රටේ නීතිය යු.එන්.පි කාරයටත් ශ්‍රී ලංකා කාරයටත් පොදු විය යුතුයි…

Thalatha.jpg

රටේ පවතින නීතිය මේ රටේ සියළු දෙනාට පොදුවිය යුතු බවත්, පසුගිය සමයේ නීතිය නොතකමින් කටයුතු කළ අයට ඉදිරියේදී අනිවාර්යෙන්ම දඩුවම් හිමිවන බවත්, අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, රත්නපුර දිස්ති්‍රක්කයේ ගංවතුර තර්ජනයෙන් වැඩිපුරම හානියට පත්වන ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා ඉතා අත්‍යාවශ්‍යව පවතින, ආපදාවක් සිදුවූ විගස පුද්ගලින් රැඳවීම සඳහා අවශ්‍ය කරන ආපදා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරිම වෙනුවෙන්, මධ්‍යම රජයේ මුදල් ප්‍රතිපාදන යටතේ ලක්ෂ 116 ක මුදලකින් රත්නපුර ඇලපාත ගිනිහිරිය ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන් භූමියේදී ආපදා රැඳවුම් මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, —අපි කිව්වා රජයෙන් උපදෙස් දීලා තියෙනවා ඉඩම් හොයාගන්න කියලා ලක්ෂ 4ක් ඛෙදුවා. කවුරුහරි පර්චස් 20ක් හොයාගත්තොත් එකපාර ලක්ෂ 4ක් දෙනවා. ලක්ෂ 12ක් දෙනවා ගෙදර හදාගන්න. කොයි ආණ්ඩුවද මේ දේවල් කරලා තියෙන්නේ. මීට ඉස්සෙල්ලා නායකයෙක් හරි ආණ්ඩුවක් හරි ආපදාවට ලක්වූවන්ට මේ තරම් ආධාර දීලා තියෙනවද. හැබැයි කතාකලොත් කියන්නේ ආණ්ඩුවක් ආවා මුකුත් නෑ කියලා. අවුරුදු 20ක් විපක්ෂයේ ඉඳන් පත්වුණාට පස්සේ එකපාරම දේවල් දෙන්න බෑ. විශේෂයෙන් අපේ පාක්ෂිකයෝ තමයි වැඩියෙන්ම මේ දේවල් කියන්නේ. අපි සහන දෙන්නේ අපේ පාක්ෂිකයින්ට විතරක් නෙවෙයි. සමස්ත ජනතාවට. සමහරු වැස්සකටවත් එළියට බැහැලා නෑ. කොලයක් ඛෙදන්න තියා හිතන්නේවත් නැති අය වතුරට යට වුණා. හැබැයි අපි ඔක්කොටම සලකලා තිියෙනවා. අපි කියන්නේ ඉඩම් හොයාගන්න. අධි අනාරක්ෂිතයි කියලා කියන අයට ගෙවල් හදාගන්න අපි ලක්ෂ 16ක් දෙනවා. දැනට 40ක් විතර හොයාගෙන තියෙනවා. තවත් 140ක් විතර ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඉඩම දෙන්න ඕනි වෙලාවක මම ගෙවල් 100ක් දෙන්නම් කියලා. නිවිතිගලට ආපදා ගම්මානයක් හැදෙන්නයි යන්නේ. හදන්න ඉඩම් නෑ. ඇයි අල්ලගෙන. වැව් රක්ෂිතය කියලා නෑ. ග`ග රක්ෂිතය කියලා නෑ. ඉස්සරහම ඉඩක් තියෙනවා නම් කොන්කි්‍රට් කෑල්ලක් අල්ලගෙන අටවගෙන ඒකට අයිතිවාසිකම් කියනවා. 2020 රජයක් හැටියට අපි ප්‍රතික්ෂේප කළාට කමක් නෑ. හැබැයි රටේ නීතියක් තියෙන්න ඕනි. නීතිය කාටත් වලංගුයි. යු.එන්.පි කාරයට එකක් ශ්‍රී ලංකා කාරයට එකක් කියලා නෑ. පහුගිය කාලේ වැරදි කරපු අයට ඉදිරියේදී නීතියෙන් දඩුවම් ලැඛෙයි.

පහුගිය දවසක ඉඩම් ඇමතිතුමා මෙහෙට ආවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති සියළුම ඉඩම්වල පළමු වටයේදී ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. හදිසියෙන් හරි පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළොත් මේ දේවල් නතර කරනවා. ඉතිරි අයට ඔප්පු ලබාදෙන්නේ මැතිවරණයෙන් පස්සේ. ඉස්සර වගේ අල, ළුෑණු, සිල්රෙදි ඛෙදලා ඡන්ද ගන්න ක්‍රමයක් මේ රජයේ නෑ. මේක පක්ෂයක් ගෙනියන රජයක් නෙවෙයි. අපි හැමෝම යහපාලනය ඇතිකරන්න ගෙනියන රජයක් මේක. කොහොමත් පෙබරවාරි මාර්තු වෙනකොට ඔප්පු ලබාදීලා අවසන් කරන්න හදනවා. අද කිසිකෙනෙක් සජිත් මහත්තයා හදන ඉඩම් ගැන කතාකරන්නේ නෑ. පහුගිය සතියේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ප්‍රදානත්වයෙන් අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා මේ රටේ ඉන්න සියළුම පාසල් දරුවෝ රක්ෂණය කළා. මේ රටේ ලක්ෂ 39ක් 40ක් වන සියළුම පාසල් දරුවන්ට රුපියල් ලක්ෂ 2ක් දක්වා මුදලක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබාදෙනවා. හදිසියේ දෙමව්පියන්ට කරදරයක් වුනොත් ඒකටත් රු.75000ක් දෙනවා. හැබැයි ගංවතුර ආධාර දෙනවා වගේ රු.10000 එකපාර දුන්නා වගේ දෙන්නේ නෑ. හරියට බලලා නීත්‍යානුකූලව ඒ දේවල් කි්‍රයාත්මක කරනවා. ගිය අවුරුද්දේ බිලියන 6ක මුදලක් ලංකාවේ තිඛෙන සියළුම පළාත් සභාවලට ඇරියා. සබරගමු පළාත් සභාවට එව්වා. අපි බිංදුවක්වත් අත දැම්මේ නෑ. පළාත් සභා පාසල් තමයි වැඩිපුර තියෙන්නේ. කරවිට ජාතික පාසල විතරයි මේ කොට්ඨාශයේ තියෙන්නේ. ඒකටත් ලක්ෂ 250ක බිල්ඩිමක් හැදෙනවා. එතකොට ලක්ෂ 500ක විතර වැඩකෙරෙනවා. ළ`ගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ හැම පාසලකටම පහසුකම් දෙනවා. කරංගොඩ විද්‍යාලයට මිලියන 25ක් එව්වා. ඒ පාසල තමයි ළ`ගම පාසල හොඳම පාසල ලෙස A ශ්‍රේණියේ පාසලක් ලෙස දියුණු කරන්නේ.

මේ හැම වැඩක්ම කරනකොට අපිට නොයෙකුත් චෝදනා එනවා. අද බලය ලබාගැනීමේ අරමුණක් තමයි හැමතැනම තියෙන්නේ. හැබැයි අපි ඕනිම වෙලාවක බලය අතඅරින්න සූදානම්. අපිට බලයේ ඉඳලත් පුරුදුයි නැතුව ඉඳලත් පුරුදුයි. රටේ ජනතාව තීරණය කරන්න ඕනි කොයි එකද වඩාත් හොඳ කියලා. තමන්ට ජීවත් වෙන්න හොඳ වටපිටාවක් තියෙනවා නම් හි`ගන්නෝ වගේ නිළධාරීන් පස්සේ ගිහින් එක එක ඒවා ඉල්ලන්න ඕනි නෑ. ලැබිය යුත්තාට ඒ දේවල් හරියට සාධාරණව ලබාදෙනවානම් අපි දේශපාලඥයෝ හැටියට මේ දේවල්වලට අතදාන්නේ නැත්නම් රටේ ජනතාවට සාධාරණය ඉටුවෙයි.˜ යනුවෙන් ප්‍රකාශ කළාය.

scroll to top