මේ ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ, හොරකම් කරන්න, මිනී මරන්න, මිනිස්සු රවටන්න නෙවෙයි

Thalatha-3.jpg

ජනතාව රජයට ජනවරම ලබාදී තිඛෙන්නේ හොරකම් කිරීමට, ජනතාව රවටන්න හෝ මිනී මැරුම් සිදුකිරීමට නොවන බවත් අධිකරණ අමාත්‍යවරිය වශයෙන් තම වගකීම වනුයේ රටේ පවතින නීතිය සැමටම එක සමාන කි්‍රයාත්මක කිරීම බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මැතිතුමාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ජනරජයේ මූල්‍ය අනුග්‍රහය මත රත්නපුර, කහවත්ත, හවුපේ —හරිතරන් නිවාස˜ යෝජනා ක්‍රමය යටතේ ඉදිකල නිවාස ජනතා අයිතියට පැවරීමේ උත්සවයට 2017.11.12 දින එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —වර්තමානයේ දේශපාලඥයින් එකතුවෙලා ජනතාව අතර හොඳ සහයෝගයක් ඇතිකරනවා. සිංහල බෞද්ධ, වතුකරයේ ද්‍රවිඩ ජනතාව අතර. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ද්‍රවිඩ නිළධාරීන් බඳවා ගන්න අවශ්‍ය වුණාම මම ඒ අවස්ථාව උතුරු ප්‍රදේශයෙන් බඳවා ගන්න විපක්ෂ නායකතුමාට අවස්ථාව දුන්නා. අපි අද මුළු රටම එක කොටසක් හැටියට වැඩකරන්නේ. අපිටත් ඕනිනම් පුළුවන් මේ රට ඛෙදන්න. පහුගිය කාලේ ජාතීන් හැටියට විතරක් නෙවෙයි, අඩු ආදායම් ලාභීන් හැටියට ලබාදෙන්න තියෙන සමෘද්ධි සහනාධාරය ලබාදුන්නෙත් දේශපාලනය බලලා. වතුකරයෙත් ඒ තත්ත්වය හොඳින්ම තිබුණා. වතුකරයේ ජනතාව තලා පෙළමින්, බයකරමින් තිබුණ යුගයක් තමයි අපි පහුකළේ. අද වතුකරයේ ජනතාව බොහොම නිදහසේ ජීවත්වෙනවා. එහෙම වෙනකොට ඕනි කුකුළෙකුට ඇවිත් මෙහේ හ`ඩලන්න පුළුවන්. ඒ කාලේ ඒ අය වෘත්තිය සමිතියට එකතු කරපු සාමාජික මුදල්වලින් සැපගත්ත විදිහ අපි දන්නවා. පාරවල් ඕනිම ආණ්ඩුවක් හදන්න ඕනි. නමුත් මේ රජය ඒක වෙනස් කළා. පාරවල් හදලා කොමිස් ගන්න ආණ්ඩුවක් නෙවෙයි මේක. සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහත්තයා පුළුවන් තරම් අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා. එතුමගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැති එතුමගේ පක්ෂයේ තරුණ පිරිස් සාමාජික මුදලින් සැපගන්න විදිහ විතරයි කල්පනා කළේ.

අපි මුදලට යටවෙලා අහිංසක මිනිස්සු පාගගෙන හිටිය යුගය අවසන් වෙලා තියෙනවා. ඒක සිංහලද, ද්‍රවිඩද, මුස්ලිම්ද කියලා නෑ. පහුගිය කාලේ රත්නපුරේ වතුවල තිබුණ තත්ත්වය කවුරුත් දන්නවා. හිතුන හිතුන විදිහට තමන්ගේ බූදලය වගේ ඉඩම් ටික ඇල්ලූවා. වතු සමාගම් ආරක්ෂා කරන්න ඕනි. වැවිලි කර්මාන්තය දියුණු කරන්න ඕනි. හෙට අනිද්දට වසර 200ක් වෙනවා. බි්‍රතාන්‍ය යුගයේ මේ රටේ ඇතිකරපු මේ වගාවලින් ඔවුන් ලාභයක් ගත්තා. නමුත් වසර 200ක් මේ රටට ලොකු ආදායමක් ලැබුනේ ඒ වගාවලින් තමයි. මේ රටේ කුඩා තේ වතු හිමියෝ ලක්ෂ 5ක් ඉන්නවා. අපි දකිනවා අද තේ කර්මාන්තයේ වෙනසක්. මේවායින් ආදායම් එන්න ඕනි. අද ලංකාවට වැඩිම ආදායමක් ගේන්නේ මගේ විදේශ රැකියා අමාත්‍යංශය. අහිංසක මිනිස්සු බොහොම සොච්චම් පඩියකට අරාබිකරයේ ගිහින් දුක් විඳිනවා.

2015 රු.56ක් වුණු තේ කිලෝ එක 2016 වෙද්දි රු.100ක් වුණා. අදටත් රු.90-95ක් වෙනවා. මේක අපි ඉදිරියට ගෙනියන්න ඕනි. මේ ක්ෂේත්‍රයේ දියුණුවත් එක්ක වැටුප්වල වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. මේ ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ හොරකම් කරන්න නෙවෙයි. මිනිස්සු රවට්ටන්න, මිනිස්සු මරන්න නෙවෙයි. අපිට වගකීමක් දිලා තියෙනවා. කාටවත් විශේෂ ලයිසන් එකක් නෑ. අධිකරණ ඇමති හැටියට මගේ වගකීම තමයි මේ රටේ නීතිය හැමකෙනෙක්ටම සමානව කි්‍රයාත්මක කිරීම. අපි ඒ දේවල් හරියට කරනවා. මේ රටේ සිව් කොණම එකම රජයක් යටතේ තියෙන්නේ.˜ යනුවෙන් ප්‍රකාළ කළාය.

මෙම අවස්ථාවට කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද එක්විය.

scroll to top