ කලහ.1978 දී රාජ්‍ය අදායම රටේ දල ජාතික නිෂ්පාදනයෙන් 28.7% තත්වයක තිබු අතර 2014 වන විට 11% දක්වා කඩන වැටීමට ප්‍රබලම හේතු සාධකය වුයේ භාණ්ඩ හා සේවාවන් වලට ලබා දුන්
බදු සහන සැලකිය යුතු ප්‍රමාණයකින් බදු අදායම අහිමි වීමයි. බදු අදායම ශක්‌තිමත් කර ගැනීමට මෙවර 2014 සාපේක්ෂව දෙගුණයකින් වැඩිකර ගැනීමට හැකියාව ලැබී තිබේ.2020 පමණ වන විට අපගේ ඉලක්කය වන සෘජු බදු හා වක්‍ර බදු අදායම 40%,60% බවට පත කර ගැනීම තුලින් සාමාන්‍ය ජනතාව මත පැටවී තිබෙන වක්‍ර බදු අවම කර ගැනීමයි. සෘජු හා වක්‍ර බදු අදායම 18%,82% වන අතර සාමාන්‍ය ජනතාව මත බර තැබූ ප්‍රතිපත්තියක් මෙවර අයවැයෙන් තුල අන්තර්ගත වේ. මුදල් අමාත්‍යවරයා අනුක්‍රමයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ඉලක්ක කරා යනු ඇති බව විශ්වාස කරයි.

ආණ්ඩුවේ මුළු වියදම බිලියන 4079 වන අතර මුලික ණය කොටස් ගෙවීමට බිලියන 1150ක් හා පොලිය ගෙවීම සදහා බිලියන 820 පමණ වන විට සමස්ත ණය ගෙවීමට බිලියන 1970 අවශ්‍ය වේ.මෙය ඉතා විශාල මුදලක් වන අතර එය ජනගහනයෙන් බෙදු විට සැම පුරවැසියෙකුම රුපියල් ලක්ෂයකට අසන්න මුදලක් ලබන වසර ණය ගෙවීම සදහා වැය කිරීමට සිදුවන අතර එයින් 85,000 පමණ රාජපක්ෂ පාලනය විසින් ගත ණය ගෙවීමට යෙදවිය යුතු වේ. ලබන වසරේ ගෙවීමට තිබෙන ණය සංවර්ධනය උදෙසා ලබා ගත් ණය නොවන අතර 84% පමණ පසුගිය කාලය තුල ලබාගත් ණය වාරික වේ.2018,2019,2020 අපට විශාල වශයෙන් ණය ආපසු ගැනීමේ හැකියාවක් වර්ධනය වන අතර එය බිලියන 1900 ණය ගැනීමට සිදුව තිබෙන්නේ 2008,2009 කාලය තුල කරන ලද මහා පරිමාණයේ ලබා ගත බැදුම්කර හරහා ලබා ගත් ණය පුර්ණ භාවය ලගා කර ගැනීම සදහා 2018,2019 මේ අවස්ථාවට මුහුණදීම එෛතිහාසික තත්ත්වයක් තුල දේශපාලන ප්‍රශ්න නැගීම තුල ජන්ද වලට යාම නොව මෙම ආණ්ඩුව හා මුදල් අමාත්‍යංශය ඇද ගෙන යන්නේ මේ රටේ ඉතාම දුෂ්කර අවස්ථාවකයි.ලබන වසර වන විට සැම පුරවැසියකුම රුපියල් ලක්ෂයක් ණය ගෙවීම තුලින් තවත් ලක්ෂයක ණය ගැතියෙක් වන බව සියලුම දෙනා මතක තබා ගත යුතුය.මෙමගින් අප ඉගෙන ගන්නා පාඩම නම් සංවර්ධන ව්‍යායාමයන් සදහා ආයෝජන සිදු කිරීමෙන් වන්දි ගෙවන්නේ අහිංසක මේ රටේ ජනතාවයි.

කොළඔ වරාය ලබන වසර වන විට වරාය අධිකාරියේ හා වරාය පර්යන්තයේ උපරිම මට්ටමට ලගාවන නමුත්,අප සැදු හම්බන්තොට වරායට නැව් පැමිණෙන්නේ නොමැති අවස්ථාවක කොළඔ වාරයේ බටහිර, නැගෙනහිර පර්යන්ත වල වැඩ අවසන් නොකළ අතර වැඩ අවසන් කල දකුණු පර්යන්තය වරාය අධිකාරියට භාර නොදී චයිනා මර්චන්ට් සමාගමට ලබාදීම තුලින් වරාය අධිකාරිය අර්බුදයකට මුහුණ දී තිබේ.එක් අතකින් තරගකාරිත්වයට මුහුණදීම නොහැකි වීමත්, අනෙක් අතින් කොළඔ වරාය නවීකරණය නොකිරීමෙන් ලබන වසර වන විට වරාය අධිකාරිය බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත.එලෙස සිදු වුයේ නැව් නොයන හම්බන්තොට වරාය සැදීමට ගිය මුදල් වලින් කොළඔ වරායේ නැගෙනහිර, බටහිර පර්යන්ත සංවර්ධනය කලේ නම් ඉදිරි පිම්මක් වරාය ක්ෂේත්‍රය ලබා ගැනීමට තිබුණ අතර මෙලෙස අරමුදල් තුලින් අර්බුදයක් හට නොගැනීමටද අවස්ථාව තිබුණි. දශකයක් මුළුල්ලේ කටුනායක ගුවන් තොටුපලේ දෙවන ගුවන් පථයක අවශ්‍යතාව මතුව තිබුනද ගුවන් පථයක් නිර්මාණය වුයේ මත්තල ප්‍රදේශය තුලය.මොනරු සිටීම තුලින් මෙහි ගුවන් යානා ගොඩ බැසීමට නොහැකි අතර එම ගුවන් පථය කටුනායක තුල ඉදි කලේ නම් ලබන වසර වන විට ගුවන් යානා ධාරිතාව 275 පමණ සීමාවට ලගා විම තුලින් අමතර ගුවන් පථයේ අවශ්‍යතාව මේ වන විට මතුව තිබේ.පවුල් පාලනය ශක්තිමත් කිරීම හා ගමට ගුවන් තොටුපලක් සැදීමේ සංකල්පය තුල සිදු වූ නිෂ්පල දෙයකි.එය කටුනායක ඉදි කලේ නම් විශේෂ ගුවන් කේන්ද්‍රයක් බවට කටුනායක පත් කිරීමට හැකියාව තිබුණි.මිහින් ලංකා සමාගමට රජය විසින් බිලියන 5000 ගෙවීමට සිදුව තිබීමෙන් අසරණ අහිංසක ජනතාවගේ කර මත මේ සියල්ල පැටවී ඇත.

අරාබියේ ජනප්‍රිය කියමනක් වන “ලිංගික ක්‍රියාවලිය නිසා රෝග 02ක් බෝවන බවත්,එක රෝගයක් පවුල් වාදය හා අනෙක් රෝගය ඒඩ්ස් බවයි.”මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුල පවුල ගම ගොඩනැගීමේ ක්‍රියාවලිය අද මුළු රටේම ආර්ථිකයට ඒඩ්ස් වැළදීම සිදුවී ඇති අතර අසමමිතික සංවර්ධනයක් රට තුල
සිදු කිරීමෙන් හම්බන්තොට ජීවත්වෙන හය ලක්ෂයක පුරවැසියන්ගෙන් එක පුද්ගලයෙකුට ලක්ෂ 15 ආයෝජනය කල අතර රටේ අනෙක් සැම පුද්ගලයෙකුට වියදක් කර ඇත්තේ රුපියල් 75,000 පමණි.

පැරණි ණය, පැරණි පොලිය ගෙවීම නොව ආණ්ඩුවේ ප්‍රාග්ධනය වියදම් මගින් රාජ්‍ය අදායම් ,රාජ්‍ය වියදම් රටේ ප්‍රාථමික ශේෂය මගින් ධනාත්මක කිරීමේ අවස්ථාව ලැබී තිබෙන මොහොතේ පැරණි ණය අත්හැරීම තුලින් ආර්ථිකය වර්තමානය වන විට ආණ්ඩුවේ අදායම් වලින් ආණ්ඩුවේ වියදම් පියවා නව යුගයකට රට ගෙන යාමට 2017,2018 වසර තුල එම ඉලක්කයන් කරා යාමේ මුලික ආරම්භය තැබීමේ අවශතාව මතුව තිබේ.නිදහස ලැබීමෙන් 1අනතුරුව 950 පමණ වන විට සමස්ත අයවැය හිගය සෘන 0.45 වූ අතර 1953,1954 වන විට +2.5 දක්වා පරිවර්තනය විය.1978 වන විට -12.5 දක්වා විශාල ප්‍රමාණයෙන් ඉහල ගිය අතර එය අප විසින් ණය හිගය සෘන 4.5 දක්වා ගෙන ඒමට කටයුතු කරනවා.ඒ තුලින් බලාපොරොත්තු වන්නේ නිදහසෙන් පසුව තිබු රට වසර 70 පසුව නැවත මේ රජය විසින් ගෙන ඒමට බලාපොරොතුවයි. දෙවන සංගුණකය වන දළ දේශීය නිෂ්පාදිතය රාජ්‍ය ණය දරන අනුපාතය අඩු කර ගැනීමයි.එකල ජයසුන්දර මහතා විසින් ඉලක්කම් විද්‍යාව මගින් රාජ්‍ය ,අර්ධ රාජ්‍ය ආයතනවලට ණය බර පැටවීම තුලින් වරාය අධිකාරිය,ලංකා විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාවට යෝධ ණය කන්දක පැවරීමෙන් 70% දළ දේශීය නිෂ්පාදිතය ණය බර කියාය.පසුගිය ජනාධිපතිවරණයේදී මා ලියු “අලපාලු ආර්ථිකය”කෘතිය තුල ඔහු කෙසේද ණය හැංගුවේද යන්න සවිස්තරාත්මක ලෙස දක්වා තිබේ.1950දී රාජ්‍ය නය බර 19.5% වූ අතර 1989 වන විට 108%දක්වා ගමන් කර අද වන විට 79.3% දක්වා දෝලනය විය. අප විවෘත විගණනයක් තුලින් පාර්ලිමේන්තුවට , කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය 40% දක්වා ගෙන එම තුලින් රට ස්ථාවර වීම සිදුවේ.නමුත් මෙයම නොව රට ස්ථාවර කිරීමට වැදගත් සංගුණකය වන්නේ ආණ්ඩුවේ අදායමට වාර්ෂිකව ගෙවන ණය පිලිපදව තත්වයයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සංගුණකය අනුව 2017 ඔක්තෝම්බර් මාසයේ රටවල් 193කින් ශ්‍රී ලංකාව 159 ස්ථානයේ ණය ගැති භාවයෙන් සිටින අතර අද බංකොලොත් රාජ්‍ය වන ග්‍රීසිය ,අයර්ලන්තය රටවල් අපට වඩා ඉදිරියෙන් ණය ගැති භාවයෙන් සිටිනවා.

2013 වසරේදී 102% වූ රාජ්‍ය ණය ගෙවීම සදහා රාජ්‍ය අදායම මදි වූ අතර 2020 ඔබ්බට තිබෙන ආර්ථික ක්‍රියවලිය තුල අනුක්‍රමයෙන් 60% දක්වා අඩු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් සංවර්ධිත රාජ්‍ය වන ජපානය රාජ්‍ය ණය අදායමෙන් 240% ණය බර වුවද , රජය අදායමෙන් ඔවුන් වැය කරන්නේ 15% පමණි.පොලි අනුපාතිකය අඩු වීම තුලින් රාජ්‍ය ණය ගෙවීමට රාජ්‍ය ශක්තිමත්ය.2014 වසරේදී අගෝස්තු මාසයේදී නය ආපසු ගෙවීමේ අර්බුදය සම්බන්ධව ම විසින් කැබිනට මණ්ඩලයට ලේඛනයක් ඉදිරිපත් කල අතර එය සියලු දෙනාගේ දැනගැනීමට හැන්සාඩ් කර සභා ගත කිරීම කරන ලෙස නියෝජ්‍ය කතානායකගෙන් ඉල්ලා සිටියේය. මා 2016 දී ඉදිරි පත කල ලියවිලට සමාන ලියවිල්ලක් ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් හවුස් ජාත්‍යන්තර සමාගම ඉදිරිපත් කල තිබෙන්නේ අප රටේ ණය ක්‍රමයට යෝජනාවකි. 2020 වන විට මහා මැතිවරණ , ජනාධිපතිවරණ අවස්ථාවේදීද රාජ්‍ය ආයෝජනවලට බලපෑ සිමාවන් පැවරීමට සිදුවන බවයි.

අපගේ ව්‍යපාර පහසු කරන සංගුණකය තුලින් අප පහලට වැටි ඇති අතර අපට වඩා ව්‍යපාර පහසුවෙන් ආරම්භක කල නොහැකි ඉන්දියාව අපට වඩා ඉදිරියෙන් සිටියි.මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අප විසින් සේවා සැපයීමේදී දක්වන මැලිකම හේතුවෙන්වේ. අලුත් විදුලි සම්බන්ධතා, ජල සම්බන්ධතා,මල අපවහන සම්බන්ධතා ලබා දීමේදී ඇති අපහසුතාවයයි.රට තුල අහස උසට ගොඩනැගිලි ,අධිවේගී මාර්ග හා වරායන් සැදීම කලත් කොළඔ අවට ප්‍රදේශවල ප්‍රමාණවත් යටිතල හා මල අපවහන ප්‍රමාණවත් නොවීම හා බ්‍රිතාන්‍යන් 1866 එලන ලද පයිප්ප වලින් 40% පමණ පාඩුවක් ජලය අපතේ යාමෙන් ජල මණ්ඩලයටසිදු වේ. 960 km පමන වන ජාල නළ වල දිග ප්‍රමාණයෙන් 600 km ප්‍රතිසංස්කරණය කිරීම නොව මා මුදල් අමතය්වරයාගෙන් ඉල්ලා සිටිනවා 960km ප්‍රතිසංස්කරණය කොට ජල මණ්ඩලයට වන හානිය වැලැක්වීම හා විධිමත් ජාල සැපයුමක් ආයෝජකයන්ට කඩිනමින් ලබා දීමේ ක්‍රියාවලිය සිදු කරන ලෙසයි.මල අපවහන පද්ධතියද ඉතාම පැරණි අතර එය මුහුද හා සම්බන්ධ කර තිබෙන අතර එහි පැරණි තාවය මත වැසි ජලය සමග මුසු වීමට හැරීමෙන් ජාමේ බේරාගැනීමට හැකිව තිබේ.මධ්‍යගත මල අපහන පද්ධතියක් ඇති කිරීම කල යුතුය.

2018 වන විට අප නව විදුලි බලාගාරයකට නොයාම හේතුවෙන් විශාල අර්බුදයකට මුහුණදීමට සිදු වේ. 2019 වන විට විදුලි හිගයක් වීමෙන් පුද්ගලික විදුලිය ලබා ගැනීමට සිදු වේ. ලබන වසර වන විට විදුලි හිගය හේතුවෙන් බිලියන 47ක අමතර මුදලක් වැය කිරීමට සිදු වේ.මේ වසරේදී ද 100Mw ලබා ගැනීමට මිලියන 18000 වය කිරීමට සිදු වීම හේතුවෙන් අප මුලික අවධානය රටේ විදුලි ඉල්ලුම පහසු හා පරිසර හිතකාමී අයුරින් ලබාගැනීම අවශ්‍යවේ. මේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම ඕනෑ තරම් තිබුනද, ආයෝජනය කිරීමට තිබෙන මැලිකම හේතුවක් ලෙස හදුනා ගැනේ. කෙරවලපිටිය බලාගාරයට මහා භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු සෙවරින් ගැරන්ට් එක ලබා දීම ප්‍රමාද වීම තුලින් එහි තාක්ෂණික ඇගයීම් කමිටු , ටෙන්ඩර් කමිටු ජාතික අර්බුදයකට මුහුණදී තිබේ.සහාසික අපරාධයක් වන මෙය වහාම බලාගාරය ඉදිකළ යුතුය.නැතහොත් ඉන්ධන වලට පෝලිමේ සිටියා මෙන් විදුලි අර්බුදයක් පැමිණි විට ව්‍යපාර පහසු කරන ක්‍රියවලිය තවත් පසු පසට ගමන් කල හැකිය. එපමණක් නොව මෙවර අයවැයෙන් විදුලි මෝටර් රථ හා සැහැල්ලු මෝටර් රථ වල මිල ගණන් අඩු කිරීමට ගත පියවර හොද දෙයක් වන අතර පසුගීය අයවැයෙන් එය වැඩි කිරීම සිදු විය.නමුත් විදුලි මෝටර් රථවලට අවශ්‍ය විදුලිය ලබා ගැනීම සිදුවන්නේ සාමාන්‍ය විදුලි පද්ධතියෙනි. සවස 6.30- 9.30 දක්වා විදුලි බලාගාර ක්‍රියාත්මක වන්නේ ඩිසල් වලින් වේ. ඒ කාලය තුල විදුලි මෝටර් රථ චාජ් කිරීමට යාමෙන් විදුලි අර්බුදය තවත් වර්ධනය වේ.9.30 පසුව එය ලබා ගන්නේ නම් ප්‍රයෝජනවත් වන අතර ඒ තුලින් විදුලි බලාගාර ධාවනයට යන ඉන්ධන වැඩිපුර යෙදවීමට විදුලි මණ්ඩලය පාඩු සිදු නොවේ.

විදුලි කාර් මිල අඩු කිරීමෙන් විමෝචන ගැටලුව විසදුමක් ලැබෙන අතර අද දිල්ලිය සිදුව තිබෙන වායු දුෂණය හේතුවෙන් පාසල් වසා දැමීම,ගොඩනැගිලි ඉදිකිරීම්, වාහන ඇතුල් වීම නැවත තිබේ.එහි දුෂණය එක් මිනිසෙක් සිගරට් 44ක සමාන වේ.ලෝකයේ සෞඛ්‍ය සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුව දිල්ලියේ දුෂනය මෙන් 70 ගුණයකින් කොළඔ ඇති වීමට ගිය විනාශය මග හරවා ගැනීමට මා හා ඩලස් අලහප්පෙරුම මැතිතුමා එකතුව පරිසර අමාත්‍යංශය මගින් වායු විමෝචනය හදුන්වාදීම මගින් වසර 10 පසුව වායු විමෝචනය සංගුණකය අඩු නගරයක් බවට පත් වී තිබේ.කොළඔ වායු විමෝචනය අවම කිරීමට බැටරි කාර්වලින් නොහැකිය අතර අද කොළඔ තිබෙන ගැටලුව වායු විමෝචනය නොව,මාර්ග තද බදය ගැටලුවයි.පුද්ගලික වාහන වලින් මේ තත්ත්වය ඉහල යන අතර ඒ හේතුවෙන් පොදු ප්‍රවාහන සදහා අවශ්‍ය ප්‍රමුඛතා බස් මං තීරුවක් හදුන්වා දීම මගින් පොදු ප්‍රවාහන සේවය ඉක්මන් කිරීමට හැකි වී තිබේ.කොළඔ නගරයට මාර්ග 7කින් වාහන ඇතුල් වෙන අතර ගාළු පාර තුල ත්‍රිවිල්,මෝටර් රථ, මෝටර් බයිසිකල් 250ක් වෙනුවට බස් රථ 25 යෙදවීම මගින් විනාඩි 15 පමණ කාලයක් ඉතිරි කර ගත හැකිය.එපමණක් නොව පාර්ලිමේන්තු රාජගිරිය පාරට දිනකට 174,000 පමණ වාහන ඇතුල් වේ.පැයකට වාහන 250 ඉවත් කර ගැනීමට හැකිනම් විනාඩි 20 ඉතිරි කර ගැනීමට හැකිවේ. මෝටර් රථ වල මිල අවම කිරීමෙන් මධ්‍යම පාංතික ජනතාවට කිසිදු සහනයක් අත් නොයන අතර පොදු ප්‍රවාහනය මධ්‍යම පාංතිකයන්ට ගැලපෙන අයුරින් සකස් කිරීමෙන් ඔවුන් සතුටුවනවා පමණක නොව ලංකා ආර්ථිකයෙන් 15% වන ප්‍රවාහන නාස්තිය 5% දක්වා අවම කර ගත හැකිය. වුව හොත් මැනිලා, ජකර්තා වල සිදු වූ පරිදි 2020,2021 වන විට මුළු ආර්ථිකය කඩාවැටීම වලක්වා ගැනීමට නොහැකි වේ.

වත්මන් අයවැය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කල අමාත්‍යවරයා,මෙම යවය මගින් දුරකථන කුළුණු 1200 පමණ බදු අය කිරීම විශාල ගැටළුවක් වන අතර දුරකථන කුළුණු නිසා සිදුවන සෞඛ්‍ය ප්‍රශ්න ඇති වන බව මිත්‍යා කතාවක් වන අතර, මොරටුව විශ්වවිද්‍යලයෙන් එය සනාථ කර තිබේ.2008 වසරේදී පරිසර ඇමති ලෙස සිටින අවදියේදී මා ඉදිරිපත් කල සැම ස්ථානයකම කුළුණු ඉදිකිරිම වලක්වා ඒ අවස්ථාවේදී TRC මගින් ගෙන ආ යෝජනාව පිළිගෙන බ්‍රිතානයේ තිබෙන ක්‍රිස්ටල් ටවර් මෙන් ටවර් එකක් යෝජනා කිරීම මත නෙළුම් කුලුන සැදීමේ වැඩපිළිවල ක්‍රියාත්මක වූ අතර මා මුදල් ඇමතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ පොදු පහසුකම් ප්‍රවර්ධනය උදෙසා රට පුරා නෙළුම් කුළුණ වැනි ටවර් 9 සැදීම මගින් සියලුම ඇන්ටනා එකම තැනකට එක රාශි කිරීම තුලින් විධිමත් සැලසුමක් ඇති කිරීම සිදු කල යුතු අතර එය ක්‍රිස්ටල් ටවර්,ඩුබායි – අබුඩාබි ටවර් මගින් පරිසර හිතකාමී ගෙන ඒමය, නැතහොත් රටින් හාල්, පොල් ගෙන එම නොවන බවයි.

මා 2008 පරිසර ඇමති ලෙස සිටින අවධියේ පොලිතින් බද්ද ගෙන එමෙන් එකතු වූ මුදල් වෙනම ගිණුමකට බැර කල අතර, මා බලාපොරොත්තු වෙනවා මෙවර බදු මුදල් වලින් මිලියන 2000 පමණ කසල කළමනාකරණ උදෙසා අනිවාර්යෙන් යොදවයි කියා.කොළඔ නගරයේ කසල 1kg ප්‍රතිචක්‍රීකරණය උදෙසා රුපියල් 10 වය වන අතර මෙරට බිලියන 8-10 පමන යෙදවීමෙන් කසල කළමනාකරණය සිදු කල හැකි අතර පොලිතින් බද්ධ අදාල ආයතන වලට ලබා දීම තුලින් විධිමත් කසල රදවනයක් ඉදිකිරීමට මිලියන 500 පමණක් වැයවේ.බස්නාහිර පළාත තුල එවැනි කසල රදවන 5 ස්ථාපිත කිරීමෙන් මා සියලු දෙනාගේ විරෝධය මැද දොම්පේ සැදු සනීපාරක්ෂක කසල රදවනය ඇති කිරීමට හැකිවිය.අනෙක් පළාත් වලත් එවන් රදවන ඇති කල යුතුය.

මෙවර අයවැයෙන් බීර් මිල වැඩි කලද කිසිදු ලෙසින් කසිප්පු පාලනයක් සිදු වන්නේ නොමැති අතර චන්ද්‍රිකා ආණ්ඩුව මගින්ද මෙවන් පියවර ගත්තද පාලනයක් සිදු වුයේ නොමැත.අදායමක් අහිමි වන අතර, සමාජයේ තිබෙන මත්පැන් ප්‍රශ්නයට විසදුම මෙය නොවන බවත්, බීර් මිල එලෙසෙම තබා මත්ද්‍රව්‍ය ප්‍රතිශතය මත ක්‍රමවේදයක් තුලින් බදු ය කිරීමේ ක්‍රියාවලියක් ඇති කල යුතුයි. මෙවර අයවැය මගින් සමස්තයක් ලෙස රාජ්‍ය මූල්‍ය පාලනය කිරීම මගින් ණය ගැති භාවය අඩු කර ගෙන යාමට හා ආර්ථිකය ඉදිරියට යාමට සාර්ථක පියවර ගණනාවක් තබන වැදගත් යෝජනා රැසක් එක්තැන් වූ නිල හරිත ප්‍රතිපත්තිය තුල ප්‍රයෝගික ක්‍රියාවලිය තරමක් දුරට අවබෝධයෙන් සිදු කළාද යන්න ගැටළුව මතුව තිබෙන බවත්, එය විදිමත් කරණයට මාගේ යෝජනා ටිකත් එකතු කොට රටට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලන ඒඩ්ස් වැළදීමෙන් තොරව,පවුල්වාදී ගම්වාදී ඒඩ්ස් රෝගයෙන් සුව කරන ප්‍රතිපත්තිමය රාමුවක් තුල රට පුරා විධිමත් ආයෝජන තුලින් නැවත ආපසු ආයෝජන ලැබෙන පොදු ජන පොදු බදු ප්‍රතිපත්තියක් සකස් කර ඒ වෙනුවෙන් ක්‍රියාකිරීමට සැම දෙනාම කටයුතු කල යුතු බව ප‍්‍රකාශ කරනවා යයි’ පැවසීය.

scroll to top