රටට සුදුසු ප්‍රවාහන ප්‍රතිපත්තියන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය

  • ප්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමේ නියමු වැඩසටහන මාර්තු 12 වෙනිදා.
  • පොදු ප්‍රවාහනය ස`දහා ජනතාව දිරිමත් කළ යුතුයි.
    – ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ ප්‍රමුඛතා මංතීරු හදුන්වාදීමේ නියමු වැඩසටහන පිළිබ`ද මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවකට එක්වෙමිනි. එය බත්තරමුල්ල, සුහුරුපාය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, වර්තමානයේදී බස්නාහිර පළාත් පදිංචිකරුවන් විසින් පමණක් දිනකදී සිදුකරන ගමන්වාර ගණන මිලියන දහය ඉක්මයි මින් 50] පමණගේ ගමනාන්තය වන්නේ කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවන අතර මෙම ගමන්වාරවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ පොදු ප්‍රවාහන සේවය හරහායි. අසූව දශකයේ 85] ක් පමණ දෙනා පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කළ ද දිනෙන් දින ඉහළ නගින පෞද්ගලික ආදායම් ප්‍රමාණ සහ පහළ බසින පොදු ප්‍රවාහන සේවයේ ගු=ණාත්මක බව හේතුවෙන් වර්තමානයේදී පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන පිරිස අඩුවෙමින් පවතී. මේ හේතුවෙන් පෞද්ගලික මෝටර් රථ, යතුරුපැදි භාවිතය සහ කුලී ත්‍රීරෝද රථ භාවිතය දිනෙන් දින ඉහළ යමින් පවතී. කෙසේ වෙතත්, එක් බසයක ගමන් කරන හතලිස් දෙනා එම ගමනට යෑමට පෞද්ගලික වාහන යොදා ගත හොත් එම වාහන සඳහා බස්රථ දහයක පමණ මාර්ග ඉඩක් අවශ්‍ය වන බව ස`දහන් කළේය.

දිනෙන් දින ඉහළ යන පුද්ගලික රථ වාහන ගණන හේතුවෙන් වැඩි ඉඩකඩ ඇති මාර්ගවල ඉල්ලූමක් ද මතුව තිඛෙන අතර කෙසේ වුවද, මෙම ඉල්ලූමේ සීඝ්‍රතාවයට අනුව ඉඩ ප්‍රස්තා ඇති මාර්ග ඉදිකිරීමට රජයට අපහසු කරුණකි. මාර්ග පුළුල් කිරීමටද ඉඩම් ලබාගැනීම අපහසු කරුණකි. ඉඩම් ලැබී තිබුණද මාර්ග වැඩිදියුණු කිරීම සඳහා කාලය ශ්‍රමය හා මුදල් වැඩියෙන් වැයවන අතර උමං හා ගුවන් මාර්ග ඉදිකිරීම සඳහා වැඩි ප්‍රාග්ධනයක් වැයවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.

රථවාහන තදබදය කොළඹට පමණක් සීමා වූ අර්බුදයක් නොවේ. සිංගප්පූරුව වැනි ලොව බොහෝ දියුණු නගරයන් ඉතා සූක්ෂම සැලැසුම් සහා වඩාත් සුදුසු ප්‍රවාහන ප්‍රතිපත්තීන් කි්‍රයාත්මක කිරීම තූළින් රථවාහන තදබදය නිමකරලීම සිදු කර ඇත. මීට අමතරව බැංකොක් සහ මැනිලා වැනි නගර ඉතා අධික වියදම් දරා අධිවේගී මාර්ග සහ දුම්රිය පද්ධතීන් හඳුන්වා දුන්නද නමුත් ඒවායේ සාර්ථකත්වය සීමා සහිතය. මේ අතර ලන්ඩන්, බොගොටා සහ සෝල් වැනි නගර බස්රථ සහ දුම්රිය උපයෝගී කර ගත් පොදු ප්‍රවාහන සේවය වඩාත් දියුණු කිරීම හා පෞද්ගලික වාහන හිමිකරුවන් පොදු ප්‍රවාහනය භාවිතයට යොමු කරවා ගැනීම තුළින් රථවාහන තදබදයට ඉතා සාර්ථක විසඳුම් ලබාගෙන ඇත.

ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරිමේ ප්‍රධාන අරමුණ වන්නේ දැනට නගරය තුළ ගමනා ගමනයේදී පෞද්ගලික මෝටර් රථයකින් ගමන් කරන්නෙකුට වඩා අඩු වේගයකින් එනම් පැයට කි.මි. 8 ක වේගයකින් පමණක් යන්නා වූ පොදු ප්‍රවාහන සේවයන් කෙරෙහි විශ්වාසය තැබූ පුද්ගලයන් හට සාධාරණය ඉෂ්ඨ කිරීම වේ. පාර්ලිමේන්තු මාර්ගය හා පරණ කෝට්ටේ මාර්ගය ආශ්‍රිතව හඳුන්වාදෙන මෙම බස්රථ මන්ත්‍රීරුව 2017 මාර්තු මස 17 වෙනිදා සිට කි්‍රයාත්මක වීමට නියමිත අතර කාර්ය බහුල වේලාවන්හිදී පැයක කාලසීමාවක් ඇතුළත බස්රථ 180 තුළ මගීන් 8000 ක් පමණ ගමන් කර ඇති බවට තක්සේරු කර ඇත. ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරිමෙන් සමහර මංසන්ධි සහ පදිකයන් මාරුවන ස්ථානවලදී මෙකී බස්රථ මන්තීරුවට වාසිදායක තත්වයන් ලබාදීමේ ඇති ඉඩකඩ නිසාම බස් මගීන්ට ඉක්මනින් ගමනාන්තය කරා ල`ගාවීමේ හැකියාව ඇති බවද වැඩිදුරටත් පැවසීය.

scroll to top