මෙන්න, උඩින් යන ලෝකයේ පළමු මෝටර් රථය (VIDEO)

ඔක් 17, 2014 (විමසුම) – වසර 20 ක පරීක්ෂණ මාලාවකින් අනතුරුව ලෝකයේ පළමු ගුවන් ගත විය හැකි මෝටර් රථය එළැඹෙන 29 වන දා ඔස්ට්‍රියාවේ දී එළි දැක්වීමට නියමිතයි.

AeroMobil ලෙස නම් කොට ඇති මෙම නව මෝටර් රථය මාර්ගවල නිරන්තරයෙන් පවතින වාහන තදබදය මග හරිමින් ගමන් කළ හැකි නව උපක්‍රමයක් බව එහි නිමැවුම්කරුවෝ පවසති.

ගුවනේ දී එක් පැයකට ලීටර 15ක ඉන්ධන දවාලන මෙම මෝටර් රථය මාර්ගයේ දී පැයට කිලෝමීටර් 160ක උපරිම වේගයකින් ධාවනය කරවිය හැකි අතර ගුවනේ දී පැයට කිලෝමීටර් 200ක උපරිම වේගයකින් ධාවනය කරවිය හැක.

කෙසේ වෙතත් නිෂ්පාදනය සඳහා සූදානම්ව ඇති මෙම මෝටර් රථය එදිනෙදා භාවිතයට ගැනීමට නම් තවත් වෙනස්කම් කිහිපයක් සිදු කළ යුතු බවයි මෙහි මෝටර් රථ නිෂ්පාදකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

17.10.2014 car 1 big

Flying Car

scroll to top