යකාට බයේ ජනතාව මුහුදට පනිනවා…

මුහුදෙ ගිලෙයි කියලා ආපහු යකා ගාවට එනවා

නොවැ 14, 2014 – මේ දිනවල මහින්ද පරදවමු යනුවෙන් හඬ නැගුව ද අවුරුදු හැට ගනණක්ම සිදු වී තිබෙන්නේ එකම සෙල්ලමක් යැයි ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි.

“දැන් මහින්ද පරද්දමු කියලා කතා කරනවා. ඕක තමයි අවුරුදු හැට ගානක්ම කරන සෙල්ලම. රෝහණ සහෝදරයා මේකට කිව්වේ යකාට බයේ ජනතාව මුහුදට පනිනවා. මුහුද ගිලෙයි කියලා ආපහු යකා ගාවට එනවා කියලා. ඕක තමයි හැමදාම කළේ.”

ඔහු එසේ පැවසුවේ එම පක්ෂයේ 25 වන ඉල් මහ සමරුව අමතමිනි.

“මේ අර්බුදයේ ඇතුළේ මොකා කඩා පාත් වුණත් ඒකාධිපතියෙකු විදියට අඳිනවා ඇරෙන්න වෙන උත්තර නැහැ. ජේ.ආර්.ගේ ඇඳුම දාගන්නවා ඇරෙන්න වෙන උත්තර නැහැ. මහින්ද එළවලා මේ ක‍්‍රමය ඇතුළේ මොකා ආවත් ඔය ඇඳුම් ටිකම ආපහු දාගන්නවා.”

“ජනතාවට සැබෑ ජයග‍්‍රහණ තිබෙන්නේ පුද්ගලයෝ මාරු කිරීම මත නෙවෙයි. මේ අසාධාරණ ක‍්‍රමයත් ඒක රකින පාලක පැලෑන්තියත් දෙකම පළවා හැරලා නව සමාජ ක‍්‍රමයක් නිර්මාණය කිරීමෙන් පමණයි.”

scroll to top