මූසල ආණ්ඩුවේ මූසල අවු.2 ගැන ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා වලට පිළිතුරු…..

Thalatha.jpg

මූසල ආණ්ඩුව ගෙදර යවමු කියලා ඒකාබද්ධ විපක්ෂය කරන චෝදනා පිළිබ`ද වැඩි තැකීමක් නොකරන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ස`දහන් කරයි. ඇය මේ අදහස් ප්‍රකාශ කලේ, 2017-08-19 වන දින ආරම්භ වූ අම්පාර දිස්ති්‍රක්කය ආවරණය කෙරෙන ශ්‍රමික සුරැකුම ජංගම සේවය වැඩසටහනට, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී එක්වෙමිනි.

එහීදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යතුමිය,

-මූසල ආණ්ඩුවට වසර දෙකය,ි මූසල ආණ්ඩුව ගෙදර යවමු කියලා ඒකාබද්ධ විපක්ශය රැලියක් සංවිධානය කරල තියනවා.ඒ ගැන ඔබතුමියගේ අදහස කුමක්ද.

මගේ අදහස නම් බොහෝම සන්තෝසයි. තවත් සංවිධානය කරන්න.රටේ මිනිස්සුන්ව උගස් කරලා. ණය කාරයෝ කරලා. ඉඩියමින් ගෙනගිය ප්‍රතිපත්තිය වගේ. පුලූවන් තරම් රාජ්‍යය ණය අරගෙන පාරවල් හදලා. වරායවල් හදලා. හොරකම් කරපු රජ පවුල මිනිස්සුන්ට මුකුත් කරන්නේ නැතුව මූසල කමක් පෙනුනේ නැහැ. දැන් වැඩ කරනු ආණ්ඩුවක් ඇවිත් තියනවා., බෝඩ් එකක් පෙන්න නැහැ. ජනපතිතුමාගේ අගමැතිතුමාගේ කටවුට් පේන්න නැති නිසා.මහජන නියෝජිතයිනගේ කටවුට් පේන්න නැති නිසා. දැන් කෑගහනවා. අපිට කාටවත් කිය කිය වැඩ කරන්න අවශ්‍ය නැහැ .මතයක් හදනවා. සමෘද්ධිලාභීන්ව ඊයේ පෙරේදා පාරට බස්සන්න හැදුවා.2011 පටන් ගත්ත සයිටම් එකට විරුද්ධව ඒක හරියට මෛතී්‍රපාල සිරිසේන මැතිතුමන් පටන් ගත්ත දෙයක් වගේ පාරට බැස්සුවා. රට වෙනුවෙන් වැඩ කළ රණවිරුවෝ පාරට බස්සලා තියනවා. උමා ඔය හදන්න පටන් ගන්නකොට කටවල් වහගෙන හිටපු අය ඒක නවත්තන්න කියලා බල කරනවා. මේක තමයි ලෝකෙට දෙන්න තිබුණු හො`දම උත්තරය. නිදහස යහපාලනය ඇති වෙලා තියනවා. ඕනිම කෙනෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුලවන් වෙලා තියනවා.අපි ඔය වගේ කතා ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ.

-විදේශ ගත වන ශ්‍රමිකයෝ දැන් ගොඩක් වෙලාවට එන්නේ මියගිහින් නැත්නම් ආබාධිතයෙක් විදියට. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ.

දැන් එන එක ගැන කතා කරන්නේ ඉසසර ආව එක ගැන කතා කරන්න අමතක වෙලාද රටේ අයට. විදේශ රැකියා සම්බන්ධව මීට ඉස්සර තිබුණු නැති ප්‍රවණතාවයක් රටේ ඇති වෙලා තියනවා. අපිට පුලූවන් හැම ශ්‍රමිකයෙක් ගැනම ඔිනිම වෙලාවක හොයලා බලලා කටයුතු කරන්න අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ගියාම. අපි දන්නවා මාධ්‍ය ආයතන එක එක්කෙනා වෙනුවෙන් කඩේ යනවා. අපේ කාර්යාංශය ඉස්සරහා උද්දඝෝෂණ කලා. අවයව නැතුව මිනියක් එවලා තියනවා කියලා. කම්බි ඇණ ගිලලා ඇවිත් තියනවා. දැන් ඔක්කකොම නැවතිලා තියනවා. කියාගන්න දෙයක් නැතුව මොනවාහරි කියනවා. විදෙස්ගත ශ්‍රමිකයෝ ගැන වැඩපිළිවෙලක් තියනවා. ඒ මිනිස්සු රටේ වැදගත් කොටසක් විදියට අද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කම්කරු අංශ වල ඒ රටවල් වල ඉන්න නිළධාරීන්ගේ මැදිහත් වීම මත අවශය කටයුතු ගොඩාක් කෙරෙනවා. මාධ්‍ය කතා කරන්නෙ නැති පැත්ත තමයි ඇයි අහන්නේ නැත්තේ කෝ අර ගල් ගහලා මරන්න නියම වුනු කාන්තාව කියලා. හැම තිස්සේම විවේචනාත්මක දේවල් වලින් බලන්න එපා. අපෙන් හරියට ඇහුවොත් අපි කළ දේ කියන්නම්.

-ඔබතුමිය පත්වුනාට පස්සේ යන ශ්‍රමිකයින් පිරිස වැඩි වෙලා තියනවා කියලද කියන්නේ.

නැහැ. ශ්‍රමිකයින් පිරිස වැඩි කිරීම අපේ රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ හො`ද පුහුුණුවක් තියන, හො`ද වැටුපක් ලබන ශ්‍රමිකයෝ පිටත් කරන්න. මේක තමයි වැඩිම ප්‍රමාණයක් ගියේ කියලා බැනර් ගහන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර විට අපේ කාලය තුල අඩු වෙන්න පුලවන්. මේ ශ්‍රමිකයින්ගෙන් යැපෙන රටක් බවට පත්වෙලා තියන එක අඩු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

පහුගිය කාලේ ශ්‍රමිකයෝ රට ගියා. ඒ මිනිස්සු එවන සල්ලි වලින් රට දුවනවා. ඒ අය වෙනුවෙන් මොකද්ද තිබුනු වැඩපිළිවෙල. ජනාධිපතිතුමා එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මේ ශ්‍රමිකයින්ගේ පවුල් වල සුභසාධනයට යමක් කරනවා කියලා ඇතුලත් කළ නිසා අද වැඩපිළිවෙලක් කි්‍රයාත්මක වෙනවා. රජයක් විදියට අපි සතුටු වෙනවා. ඊට අමතරව පුංචි ගණන් වලට රට ගිය ගෘහ සේවිකාවන්ට පවා අද අවම වැටුප ඩොලර් 300 ට නියම කරලා තියනවා. මේවා හැම එකක්ම මේ රජය ආවට පස්සේ කරන වැඩ.

scroll to top